3 වන දිගහැරුම

24 4 0
                                    








"තේෂ් නැගිටපන්කෝ..මේ කිරි එක බීලා හිටහන්"

දැන් මේ පැය කාලක් තිස්සෙ තරුල් එයාගේ යාලුවට කතා කරන්නේ අහීෂ් අරන් ආපු කිරි එක බොන්න වුනත් කොහෙද..මිනිහා තාම නිදි. දැන්මම නැගිටින පාටක් නෑ කොහෙත්ම. දැන් කතා කරල කතා කරලම තරුල්ටත් ඇති වෙලා ඉන්නෙ ඇරත් ඒ කිරි එකේ රසට තරුල්ට මේකත් බීලා දාන එක මහ වැඩක් නෙමෙයි ඒත් ඉතින් මේ අනුන්ගේ කිරි බීලා මොකටද නිකන් බොරුවට කතා අහන්නේ.

"තාම නැගිට්ටෙ නැද්ද..??"

ඔන්න ඒ පාර අඩුපාඩුවත් ආවා. ඉතින් අහීෂ් ආපු ගමන්ව ඇස් යැවුවේ තාමත් මේසෙ උඩ එහෙමම තියන කිරි එකට.

"මූ දැන්ම නැගිටින පාටක් නෑ අයියෙ..!!"

තරුල් කිවුවේ ඇඳේ එහා පැත්තෙන් වාඩි වෙන ගමන්.

"හිතුවක්කාරකම නම් තියේ නේ මොනා නැතත්..!!"

පෙරේදා.. ඉතින් පෙරේදා අම්මයි තාත්තයි ඇවිත් පුතාව දාලා ගියත් හරි ඒ පුතා තමන්ට දාපු ලොකු සයිස්වලට හරියන්නම අද අහීෂ් ඒ කතාව කිවුවේ කට කොනින් නෝන්ඩි හිනාවකුත් දාගෙනමයි. මොකද එයා දන්නවා අදාල කෙනා මේ වෙනකොටත් නැගිටලා ඉන්නේ කියලා කිසි සද්දයක් නැතත්.

"ඔයාගේ කටට මසුරන් දාන්න වටිනවා අයියේ ඒ කියපු කතාවට..!!"

තරුල් ඒ කිවුව පරක්කුවට ඔන්න ආයේම අහීෂ්ගේ අර නෝන්ඩි හිනාව ඊටත් එයාම ගිහින් තේෂ් පෙරවන් හිටිය රෙද්ද අයින් කරාම. ඔන්න ඉතින් තේෂ්ට තද වීගෙනයි එන්නෙ දැන්. ඊටත් දැන් ඒක උදුරලා ගන්න කියලද. ගන්නත් තිබ්බා ඒත් කොහෙද හරියට නැගිට ගන්නවත් බැරුව. ඔක්කොමත් හරි මේ තරුල්. හිනා වෙවී බලන් ඉන්න විදිහ.

"කෝ නැගිටලා මේක බොන්න..!!"

"මට බෑ!"

"පෙනේද අයියේ මූගේ තියන ඇට්ටරකම..!"

"ඒවනම් ඉතින් අඩු කරලා ගන්න බැරියෑ.."

ඒකනම් තනිකරම නෝන්ඩියටම කිවුව කතාවක්. ඉතින් තවත් මේ කතා අහන් ඉන්න බැරිම තැන තේෂ් ඇඳෙන් නැගිටින්න හැදුවා තමයි ඒත් බෑ.. එයාට ඕන වුනත් එයාට නැගිටගන්න හයියක් නෑ මුලු ඇඟම හිර කරලා ඒ කකුල් එයාගේ පාලනේ නැහැ. අඩුම එයාට එයාගේ ඉනෙන් පහල හොලවන්නවත් බැහැ. ඉතින් ඉක්මන් වුණ තරුල් එයාගේ යාලුවව නැගිට්ටවලා ඇඳ වතට හේත්තු කරේ හරි පරිස්සමට.

ඇස් (Ongoing)Where stories live. Discover now