" අපි මොන බස් එකෙද බන් නගින්නේ"
" නගින් බස් එක පස්සේ බලමු, මුලින් මට කියපන් රන්වීර් කෝ කියලා"
සාරන්ය තවත් දෙයක් කතා කරන්න කලින් හරිම තදට රසිකගෙන් ඇහුවේ.
" අහ් අපි එහෙට ගියාම ඌ හිටියේ නෑ . කෝල කරාම කිව්වා ගෙදර නෙමෙයි ඉන්නේ . කෙලින්ම කොටුවේ ස්ටේෂන් එකට එන්නම් කියලා. "
" මට එහෙම එකක් කිව්වේ නෑනේ"
" උට අමතක වෙන්නැති. හරි දැන් යමන්කො කොටුවට අපි. එතනට ගිහින් බලමු. "
කතා කරේ රසික විතරයි. අනිත් ඔක්කොම බිරන්තට්ටු වෙලා වගෙ බලන් හිටියේ තාමත් නිදි මතේ වගේ.
" හරි ඒනම් යමන්කෝ"
සාරන්යත් ඒම කියද්දි ඈතින් එන බස් එකට අත දාලා කට්ටියම නැග්ගේ කොටුව ස්ටේෂන් එකට යන්න .
" මේ උබ දැන් එතනට ගිහින් මොකද්ද කියන්න ඉන්නේ"
ලලිදු රසිකගේ කනට කරලා රහසින් ඇහුවෙ සාරන්යට නෑසෙන්න.
" ඒක බලමුකො එතනට ගිහිල්ලා. මොනාහරි කරමු"
" මොනාද බන් උබලා දෙන්නා මතුරන්නේ"
ලලිදුගෙයි, රසිකගෙයි රහස් සංවාදය දැකපු සාරන්ය ඇහුවෙ සැක සහිත මූනෙන්.
" අපි මේ පිරිත් කියනවා. අපේ පලවෙනි ගමනනේ මේ"
ලලිදුගෙ කතාවටනම් සාරන්යට බකස් ගාලා හිනා ගියා.
" මේ උබලා උදේට කාලද බන් ආවේ."
" චුට්ටක් කෑවා"
" රන්වීරුත් කාලාවෙන්නැතිනේ එන්නේ"
" ,ඔව් ඔව් බන් ඌත් කාලා එයි. උබටත් උගෙන් තොර ලෝකයක් නෑනෙ ඉතින්"
ගගනගේ ඒ කතාවටනම් සාරන්ය කට වහගත්තේ ලැජ්ජාවට වගේ.
පැය බාගයක් වගේ යනකොට කට්ටිය කොටුවට ආවා . සාරන්යත් එලියට බැහැපු ගමන් කරේ හතර වටේම හැරි හරී රන්වීර්ව හොයපු එක.
" රන්වීර් කොතනටද එනවා කිව්වෙ."
" ඌත් මෙතනට එයි"
රසික එහෙම කියද්දි සාරන්ය ඇරෙන්න අනිත් ඔක්කොම රසිකගෙ මූන දිහා බැලුවේ පුදුමෙන්. සාරන්ය රන්වීර් එනකන් පාර දිහා බලන් ඉන්නකොට අනිත් කට්ටිය ස්ටේෂන් එක එලියට වෙලා බලන් හිටියේ ගොලුවෝ ටිකක් වගේ.
YOU ARE READING
අසම්මත පෙම ( BL Story ) Unrequited love
عاطفية"අන්සතු ඔබ වෙත මගෙ හිත බැඳිලා ඔබ ගැන සෙනෙහස හිත තුල පිරිලා සම්මතයෙන් පිට ප්රෙමෙක වෙලිලා මග හැර යන්නට බැරිලෙස බැඳිලා" මේ කතාව ඔහු අන්සතු වීමට පෙර සිටම පෙම් කළ අයෙකු ගැනයි. ඉතින් අවසරයි මට දිගහැරුමට මෙම කතාව. ( මෙහි ගෙන එන සියලුම නම් ගම් මනඃකල්පිත...