උඩ සිංදුව අහන් කියවන්න🖤
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
"ශ්ශ්ශ් හොද බබාලා අඩන්නෙ නැහැ. මේ බලන්න මගෙ පුංචි මැණිකෙ උඹ ඔහොම ඇඩුවොත් උඹවමයි මාවයි දෙන්නවම අද කූඩාරමෙන් එලියට දායි."
රාධේශ්ගෙ පපුවට ගුලි වුන වෙලාවෙ ඉදන් සනීපට උනුහුමට ගුලි වෙලා පුංචි එකා නිදියන් හිටියත් රෑ බෝවෙන්න බෝවෙන්න නින්දෙන් ඇහැරුන ඒකා ඉවරයක් නැතුව අඩන්න පටන්ගෙන හිටියෙ කූඩාරමේ නිදියන් ඉන්න අනිත් එකාලා එකා දෙන්නා කුතුහලෙන් සැරෙන් සැරේ ඔලුව උස්සා උස්සා කොල්ලා දිහා බලද්දි.හිටි හැටියෙ කූඩාරම ඇතුලෙන් ඇහෙන්න ගත්ත අලුත උපන් පුංචි එකෙක්ගෙ ඇඩිල්ල උන්ට මැජික් වගෙ උන්නා.
පුංචි ඇගිලි රාධේශ් ඇදන් ඉන්න දූවිලි පිරුනු කමිසයට ගුලි වෙලා තියෙද්දි පුංචි එකා රාධේශ්ගෙ පපුව උඩ දගල දගලා මහ හඩින් අඩා වැටෙනවා.කොයිතරම් නලවගන්න දැගලුවත් පොඩි එකාගෙ දැගලිල්ලෙ ඉවරයක් නැහැ .අත පය ගගහා අඩාවැටෙනවා, පිරුනු රෝස කම්මුල් දිගේ පහලට කදුලු රූටනවා.
"ඒයි කොල්ලො උඹ ඔය මොකද බන් කරන්නෙ? කොහෙන් උස්සන් ආව පොඩි එකෙක්ද ඔය"
"ඇල්බටා ඕකාව දැක්කොත් උඹවත් එක්කම එලියට විසික් කරලා දාවි"
"කියන එකක් අහලා ඕකව ඇහිදන් ආව තැනකටම ගිහින් දාලා වරෙන්. නැත්තම් උඹට විතරක් නෙවෙයි අපිටත් විසුමක් නැහැ. ඕකා දැන් එන්නෙ අරකිගෙ අගුපිලට රිංගන් කට ගොන්නක් බීගෙන කෙලින් කටින් හිටගන්නත් බැරිව. ඒ අස්සෙ කනක් ඇහෙන් නැති ඔය පොඩි එකාගෙ සද්දෙත් ඇහෙන්න ගත්තම මොනවයින් මොනවා ඕකා කරයිද දන් නැහැ."
රාධේශ්ට මෙහායින් හාන්සි වෙලා හිටිය මැදිවයසෙ ගැහැනියක් කොන්ද අල්ලන් කෙලින් වෙන ගමන් රාධේශ් දිහා බලන් කතාකලෙ ඒ එක්කම පපුවට ගුලි කරන් ඉන්න පුංචි එකා දිහාටත් ඇස් ගෙනියමින්.
කූඩාරමේ හරියාකාරම අයිතිකාරය වුනේ ඇල්බට්. රෑට ඩිංගිත්තක් නිදියගන්න අවසර ලැබෙන කූඩාරමෙ නිදියන් එවුන්ගෙන් වැඩි පිරිසක් දවල් දවසෙ වැඩ කලෙත් ඇල්බට්ට. නිදියගන්න ලැබෙන තාවකාලික වහලට උන් ඇල්බටාට ගෙව්වෙ එහෙම. පුංචි රාධේශ්ට කියලත් වෙනසක් තිබුනෙ නැහැ. රෑට නිදියන ටිකට විතරයි කොල්ලගෙ පුංචි කකුල් දෙකට විරාමයක් ලැබෙන්නෙ.
VOUS LISEZ
B.I.B (Yizhan නන්ෆික්)
Actionශේන්- You can run all you want, but there's only one way this ends-you in cuffs. කයේල්- or you in my bed little birdie