"ඒහ් අයියේ... මේක ලස්සනයි නේද"
"අයියේ කෝ මේ පැත්ත බලන්න"
"ලොකූ!!!! පොඩී අද කොල්ලෙක් එක්ක ගහගත්තා... ඔය මූණත් තුවාල කරන් ඉන්නේ"
"ඔයා රට යන්නම ඕනද ඒයි... ඉන්න බැයිද හලෝ"
"අයියේහ්, මං ඔයාලා දෙන්නට ගොඩාක් ආදරෙයිනේ හලෝ... මොකද කරන්නේ ඒකට..."යුගාන් හිටියේ විහාස්ගේ ඇදට ඔලුව තියාගෙන, යුගාන්ගේ අත් අතරේ විහාස්ගේ අතක් පැටලිලා තියෙද්දී යුගාන්ගේ මනසේ විහාස්ගේ මතක එකක් නෑර මතක් වෙන්න ගත්තේ එයා විහාස්ව දාලා රට ගිය එකට එයා ගැනම කේන්ති යද්දී...
"ලොකූ" නේත්ර ඇස් දෙක පියන් ඉන්න යුගාන්ගේ කොන්ඩේ අස්සෙන් හිමින් සැරේ ඇගිලි යවද්දී ඒ දැනෙන සනීපෙට යුගාන්ට කොහෙවත් නැති නිදිමතකුත් සෙට් උනා...
"ම්ම්හ්ම්ම්"
"දැන් ඩොක්ටර්ස්ලා එනවා මල්ලිව චෙක් කරන්න... යමු මොනවා හරි කාලා එන්න..."
"ඔයා කන්න පොඩ්ඩෝ... මං පස්සේ කන්නම්..." හැමතිස්සෙම නේත්ර කන්න යන්න කතා කරද්දී යුගාන්ගේ උත්තරේ උනේ ඒකයි...
"ඔයා මට බලෙන් කැවෙව්වට, මන් දන්නවා තාමත් හරි හමන් කෑමක් කාලා නෑ කියලා... ඔයත් හදන්නේ නොකා නොබී ඉදලා අසනීප වෙන්නද අයියේ."
"එහෙම නෙවෙයි නෙත්, කන්න බෑ දැන්ම මට...."
"ඒත්-"
"කන්න බෑ බං කන්න බෑ!!!! සිංහල තේරෙන්නේ නැද්ද උබට." යුගාන්ගේ හඩ උස්වෙනවත් එක්කම නේත්රව ගැස්සිලා ගියා... ඒ ඇම්බර් කලර් ඇස් වල කදුලු පිරුනේ ඉබේටමයි...
"ඔයා හරියට නපුරු වෙලා අයියේ..." එහෙම කියලා අනික් පැත්තට නේත්ර කාමරෙන් එළියට ගියා...
.
.
.
"නෙත් මං එහෙම-"
"පුංචී! කෝ නේත්ර?" යුගාන් නේත්රට කතා කරන්න ගියත් එතන හිටියේ එයාගේ පුංචි වෙද්දී යුගාන්ට අහේතුකව බය හිතුනා...
YOU ARE READING
අපි අපේ
Non-Fictionඅසම්මතේකිනුත් අසම්මතයක් උන අපේ ආදර කතාව දැන ගන්න ඔයත් එකතු වෙන්න