Chapter 42

167 24 28
                                    

"අනේ යශීර් ඉන්න දෙන්නකෝ.."

"අනේ ඕයි.."

"ආව්ව්ව්ව්ව්ව්ව්ව්ව්.. රිදෙනවා මනුස්සයෝ."

"කටවහගන්නවා දෙව්සස්."

"ඔයා ඉන්න දෙන්නේ නෑනේ ඉතින් මට.."

දෙව්සස් අමනාපෙන් අහක බලාගත්තේ ආදිව්ට ගස්සලා. ගෙදර ආවත් හරි ආදිව් පාඩම් කරන්න වාඩි උනු නිසා දෙව්සස්ටත් පාඩම් කරන්න සිද්ද උනා. ඕනි එකක් ආදිව් ඉන්නවනෙ කියලා හිතලා දෙව්සසුත් පුටුවක් අරන් ආදිව් අස්සටම ගියා. පැනගෙන පාඩම් කරන්න ගියේ අපරාදේ කියලා දෙව්සස්ට නම් ඉක්මනටම තේරුනා. දෙන්නත් එක්ක ගැම්මට ෆිසික්ස් පේපර් එකක් හදන්න ගත්තත් හරි හදන හදන ගාන දෙව්සස් වරද්දන්න ගත්තා. ටික වෙලාවක් බලන් ඉදපු ආදිව් සේරම දමලා ගහලා, ක්ලාස් වල දීපු දෙව්සස් වරද්දන ගණයේ ගනන් සේරම ආපහු හදන්න දුන්නා. දෙව්සස් කම්මැළි කමේ හදන්නැතුව කියෝ කියෝ ඉන්න ගිහින් ආදිව්ගෙන් හොද ටොකු පාරවල් ටිකක්නම් කෑවා.

"හදපන් ඔය ටික මගෙන් මැරුම් නොකා."

"අනේ යශීර්.. දැන් අපි ගොඩක් වෙලා වැඩ කරානෙ.. මේ මට සූ බරයිත් වගේ අනේ."

"පැයයි කලේ. අන්න බාතෲම් එක තියෙනව ගිහින් වරෙන්. විනාඩි පහකින් මෙතන ඉන්න ඕනි.."

ආදිව් අණ කරන්නැහේ කියාගෙන ගියේ දෙව්සස් අසරණ වෙද්දි. ආදිව් එක්ක ලේසි නෑ වගේ. දෙව්සස්ගේ මූනෙන්ම වැඩ කරන්න තියෙන අකමැත්ත වගේම ආදිව්ට රවන ඒවා ආදිව් බලන් හිටියේ හිනාව කාගෙන. දෙව්සස් සද්දෙන් පුටුවත් පිටිපස්සට කරලා බාතෲම් එකට රින්ගුවා. දෙව්සස් ගියාට පස්සෙ ආදිව් ඇඳට පැන්නේ කොට්ටෙකුත් බදාන. දෙව්සස් එනකන් ආදිව් විනාඩි දෙක තුනක් ඔහේ උඩ බලන් හිටියා. විනාඩි පහ ගත වෙන්න මිනිත්තුවක් කලින් මනමාලයා වගේ දෙව්සස් බාතෲම් එකෙන් එලියට ආවා. එලියට ආවා කියලා දැනුනා. ආදිව් දැක්කේ නෑ.. එයා මුනින් අතට හැරිලා කොට්ටෙක් මූන ගහන් ඉදියේ.

"ඉතුරු ටික හදන්න මන් එන්නම්.."

"මට බෑ.."

දෙව්සස් අහක බලාගෙනම කීවේ කාමරේ මැද හිටගන්න ගමන්. දෙව්සස්ට පිටුපාල හිටපු ආදිව් දෙව්සස්ගේ පැත්ත හැරුනේ බෑ කීවේ ඇයි කියලා දැනගන්න. කොන්දෙන් කෙලින් වෙලා ෆුල් ෆෝකස් එක දෙව්සස්ට දුන්නේ ඇහිබැමකුත් උඩ දාලා. ඇහිබැමකුත් උඩ දාන් තමන් දිහා බලන් ඉන්න ආදිව්ව දැක්කට පස්සෙ දෙව්සස්ට ඉබේටම තොල් හැපුනේ ලාවට හිනාවක් යද්දි. දෙව්සස්ගේ ඔලුවේ යම් දෙයක් මේ වෙලාවේ කැරකෙමින් තිබුනා.

නොමියෙන හදවත් - OngoingWhere stories live. Discover now