"පුතා ඔයා කොහෙද යන්න හදන්නෙ.. අද නම් කොහෙවත් යන්න එපා.. දැනටමත් අර ළමයගෙ ගෙදර අය එන්න පිටත් වෙලා ඇති"
උදේම මේ කෑගහනවා ඇහෙන්නෙ වෙන කවුරුත් නෙමේ සස්මිතගෙ අම්මා.. අද සස්මිතට වෙඩින් ප්රපෝසල් එකක් අරන් එයාගෙ අනාගත සහකාරයා වෙන්න ඉන්න කෙනා එනවලුනෙ...
සස්මිත විදෙව් යුගාර්ත
වයස අවුරුදු 24ගෙදර අය කොල්ලො දෙන්නව බන්දන්න හැදුවට මොකද දෙන්නගෙන් එක්කෙනෙක්වත් තාම දන්නෙ නෑ තමන් බඳින්න ඉන්නෙ කවුද කියලවත්.. අඩුම දැනගන්නවත් උවමනාවක් දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් තිබුනෙ නෑ.. ඒකෙන්ම තේරෙනවනෙ දෙන්නා කොච්චර කැමතිද කියලා කසාදෙට....
සස්මිත ලෑස්ති වෙලා හිටියෙ අද අම්මගෙ කීම නිසාම නිවාඩුවකුත් දාපු එකේ ගොඩක් කාලෙකින් හම්බෙන්න බැරිවුන යාලුවො ටික හම්බෙන්න යන්න... ඒත් එයාගෙ අම්මා නිලන්තිගෙන් බේරිලා යන්න නම් කොල්ලට ටිකක් අමාරු වෙයි....
අම්මගෙ අණ කිරීම යටතේ ආයෙත් කාමරේට ගිය සස්මිත දඩාස් ගාලා මහ සද්දෙන් දොර වහලා පිටකරේ කසාද බඳින්න වෙන තරහද එහෙම නැත්තම් ඇවිදින්න යන්න බැරි වුන එකේ තරහද කියලා එයා දන්නෙත් නෑ....
කොල්ලට ඔෆිස් එකෙන් නිවාඩු හම්බෙනවත් අඩුයි.. ඉතින් නිවාඩු දවසට එයා බලන්නෙ නිදහසේ ඉන්න.. ඒත් ඒක එහෙමමද....
කොල්ලා නිවාඩු දවසට කලින් දවසෙ ප්ලෑන ගහන්නෙ නම් නිවාඩු නිසා යාලුවො එක්ක සෙට් වෙලා පිස්සුවක් නටලා රස්තියාදු ගහලා එන්න.. ඒත් වෙන්නෙ නම් ඒක නෙමේ.. ගෙදර ඉන්න දවස පුරාම එයා කරන්නෙ නිදාගන්න එක.. කන්න පවා එලියට එන්නෙ අම්මා ගිහින් දොර කඩන්න හැදුවොත් විතරයි....
සස්මිත වයස විසිහතරක කොල්ලෙක් වුනාට එයා හැසිරෙන්නෙ අවුරුදු විසිනවයක තිහක පරිණත කෙනෙක් වගේ.. හැමෝම ඉස්සරහා නෙමේ.. යම් පිරිසක් ඉස්සරහා...
අනිත් පැත්තෙන් සස්මිතගෙ වෙන්ඩ හස්බන්ඩ්.. එයා ගැන කිව්වොත් නම්.. ම්ම්ම්.. සීතල චරිතයක්.. කාට වුනත් දැකපු ගමන් හිතාගන්න පුලුවන් එයා මොන වගේ කෙනෙක්ද කියලා...
විශංක දිව්යාන් ප්රහර්ශ
වයස අවුරුදු 29විශංක එහෙම නැත්තම් එයාගෙ යාලුවො කියන විදිහට විශා කියන්නෙ සීතල චරිතයක් කියන එකට උපරිම සාධාරණයක් කරන මනුස්සයෙක්...
ඉක්මනින් කේන්ති යන කෙනෙක් වුනාට ඒ තරමටම එයාගෙ හැඟීම් නොපෙන්වා ඉන්නත් එයා හරි දක්ෂයි...
එයත් තාම දන්නෙ නෑ එයා මැරි කරන්න ඉන්නෙ කාවද කියලා.. අම්මලාගෙ කීමට එයත් මේ තමන්ගෙ වෙන්න හස්බන්ඩ්ව බලන්න එන්න හදන්නෙ....
එයා නම් කියන්නෙ ජීවත් වෙන කාලෙ බැඳීම් ඔලුවට දාගෙන හිරවෙලා ඉන්න බෑලු.. මොනවා කරන්නද.. ගෙදර මිනිස්සුන්ගෙන් බේරෙන්න බැරිකමට කෙනෙක්ව බලන්න යන්න වුනා.....
අලුත් කතාවක් ළමයි..
සමහර විට 🔞 සීන්ස් ගොඩක් තියෙන්න පුලුවන්...
කට්ටියගෙ ප්රතිචාර එක්ක කතාව මේල් ප්රෙග් කරනවද නැද්ද කියලා තීරණය වෙන්නෙ...
Kim Soowon🤍🌿