යුකී යනකොට යාළුවො දෙන්න ඉන්නවා පාරට වෙලා. ආයුගෙ නම් වෙනසක් නෑ. ඒ උනාට සිහත් නම් ආයුගෙ උරහිසට බර වෙලා මහ කුප්ප හිනාවක් දාගෙන හිටියෙ. හේතුව දන්න නිසාම යුකියා සිහත්ගෙ ළඟට ගිය ගමන් කොන්දට හොඳ පාරක් දුන්න.
"ඉතින් ඉතින් ඊයේ රෑ.....කොහොමද ඉතින්... 'සුන්දර රාත්‍රියක් මෙතරම් කවදා උදා වේද නොදනිම්' එහෙමද ආ"
"පිස්සුද බං, මේ බලපන්කො ආයු. යකෝ තාම ලව් එකක් පටන් ගත්තෙත් නෑ. අනික පොඩි එකා සෑහෙන්න අවුලෙන් ඉන්නෙ බං, මගෙ හිතේ තියෙන දේවල් කියන්න කලින් මට කොල්ලගෙ හිත හදන්න වෙනවා"
"ඊයෙ කොල්ල පුදුම විදියට නිදහසේ දැඟලුවේ. අපේ සුදූත් ඊයේ ගෙදර යන ගමන් කතා කරේම බෝමි මල්ලි ගැන බං"
"ඒක නම් මමත් හොඳට නෝට් කරා බං. පව් ඌට සතුටු ඇති නිදහසක් හම්බ උන එකට"
"බෝමිට ඒ වගේ යාළුවෝ දෙන්නෙක් ඉන්න එකත් මගෙ හිතට සැනසීමක් බං. උන් තුන් දෙනත් අපි තුන් දෙනා වගේ තමයි"
යුකී කිව්වෙ යාළුවෝ දෙන්නගෙම පිටට තට්ටුවක් දාලා.
කොල්ලො තුන් දෙනාම ටවුන් එකට ඇවිත් ක්ලාස් පටන් ගන්න වෙලාව තිබ්බ නිසා book shop එකක් හොයාගෙන ගියේ උවමනා කරන පොතක් හොයා ගන්න. බුක් ශොප් එක ඇතුලට ගිහින් තුන් දෙනත් එක්ක එහෙ මෙහෙ ඇවිද ඇවිද ඕන කරන දේවල් හොයන අතරේ සිහත් ඇවිත් ආයු, යුකී දෙන්නව එක්කන් ගියේ book shop එකේ පිටි පස්සෙ හරියට.book shop එකට පිටි පස්සෙන් තියෙන පාර එතන වීදුරුවෙන් පේද්දි රාක්කයකට මුවා වෙච්ච සිහත් අනිත් දෙන්නට ඒ පාරෙ ටිකක් එහායින් කතා කර කර ඉන්න දෙන්නෙක්ව පෙන්නුවා.
එතන හිටියෙ ශනායා. එයාගෙ අතින් අල්ලන් කතා කර කර හිටියෙ ආයුලත් හොඳට දන්න කොල්ලෙක්. ටවුන් එකේ තියෙන ලොකුම ගෝල්ඩ් ජුවලරි ශොප් එකේ අයිතිකාරයාගේ පුතා.....
එයාලා බලන් ඉද්දිම ඒ කොල්ලා ශනායගේ කම්මුලට කිස් එකක් දීල එතන තිබ්බ බයික් එකේ නැගලා ගියාට පස්සෙ කොහේදෝ හිටිය ශනායගේ යාළුවෝ ටිකත් එතනට ආවා.
"උඹට එදා ඉඳන්ම තේරෙන සිංහලෙන් කිව්වෙ ඕකිගෙ හැටි අපි දන්න නිසයි. දැන් ඉතින් අදුරන අයිය කෙනෙක් වෙන්න ඇති, නෑදෑ අයියා කෙනෙක් වෙන්න ඇති කියලා කියවන්න නම් එන්න එපා ආයු, මං උඹේ දත් ටික බඩට යවනවා. මොහොමඩ් නාදන් කීයට වත් ඒකිගෙ නෑදෑයෝ වෙන්න බෑනෙ නේද"