" හා හා.. අයේ ඕකට අත තියන්නෙ නෑ"
සාරන්ය විහිලු මූනක හදාගෙන කිව්වත් හිත ඇතුලෙන් ඒක කිව්වේ ඇත්තටම. මොකද රන්වීර් ගේ එක රෝම කූපයක් පවා සාරන්ය හිතින් එයාට උරුම කරගෙන ඉවරයි .
" අඩෝ සොරි බන් අයේ අල්ලන්නේ නෑ."
" අන්න ඒ බය තියාගනින්"
සාරන්ය ඒ පාරනම් කිව්වේ හිනාවෙවී.
" ඔක්කොටම කලින් කියපන් උබලා ඔක්කොම මොකටද දැන් මේ ලෑස්ති වෙන්නෙ"
රන්වීර් ඇහුවේ ඇස් පොඩි කර කර.
" ඔව් ඔව් මුලින් ඒක කියපන්කො."
සාරන්ය ත් රන්වීර්ට එකතු උනේ හේතුව දැන ගන්න.
" හරි ඒනම් මේකයි වැඩේ. අපි කස්ටිය කොහෙ හරි trip එකක් යමන්. අපි කොහෙවත් ගියේම නෑනේ. "
" අඩෝ එකනම් මරු වැඩේ. සිරාවට ම අපි සෙට් එක කොහෙවත් ගියේම නෑනේ."
ලලිදුත් අදහසට එකග උනේ විභාගයත් ඉවර කරලා ගෙදරට වෙලා ඉන්න නිසා.
" යමන් යමන් "
ගගනත් වචන දෙකෙන් එකග උනා.
" ඒවැඩේට නම් මාත් කැමති."
සාරන්ය ත් ඉතින් ඕන එකක්.
" රන්වීර් උබ මොකෝ කියන්නෙ"
" යමු බන්"
ලලිදු අහන කොට රන්වීරුත් කිව්වේ නිකන්මයි.
" හරි උබලා ඔක්කොම යන් කියලා අන්තිමට පොල්ල තියපන්කො බලන්න."
රසික එහෙම කිව්වේ බර ස්වරයෙන් .
" ඔක්කොටම කලින් කියපන් කොහෙද යන්නේ කියලා"
සාරන්ය ඇහුවෙ සාරන්යට තිබ්බ ප්රධාන ප්රශ්නය .
" තාම තැනක් නෑ ඉතින්. "
" ඒනම් මුලින් තැනක් දාගමු"
කට්ටියම කතා වෙලා අදහස් විමසලා පැය ගනන් වැඩේ සංවිධානය කරලා අනිතිමට උනේ කොහේටවත් නැති තැනක් දාගත්ත එක.
" හරි තැනත් හරි ඒනම්. දැන් යන දවස මොකද්ද?"
සාරන්ය එකෙන් එකට ප්රශ්න ඇහුවෙ හරිම උද්යෝගයෙන්.
YOU ARE READING
අසම්මත පෙම ( BL Story ) Unrequited love
عاطفية"අන්සතු ඔබ වෙත මගෙ හිත බැඳිලා ඔබ ගැන සෙනෙහස හිත තුල පිරිලා සම්මතයෙන් පිට ප්රෙමෙක වෙලිලා මග හැර යන්නට බැරිලෙස බැඳිලා" මේ කතාව ඔහු අන්සතු වීමට පෙර සිටම පෙම් කළ අයෙකු ගැනයි. ඉතින් අවසරයි මට දිගහැරුමට මෙම කතාව. ( මෙහි ගෙන එන සියලුම නම් ගම් මනඃකල්පිත...