සයාශ් අයියගෙ බොක්කයි මගෙ බොක්කයි දෙකම නිකන් කතා වෙලා ආවා වගේ ආව වෙලේ ඉඳන් අනම් මනම් කියෝනවා ඉවරයක් නෑ මගුල.අම්මපා අද කාලෙ කොම්ලො දෙන්නෙක්ට එකට පාරෙ බැහැලා යන්න බැරි තත්වයක්නෙ තියෙන්නෙ.මට අපෙ අක්කව මතක් වුනා සගෝ.අක්කා ඕවා දනී මට වඩා.
"ඉතින් උඹලා කලින් ආවෙ?උඹ විතරක් නම් කමක් නෑ අර පොඩි එකාවත් එක්කන් ඇවිත්! යකෝ සේනට මාට්ටු වුනොත් ඔක්කොම හබක්"
"අවුලක් නෑ මං සේනව ශේප් කරලා ආවෙ මචං!"
"හරි බං ඒත් ඒ නිම්නගෙ තාත්තා"
"උඹ පැහෙන්නැතුව හිටපන්කො! මං කීවනෙ ඒක මං බලාගන්නම් කියලා"
"ඔහෝ..I'm so sorry man"
"අනේ නිකන් පලෑන්ඩ!"
සාමාන්‍යයෙන් සයාශ් අයියා නිදහසේ කතා කරන්නෙ නිමේක්ෂ අයියා එක්ක විතරයි.අනික් උන් එක්ක මූ මෙච්චර ඕපන් කතා කරනවා කියලා මම හිතන්නෑ.ඇත්තටම නිමේක්ෂ අයියා මූ ගැන සේරම දේවල් දන්නවා ඇති.මටත් ඉක්මනට මේ දේවල් දැනගන්න ලැබුනොත් හොඳයි.
"Art day එක අවුලක් නෑනෙ?"
"නෑ නෑ පහනගෙ කට වගේම වැඩත් තිබ්බෙ හොඳට!"
"අහ්.. පොරගෙ කට තමයි ලොකුම අවුල"
"ඕකගෙ මුලු සර්වාංගෙම අවුල් මචං! මින් පස්සෙ ඕකා මං ඉස්සරහ අරුන් දෙන්නට අත තියන්න ආවොත් මං එදාට ඕකගෙ සර්වාංගෙම අවුල් ඇරලා දෙන්නම්!"
"ආ මේ මේ! උඹ පණ්ඩිතයා වෙන්නැතුව පාඩුවේ හිටපන්! ඌ මොනවා කරන්නද බං?"
"ඇයි යකෝ තොට බය නැද්ද? නිකමට හිතපන්කො ඕකා අරුන් දෙන්නගෙන් එකෙක්ට ළං වුනොත්?"
"ළං වෙලා බලන්න කියපන්! ඌ මගෙ හැටි දන්නෑ තාම"
"ඉව් ඉව් තමා! බලන් ඉඳපන් ඕකා අරුන් දෙන්නව බ්ලැක් මේල් කරන්න වුනත් බැරිකමක් නෑ ඌ කරලා තියෙන ඒවගෙ හැටියට"
"ඕෂධ ගැන නම් බයක් නෑ උගෙ ෆෝන් එකේ මං දන්නැති කිසිම දෙයක් නෑ බං.. ඒත් නිම්න තමයි ප්‍රශ්නෙ"
ඇත්ත.සයාශ් අයියා ෆෝන් එක ගෙනත් දෙද්දිම මට කියලනෙ දුන්නෙ එදයින් පස්සෙ ආයෙ කිසිම කෙනෙක්ගෙන් කරදරයක් වෙන්නෙ නෑ කියලා.ඒක හින්දා මං දැන් ඒ වදවලින් සම්පූර්ණ නිදහස්.මේ වෙද්දි මගෙ නම්බර් එක දන්නෙ නිම්නයයි,නිමේක්ෂ අයියයි,සයාශ් අයියයි අපෙ අක්කයි අත්තම්මයි විතරයි.හැබැයි අවුලකට තිබුනෙ නිම්නගෙ ෆෝන් නම්බර් එක විතරක් නෙවෙයි උගෙ මුලු සෝෂල් මීඩියා එකවුන්ට් සේරම ගොඩක් උන් දන්නවා.
YOU ARE READING
මණ්දාකිණි | BL | Horror | Onhold
Non-Fiction"සමහර හිත් මුණ ගැහෙන්න ආත්ම ගානක් පෙරුම් පිරුවත් මදි" "ආත්ම ගානක් වුනත් මොකෝ මුණ ගැහෙනවනම්?" "දවල් හීන මවන්න එපා බං!" -24.10.30