තෑගි

157 19 200
                                    

"මඩකලපුව වගේම අම්පාර දිස්ත්‍රික්කවල මායිමේ තියෙන මේ තොප්පිගල මුහුදු මට්ටමේ ඉඳල මීටර් 534 ක උසකින් තමයි අපිට හම්බෙන්නෙ...!! දැනට අපි අල්ලගත්ත තැනිතලා බිම්වලට වඩා මේ මෙහෙයුම ටිකක් අමාරු වෙයි....!!! වතුර ප්‍රශ්නෙ තමයි අපිට ලොකුවට ප්‍රශ්නයක් වෙන්නෙ...!!! අනික මිනිස්සු....!!! ලැබිල තියෙන තොරතුරුවලට අනුව මේ භූමිය අවට විසිරිලා ඉන්න සාමාන්‍ය මිනිස්සු එක්ලක්ෂ විසිපන්දාහක් විතර වෙනව......!!!! "


"ඒක ලොකු ප්‍රශ්නයක් තමයි රෝහිත..!! මේක අපේ මෙහෙයුමේ තීරණාත්මකම සන්ධිස්ථානයක්....!!! අපි තොප්පිගල අල්ලගන්නව කියන්නෙ නැගෙනහිර කොටින්ගෙ අන්තිම වගේම හොඳම මර්මස්ථානෙ උන්ට නැතිවෙනව කියන එක......!!!! "


"ඔව් උන් දැන් ඉන්නෙ කොටුවෙලා...!!!!
මාවිල්ආරු ඉඳල සාම්පූර් වාකරේ කදිරවේලි , කුඹුරුප්පිඩ්ඩි , මනිරාසකුලම් ගංගෙයි , කරදියනාරු , කන්ඩිකුච්චිආරු , කොක්කඩිචෝලෙ කොටි කඳවුරු දැනටමත් අපි අල්ලගත්ත හින්ද ඒවගෙන් පැනල ගිය කොටි ඔක්කොම දැන් ඉන්නෙ තොප්පිගල ......!!!! "


අපි ඉන්නෙ ලොකු හෝල් එකක..... හෝල් එක මැද්දෙ තියෙන හතැරැස් ටේබල් එක උඩ තොප්පිගල වගේම ඒ අවට සීමාවට අදාල ග්‍රිඩ් මැප් එක එලල තිබ්බ....!!!! නොදන්න උන්ට කියන්නෙ එක ග්‍රිඩ් කොටුවකින් සැබෑ භූමියේ වර්ග කිලෝමීටරයක් පෙන්නනව.... හෝල් එක මැද්දෙ ඉඳන් රෝහිත සරුයි වගකිවයුතු අනික් නිලධාරින් ඔක්කොමයි අලුත් ඔප් එක වෙන්න ඕනෙ කොහොමද කියල අපිට උපදෙස් දෙනව..........

"මේ මහියා , මං අහන්නෙ තාක්ෂණිකව මේ ගැන හිතල අපේ ඉංජිනේරු බලකායට දැනුවත් කරල හෙල්ප් එක අරං ගල කුඩුවෙන්න ගල්බෝරයක් දැම්මොත් වැඩේ ලේසිවෙන එකක් නැද්ද ...??? පස්සෙ අපිට ඕක කියුබ් ගාණට විකුණගන්න බැරියෑ බං....!!! අනික මේවගේ අවස්ථාවක ඇර ඔය වගේ ලොකු ගලක් කවද පුපුරවන්නද බං...!!! මුන්ට මොළේ නෑනෙ ...... ආආ නැද්ද ...??
මං බොරුද කියන්නෙ...!!!! "

"හිනස්සන එපා බල්ලො....!!! "


සර්ල කලින් අල්ලගත්ත ඒවා ගැන කිය කිය ඉන්නැද්දි මට ටිකක් කම්මැලි හිතුන , කම්මැලී කියන්නෙ ඉතිං කේන්තියි මට ඒවට යන්න බැරිඋන එකට....!!! ඒකයි පොඩ්ඩක් රිලැක්ස් වෙන්න මහියව ඇවිස්සුවෙ.... ඒත්....


උතුරු හුළඟ Donde viven las historias. Descúbrelo ahora