01 - ආශිගේ කතාව!

10 2 0
                                    

01 - ආශිගේ කතාව!


"ඒ මොනා කිව්වත් අයියේ ඔයාට කෙල්ලෙක් හොයාගන්නම වෙනව. නැත්නම් අර උරචක්කරමාලා සක්කරවට්ටමට මගේ නෑනා පදවිය දෙන්න මට හිත හදාගන්න වෙනවා.... මොන අපරාදයක්ද අයියා... මට කියල අයියල හෙන ගොඩක් නෑනේ ඔයා විතරනේ... ඉතින් නෑනලත් හෙන ගොඩක්..."


"ආශී!!!!"


"හරි ඉතින් මං මෙච්චර කියන්නේ ඔයාගෙ හො දටනේ අයියා..."


"ඒත් දැන් ඇති වදේ මේ විකාරේ... මට මැරි කරන්න ඔ්නි නෑ . මට ඔය ගෑනු ළමයින්ව විශ්වාස කරන්න කියලද ඔයා කියන්නේ.. පේනවනේ ඔයාට අපේ දෙවෙනි අනුලට දීපු පාට් එක"


"අනේ ඒ අපේ දෙවෙනි විතරනේ අයියේ... තව කොච්චර හොද ගෑනු ළමයි ඉන්නවද ලංකාවේ.. ම්..."


"ගෙදරම ඉන්න එවුන් මෙහෙම කරනවනම් ආශි.. වෙන එවුන් කොහොම කරනව ඇතිද? ඔයා ගිහින් වැඩක් බලාගන්න. ආව මෙතන මට උපදෙස් දෙන්න "


"අයියා... අපේ දෙවෙනි අක්කා එහෙම කලේ හේතුවකටලුනේ.. කවුද දන්නේ අපිට කියන්න බැරි ප්‍රශ්නයක් තිබ්බද කියල. අනික හැම ගෑනු ළමයම නරක නැහැ කියල විතරයි මන් කියන්නේ.."


"ඔයා කොහොම කිව්වත් ආශි මගේ තීරනේ වෙනස් කරන්න බෑහැ. මට කොහෙවත් ඉදල එන කෙල්ලෙක්ව විශ්වාස කරලා මේ හැමදේම එයත් එක්ක බෙදා ගන්න බැහැ. අන්තිමට හැමදේම නැතිවුනාම මට පිස්සු හැදෙයි."


"ඒත් අයියේ ඔයා ඔහොම අමු බුම්මට්ටෙක් වගේ ඉන්නේ නැතුව කාටහරි පොඩි චාන්ස් එකක් දීලා බලන්නකෝ.. සමහරවිට බඹා කොටපු එක්කෙනා ළගදිම එයි.. එතකොට ඔයා බුම්මගෙන හිටියම එයා යයි හොදේ...."


"අනේ ආශි පැටියෝ... යනවද යන්න වද නොදී.... ඔහෙගේ මහලොකු ඉස්කෝලේ හෝම් වර්ක් එහෙම නැද්ද?"


"අයියේ මට උත්තරයක් දෙන්න ඔයා "


You've reached the end of published parts.

⏰ Last updated: Nov 10 ⏰

Add this story to your Library to get notified about new parts!

Ahasak Yata | අහසක් යටWhere stories live. Discover now