Chapter 08

878 170 179
                                    

"ක්‍රිෂ්ණන්ගෙ ආත්මය කවදාවත් රාධා නැතුව සම්පූර්ණ වුනේ නැහැ, අවුරුදු පහකට කලින් අසම්පූර්ණ වෙලා බෙදුන තනි ආත්මය අද ආයෙමත් එකට බැදෙන්න කාලය ඇවිත්!!"

"අකේල් කර්ණ කිර්ශ්ණන්ගෙ රාධේශ්"

අකේල් දිහා බලන් විශ්වාසය පිරුනු ආඩම්බරයෙන් කතා කරපු රාගවා ඊලග මොහොතෙදි ඔහු හිටන් හිටිය තැනින් අඩි කිහිපයක් දකුනු පසට වුනෙ ඔහු පිටුපසින් හිටන් හිටිය පුද්ගලයාව සම්පූර්ණයෙන්ම අකේල් ඉදිරියෙ පමණක් තනි කරමින්.

"‍රාධේ රාධේ!!"

"අකේල් කර්ණ ක්‍රිෂ්ණන්ගෙ රාධේශ්"

"කයේල් ලියො මැක්සිමෝ කියන සිංහයාට උප්පත්තිය දුන්න නිර්මාතෘන් ඒශ් රාධේශ්"

අකේල් ඉස්සරහ හිටගෙන ඉන්න ශේන්ගෙ ඇස් තමන් වෙත යොමුවෙන අදුන් තැවරුව තද කලු දෑස් යුගල දිහා බලන් හිටියා.එකිනෙකා දිහා බලන් නමුත් තවමත් මුහුනෙ කිසිම හැගීමක් නැතිව බලන් ඉන්න ශේනුත් අකේලුත් පසින් හිටන් ඉන්න රාගවාත් මෙරීඩාත් එකිනෙකා දිහා බලන් සිනහවුනෙ මේ මුනගැහීම වෙනුවෙන් ඔවුන් කොයිතරම් කාලයක් ඇගිලි ගනිමින් බලා සිටියටද යන්නට සාක්ෂි දරමින්.

වේල් නදිය නිහඩව පහලට ගලනවා, හමන හුලග ශේන්ගෙත් අකේල්ගෙත් කෙස් කැරලි අතර දග කරමින් නල්ලුර් කෝවිල බලා ඇදී යන්නෙ කෝවිල දෙසින් තවමත් බෙර හඩ නලා හඩ ඈතින් ඇහෙද්දි.අවුරුදු පහකට පස්සෙ ඔවුන් ආයෙමත් ඒ තැනේදීම ඒ විදියටම එකිනෙකා දිහා බලන් හිටන් ඉන්නවා.

අවුරුදු පහකට කලින් එක් සැමියෙක් විසින් උදුරගත්ත අයිතිය වෙනුවෙන් අද ඔහු නැවතත් පැමිනිලා.අද ඒ සැමියාට ඔහුගෙ අතින්ම උදුරගත්ත ඒ අයිතිය නැවතත් ඔහුට දෙන්න සිද්ද වෙනවා.

ශේන්ගෙ දෑස් තුල ඇවිලෙන රක්ත අග්නි ගිනි දැල් බැස යන සූර්යයාගෙ අග්නියෙ රක්ත වර්ණයත් පරදවමින් දිලිසෙනවා. මේ දවස වෙනුවෙන් ඔහු කොයිතරම් කාලයක් බලන් හිටියද!!

ශේන් අතරවත් අකේල් අතරවත් වචන හුවමාරුවක් සිද්ද වුනෙ නැහැ. ඒත් ඒ වෙනුවට රාගවා තම අත මතින් තැබුව මංගල තැල්ල ශේන්ගෙ ඇස් ඉදිරියට ගෙනාපු අකේල් මංගල තැල්ල ඔහු ඉදිරියෙ දිගහැරියා. මහ මුරුගන් දෙවියන් වෙනුවෙන් බැතිමතුන් ගායනා කරන ගීතිකා හඩ කෝවිල දෙසින් ඈතින් ඇසෙනවා.බස්නාහිරින් ගිනියම් පැහැයෙන් බබලන සූර්යයා වේල් නදියෙ පතුලෙ ගිලෙමින් සැගවී යනවා. ඇවිලෙන දර මතින් උඩුලන  ගින්නක් වෙනුවට ඔවුන් අසලින් බැසයන අග්නි ගින්නෙ සූර්‍යයා ඔවුන්ගෙ බැදීමට සාක්ෂි දරන්න ප්‍රතිඟඥා ලබා දිලා.

B.I.B  (Yizhan නන්ෆික්)Onde histórias criam vida. Descubra agora