❉. දොලොස්වෙනි දිගහැරුම

88 8 66
                                    

කෙලවෙනකොට කෙලවෙන්නෙ ඇපත් නැති වෙන්න. අරූ නම් දැන් මාරම හෙනයක් වීගෙන එන්නෙ.මුලින්ම තිහෙන්ගෙ බැජ් එක ගැලෙව්වා ඊට පස්සෙ ටීම් එකේ කැප්ටන් උනා. ඒක ගැන කියන්න ගිහින් මටයි හිමරුටයි ටීම් එකෙනුත් යන්න උනා. තිහෙන් කතා කරලා ආයෙ එන්න කිව්වට මන් නම් කෝට් එක පැත්තෙ පස් පාගන්න ගියෙ නෑ මේ සතියම. කොහොමත් ඕක අස්සෙ පාගන්න පස් නෑනෙ. ඒත් මන් හිතා ගත්තා අරූ එක්ක රන්ඩුවට යන එක අඩුකරන්න. නැත්තන් ඒකෙනුත් ප්‍රශ්න ඇතිවෙන්නෙ උට නෙමෙයි මට. ඇති ඇති දැන් ඒවගෙන් වැඩක් නෑ. ජීවිතේට ඕන තරම් ප්‍රශ්න එනවා අපි ඒවට මුහුන දෙන්න ඕනෙ. ප්‍රශ්න නැති ජීවිතේ පරිප්පු නැති හෝටලේ වගේ නෙ.

අද කලින් ස්කෝලෙට ආව නිසා අපි තුන්දෙනයි කෙල්ලො දෙන්නයි කැන්ටිම ඇවිත් වාඩිවෙලා කයියක් දාගෙන හිටියා.

" ඒ බන් මේ ලගදි තිබ්බ tournament එකෙන් විදූශයාට gold medal  ලුනෙ."

" අඩෝ සිරාවට...ඌ නම් ගැම්මක් ආ."

" ඒක නම් ඇත්ත...අර කියනකොටම එනවා."

හිමරු ඇස්වලින් පිටිපස්ස පෙන්නපුවාම මන් ඔලුව ඒ පැත්තට හැරෙව්වා. කිව්වා වගේම විදූශයි උගෙ සෙට් එකයි ඇතුලට ආවා. ඌ මට ලාවට හිනාවෙලා කැන්ටිම පුරාම ඇස් යැව්වා. කාවහරි හොයනවා වෙන්න ඕනෙ. ඒත් එක්කම අපිට එහාපැත්තෙ ටේබල් එකේ හිටපු නතාශා නැගිටලා ගියාම විදූශ කෙල්ලගෙ පාර හරස් කරලා හිටගත්තා. මූ මේකිව ද හෙව්වෙ. දැන්නම් ඉතින් තියෙන්නෙ ෆිල්ම් එකක් බලන්න තමා. මොකද මුන් දෙන්නා හම්බුන තැන වලිනෙ.

" මොකක්ද බන් උන්දෙන්නට ඔච්චරටම තියෙන ප්‍රශ්නේ..."

මන් අපේ එවුන් පැත්තට හැරිලා ඇහුවා. ඕපදූප හොයනවා නෙමෙයි දැනගැනීමෙ පිනිස විතර.

" මොකක් හරි ලව් හුටපටයක් තමයි බන්. උන් දෙන්නා කලින් සෙට් වෙලා හිටියා කියලා තමයි බන් කියන්නෙ. හරියට සීන් එක මොකක්ද කියලා දන්නෙ නෑ."

අම්මට යකො මන් කොහෙද ඕයි මේ දේවල් වෙනකොට හිටියෙ. මෙහෙම මගුලක් මන් දන්නෙ නෑ නෙ.

" කොහෙද මේ නොදැක්කා වගේ යන්න හදන්නෙ."

" මේ විදූශ මන් එකපාරකුත් කිව්වා මට තමුසෙත් එක්ක කිසිම කතාවක් නෑ කියලා. ඒ නිසා මට මගෙ පාඩුවෙ ඉන්න දෙනව."

මතක සොයා ♡ TK Nonfic ♡  🄾🄽🄶🄾🄸🄽🄶Where stories live. Discover now