කාර් එකෙන් බැහැලා ආව සූරියබණ්ඩාර වලව්වෙ කට්ටිය දේව්, මෙතෘ දෙන්නත් එක්ක කතා කරගෙනම බංගලාව ඇතුළට ගියත් අර පොඩි ඇටය තාමත් මෙතෘගෙ ඇගේ එල්ලීගෙන.මෙතෘත් ඒකව එහාට කරන්න හැදුවත් ඒකා කොහොල්ලෑ බබා වගේ ඇලිලා.
තේව්, තූර්ය, තේශ්, අරුල් හතර දෙනාම ඉදගෙන ඉන්න තැනට ගිය අශෝක සූරියබණ්ඩාර, තේව්, තූර්ය දෙන්නව වැළඳගෙන ආදරෙන් පිළි ගත්ත. එතනට වෙලා කතා කර කර හිටපු එයාල මෙතෘගෙ සීයව හම්බවෙන්න ගියේ දිසෙත් තේව්ල ලඟ නතර වෙද්දි.
"කෝ බං කොල්ල එක්ක ආවේ නැද්ද"
"අර මිදුලෙ ඉන්නෙ තූර්ය අයියෙ. ඉන්න මං එන්න කියන්නම්"
දිසෙත් ගිහින් පුතාව එක්කන් ආව නිසා මෙතෘ යන්තම් ගැලවුනා.
"මේ ඉන්නෙ කොල්ල, එකා යකා කියල හැදෙනවා ඉතින් එක විදියකට. දිනිඳු මේ ඉන්නෙ තේව් අංකල්, මේ තූර්ය අංකල්"
"හායි අංකල්"
"කොහොමද පුතා ඉතින්. මං නුවරට එද්දිත් ඔයාගෙ තාත්ත ඔයා වගේමයි. දැන් කීය වසරෙද ඉන්නෙ"
"Grade 10 තූර්ය අංකල්"
"මෙයාව කොළඹ බෝයිස් ස්කූල් එකකට දැම්මෙ අයියෙ. මමයි, මෙතූයි දෙන්නත් ගොඩක් වෙලාවට මෙහෙ නෑ කොළඹ තමයි ඉන්නෙ, හෙට නම් ඉස්කෝලෙ යවන්න වෙන්නෙ නෑ"
"එතකොට වලව්වේ කව්ද බං ඉන්නෙ, අංකල්, ඇන්ටි දෙන්න තනියමද"
"වැඩට කෙනෙක් නවත්තලා ඉන්නෙ තේව් අයියෙ. ඔයාලා යන්න කලින් එන්න එහෙ"
"ම්ම්ම්..... වලව්වට ඇවිත් යන්න එන්නම්කො"
එයාලා හිටපු තැනට මිදුල හොඳට පේන නිසා හැමෝගෙම අවධානය ගියේ මිදුලෙ නවත්තපු කාර් එකකටයි බයික් එකකටයි.
"අම්මෝ අනුසරයා"
තේශ් කිව්වෙ කාර් එකෙන් බැස්ස ආයුගෙ තාත්ත දැකලා. ඒ එක්කම ආව තව කාර් එකක් බයික් එකට පිටි පස්සෙන් නැවැත්තුවා. වාහන තුනෙන්ම කොල්ලො හය දෙනෙක් බැහැලා ඇවිත් මිදුලට එකතු උනේ තේව්ල ලඟ හිටිය දිසෙත්ගෙ පොඩි පගයගෙ හොඳ සිහියත් නැති කරලා.
"හම්මට.... මාර කෑලි ටිකක්නෙ අප්පා. ශික් දන්නව නම් මීටත් වඩා ලස්සනට ඇදන් එනවා. ඔන්න අප්පච්චි දැම්ම කිව්ව වේලාසනින් යන්න නම් තියා ගන්න එපා හරිද. අම්මලාට නිදිමතයි කියල යන්න අඩ ගැහුවොත් ඔයාලා යන්න. මං මෙහෙ ඉන්නව"