24🪶

86 10 2
                                    

යසසි පොරොන්දු දුන්නට හැමදේම කියනවා කියලා එයා කොහෙමද දිල්ට මේවා කියන්නේ.... එයා කොහොමද දිල්ට දුකක්‌ දෙන්නේ....ඊටත් මේවා නොකියා ඉදලා මොනවා වෙයිද...

' ඇයි මදාරා මට‍ ඔයාට වගේ හොද අම්මෙක් තාත්තෙක් හම්බුන් නැත්තේ...එයාල කොහොමද එහෙම කියන්නේ කිසි ගානක් නැතුව.... යාලුවෝ නැතුව ඉන්න කියලා එයාලා කීවට මන් කොමද ඉන්නෙ... එයාලා මගේ මානසිකත්වය කවදාවත් තේරුම් ගන් නෑ... ඊටත් මට‍ ඔයාව රිද්දන්න බෑ රත්තරන්...හංගනාවට සමාවෙන්න...'

යසසි කියන්නේ තනිකම උරුම වෙලා තිබ්බ කෙනෙක්... ඉතින් දිල් මෙතූ නෙතු මේ වෙද්දී ඒ තනිකම නැතිකරලා දාලා තිබ්බා...ඒත් යසසි කියන්නේ හරි අහිංසක හිතක් තියෙන කෙනෙක්... එයාට කව්රු රිද්දුවත් එයා කාවවත් රිද්දන් නෑ... කොටින්ම යසසි ඕවර්තින්ක් මනුස්සයෙක්....එයා මේ වෙලාවේ හිතන්නේ එයාට සතුට ගෙනත් දෙන මිනිස්සුන්ගේ සතුට එයා නිසා නැති වෙන්න හොද නෑ කියලා විතරයි...

' එයාලා කිවට  ඕවා වෙනදේවල් නෙමේ... මන් මේවා මදාරාට  කිවොත් එයා කලබල වෙනවා..... ඔලුව අවුල් කරගනි '

ඉතින් වෙනදට බස් එකේ යන යසසිට එන්න වෙන්නෑ තාත්තා ගෙනත් දානවා කිව නිසා පුරුදු විදිහටම අනික් තුන් දෙනා බස් එකේ...

" ඒ දිල් බලපංකො අර කොල්ලා... උගේ කැටයම් යකෝ ඇම්බැක්කෙත් නැතුව ඇති... "

" යකෝ ඉතින් අත දික්කරන්නේ.... උට ඇහුනද කොහෙද මගුල ඔය අතගනින් පකෝ... "

" ඇහෙන්න තමා ගස් නරියට කියන්න ඕනෙ... පොඩ්ඩක් හිනා උනාම හිනා වෙන්න දන්නෑ... "

" උබට කොල්ලෙක් පෙන්න බැනේ බන්... "

" එහෙම තමා... සින්ගල් ලයිෆ්... එයත් මගේ....අරයත් මගේ...ඔයත් මගේ... "

" ඔයත් මගේ පෙන්නයි අර මල යස්සනි හිටියනම් උබට... "

" ඒ සිරාවටම යසා ආපු කාලේ හෙන සීදේවි විදිහට හිටියෙනේ බන්.. දැන් කාලි මදර් වගේනේ... උබත් බත් කන හරකා අහු උනා ඉතින්..."

'' ලෝකේ කෙල්ලෝ කොච්චර හිටියත්... මට ඕනෙ ඒ මල යක්සනි විතරයි බන්... "

" පුහ්... "

" මෙහ්  අර ඩිපියුටි පිපෙටා ඉන්නෙ... "

You've reached the end of published parts.

⏰ Last updated: 6 days ago ⏰

Add this story to your Library to get notified about new parts!

ස්වප්න මදාරා ||GlWhere stories live. Discover now