සර් වැඩක් දිලා පන්තියෙන් එලියට යන්නගියත් එක්කම අවිශ්ක ,
" ආ මන් උබට ඉස්සෙල්ලා කියන්න ගියේ... මේ මේ "
" මොකද්ද "අවිශ්ක ඉස්සරහ බලන ගමන් වචනෙන් වචනෙන් එකතු කර කර කිව්වේ කවුරුහරි දිහා බලන් ,
" කිව්වට පස්සේ මට බනින්න එපා හැබැයි "
"නැ නැ කියන්න "ගයත්මා අවිශ්ක එක්ක එහෙන්මම කතාව කරන් ගියේ සර් තාම නැති නිසා ,
" තිසරිදු ව උබ දන්නවාද තිස්සා , අර ඉස්සරහ ඩෙස් එකේ කලු කිට් එකක් ඇදන් ඉන්නේ "
අවිශ්ක අත දිග්කරලා ගයත්මාට පෙන්නුවේ කාටත් නොපෙනෙන්න , ඔව් ඒ කලින් ඉරේෂා කියපු කොල්ලා, අවිශ්කගේ ඉස්කොලේමයි
" ඉතින් "
" තිසරිදු කැමතිලු උබට "
" ම්ම්ම්ම් "ගයත්මා හුමිටි තියලා නිකන් හිටියේ ඉරේෂාටත් කැස්සක් එද්දි , අවිශ්ක ගයත්මා දිහා බැලුවේ ඒ කියන්නේ කැමතිද වගේ බැල්මකින්
" මම කියන්නද උබ හා කිව්වා කියලා "
" පිස්සුද මන් කොයි වෙලෙද කිව්වේ "
" ඇයි එනම් ම්ම් ගැවේ "
" ඒ කැමති කියන එක නෙමෙයිනේ, මේ එක්සැම් එකට දවස් කියද අනික "
" එහෙනම් එක්සැම් එකෙන් පස්සේ ඕකේ ද "
" බලමු නේහ් "
" බලන්නේ මොනාද බන් , බැලුවොත් තව එක්සැම් එකට දවස් කියද කියද කියන එක විතරයි කටේ තියෙන්නේ උබේ "ඉරේෂා ගයත්මාට බැන්නේ ගයත්මා මේ දවස් වල පාඩම් වැඩ වලම හිර වෙලා නිසා , කොහොම හරි එක්සැම් එක පාස් වෙලා තමන් කැමති දෙයක් කරගන්න ගෙදරින් කැමැත්ත දෙයි කියන බලාපොරොත්තුවෙන් ගයත්මා මහන්සි වෙනවා
" ආඅහ් මට පිස්සු වගේ , දෙන්නාම පොඩ්ඩක් ඕක නවත්තනවාද "
කැමැත්තක් හිතේ තියෙන්වාද නැද්ද තෙරෙන්නැති ගයත්මා එච්චරයි කිව්වේ, පන්ති ඉවර වෙනකන් තිසරිදු සැරෙන් සැරේ පිටිපස්ස හැරි හැරි බැලුවේ ගයත්මා නොදැක්කාට අනිත් ඔක්කොම දකිද්දි , ඉරේෂා සැරින් සැරේ අතින් ඇන්නාට ගයත්මා ගනන් නොගෙන පාඩම අහන් හිටියේ අන්තිම ටික නිසා , පන්ති ඉවර වෙලා එලියට එන තැන තිසරිදු ,
" හායි "
" හායි "ගයත්මා තිසරිදු එක්ක කතාකරපු පලවෙනි වචනේ , ගයත්මා එතනින් යන්නේ කියටද වගේ ලුක් එකක් තියෙද්දි අවිශ්කත් ආවේ තිසරිදුගේ උදව්වට ,
YOU ARE READING
Dark Secret (ONGOING)
Romantikහිත බිදි කැඩිගියද සුවපත් කල හැකි මිතුදමට එහාගිය සහෝදරකමක්... ලියන්නට හිතුනද මග නැවතුන එකපාර්ශවික පෙමක්.... ආගන්තුක තැන්වලින් හුරුපුරුදු වෙද්දි ,අසල්වාසි හිත්වලින් නොදැනුනු තරමක් එය ,ප්‍රේමය පමණකි... ඉතින් ප්‍රේමිය.. අහසක් තරම් උසට පොත් ලියන්නට හේතු ගෙ...