එදා ඒ දවසෙන් පස්සෙ කාලය ගෙවිලා ගියේ හරිම වේගෙන්. ආදිත්‍ය කොච්චර සජිව් එක්ක කතා නොකර ඉන්න හැදුවත් එදා රෑම සජිව්ට කෝල් කරලා පුළුවන් තරම් සජිව් ගෙ හිත හැදුවා. අනිත් පැත්තෙන් තිහෙන් තනතුරෙන් අයින් කරාම කියලා එයාගෙ ගෙදරින් දැනගත්තට පස්සෙ එයාටත් ගෙදරින් හොදටම බැනුම් අහන්න වුනත් ඒක ඒතරම්ම බරපතල වුනේ නෑ. පහුවදා ඉදන් කොල්ලට සාමාන්‍ය විදිහට ඉන්න පුළුවන් වුනේ ගිම්හානුයි කෝචුයි එයාට කතා කරලා හිත හැදුවට පස්සෙ. සිද්ද වුන දේ නිසා ආයෙ ප්‍රශ්න වල පැටලෙන්නෙ නැතුව ඉන්න සජිව් උත්සහා කරා මොකද එයාට ආයෙත් එයාගෙ යාලුවව තරහ කරගන්න ඕනෙ උනෙ නැ. ඒ නිසා මේ ගෙවුන දවස් ටිකේ ගිම්හාන් එක්ක රන්ඩු ඇති වුනේ නෑ. ඉදලා හිටලා තිහෙන් සජිව් එක්ක පැටලෙන්න ගියත් ගිම්හාන් තිහෙන්ව නැවැත්තුවා.
ඔය විදිහට සාමකාමී විදිහට දවස් ගෙවිලා ගිහින් අන්තිමට එයාලා බලන් හිටපු දවසත් උදා වුනා. එදා සිකුරාදා දවසක්. Selection ඉස්කෝලෙන් පස්සෙ තිබුන නිසා හැමෝම දෙක වෙද්දි චේන්ජ් වෙලා කෝට් එකට ආවා. ලමයි 16 දෙනෙක් හිටපු නිසා ටීම් දෙකකට බෙදලා මැච් එක තියන්න කෝච් තීරණය කරා. ලමයි හැමෝම එදා හොදට ප්ලේ කරත් ප්ලේයර් කෙනෙක්ට තියෙන්න ඕනෙ සුදුසුකම් කෙවින් ගෙවුන සතිය පුරාවට එයාලට නොදැනිම එක එක්කෙනාගෙ හොදින් නිරීක්ෂණය කරපු නිසා ටීම් එකට ප්ලේයර්ස්ලා තෝරගන්න කෙවින්ට පුළුවන් වුනා. ඒ නිසා ටීම් එක සිලෙක්ට් හරිම සාදාරන විදිහට. එදා මැච් එකේදි ගිම්හානුයි සජිව්යි එක ටීම් එකට වැටුනාම දෙන්නගෙම මූනු බෙරිවෙලා ගියා. ඒ උනත් තරහා මරහට වඩා වටින්නේ මැච් එක නිසා දෙන්නම හොදට ප්ලේ කරා. ඒ නිසාම එයාලගෙ ටීම් එකට එදා දිනන්න පුළුවන් වුනා. ඒ දවසෙ මැච් එකෙන් පස්සෙ ඉතුරු දවස් දෙකත් ගෙවිලා ගිහින් ආයෙත් අලුත් සතියක් ආරම්භ වුනා.
ප්‍රැක්ටිස් වෙලාවට කෝට් එකට ආපු ලමයි හැමෝම කෙවින්ට ඉස්සරහින් පේලියට හිටගෙන අත් පිටිපස්සට බැදන් හිටියා. පිටතට සන්සුන් විදිහට හිටියත් ඇතුලින් හැමෝටම පොඩි හරි තිගැස්මක් නැති වුනාම නෙමෙයි. මොකද අද තමයි එයාලගෙ අවුරුදු ගානක ප්‍රතිඵල එලියට එන්නෙ.
YOU ARE READING
මතක සොයා ♡ TK Nonfic ♡ 🄾🄽🄶🄾🄸🄽🄶
Non-Fictionසෑම අවසානයක්ම අලුත් පටන්ගැන්මකින් නිම වේ!! හීනයක් නොවනා තැනක නුබ ආදරේ සගවා.. හේතුවක් නොවනා දිනක් මා හාද ඉකිබිඳලා ගෙවුනු අතීතෙක නුබේ කතා...ඇසෙනවා මෙදා නොහෙලූ වදන් ඔහේ ...පාවෙලා ගියා...... #nonfic #bl Cover by @hazy_lzel