21🪶

146 14 1
                                    

පිරිමි අත් වලින් වයන්න ආස ගිටාර් හැඩ ගෑනු ඇගට නෙවි බ්ලු වුල් ෆ්රෝක් එක කැපිලා පෙනුනා....තලෙළු පාට හම.... කිතුල් රෑනකට අන්ත විලුබ අල්ලන්න ඔන්න මෙන්න තියෙන ඝණ කොන්ඩේ....අඩියක් තිබ්බත් කැඩිලා යන ඉන තනිකර නර්තන ලාලිත්‍යයක්.... ඉස්කෝලේ යන කොල්ලො කියන විදිහට ගත්තොත් පට්ට කැල්ලක්.... චොකලට් කැල්ලක්.....යසසිව පහු කරන් ගියේ දුවිල්ලක් තරමට යසසිව ගනන් නොගෙන....

" මේතු... "

" ආහ් යසා දිල් 10 යේ ශේක්ෂන් එකේ... ටීචර්ලා මීටින් එකක් බන්..."

" අර යන්නේ මොවන්මි කියන කෙනාද... "

" කෝ.. ඕ... ව්... අඩේ අතුරුදහන් වෙලා හිටියේ...අද OB එකත් එක්ක මීට් එකක් තියෙනවා...''

" එහෙමද... මට‍ කිවේ නෑනෙ අරයා.. මෙයා එන හින්දද..."

" නෑ.. බන්... මෙකි කොහෙන් කඩන් පාත් උනාද දන්නෑ...දිල් කොහොම හැසිරුනත් උබ පොඩ්ඩක් ඉවසපන් හරිද..."

" මන් යන්නම්කෝ 10 පැත්තට..මදාරාට කතා කරන්න "






" මොකෝ බබී මේ... ඇයි මෙහෙට්ට ආවේ... "

" අද මොකක් හරි තියේද..."

" මොකක්ද... "

" ඔයාලට රැස්වීමක්... "

" අහ්.. ඔව්නෙ... මට‍ ඔයාට කියන්න අමතක උනා OB, එකත් එක්ක තියෙන්නේ..."

" හ්ම්ම්... ඔයාගේ යාලුවෙකුත් ඇවිත් ආන්.. "

" කව්ද... "

"........."

" ස්වප්නා... මොකෝ මේ ඇයි අවුලෙන් ඉන්නෙ... "

" මොකුත් නෑ...මන් ඉන්නද හවස ඔයා එනකම්... "

" හවස් වෙයි.. ඔයා යන්න..."

යන්න කීවා විතරයි යසසි යන්න හැරෙද්දී දිල් වැලමිටෙන් අල්ලලා නැවැත්තුවා...

" මොකද මේ... ආ ඔයාට ඉන්න ඕන් නම් ඉන්න මාත් එක්ක යන්.... "

" නැහ් බලෙන් ඉන්න ඕන් නෑ මදාරා... "

'' නෑ... නෑ ඔයා ඉන්න එකට යන්... හොද ළමයා වගේ දැන් යන්නකෝ... මුන් කැ ගහනවා...''

" ම්ම්ම්ම්.... "

යසසි මේ වෙලේ ඉන්නෙ ඉර්සියාවෙන් පිරිලා.... හැබැයි ඉරිසියා කරන්න දෙයක් ඉතුරු වෙලත් නැහ් දිල් කිසි හිඩැසක් නැතුව යසසිට බැදිලා ඉවරයි....

ස්වප්න මදාරා ||GlWhere stories live. Discover now