.08

25 6 6
                                    


මිසිස් පාර්ක් කිව්වත් වගේම අද දවස නම් ජන්කුක් ට ඒ තරම් සුභ උනේ නෑ .. උදෙන්ම office එකට ආවත් හරි ජන්කුක් ට උනේම නරක දේවල් ..

එයා මීටින් එක වෙලාවෙ අතට ගත්ත කෝපි එකත් වැරදිලා documents ටිකකට හැලුනා .. ඒ වගේම ජන්කුක් ගෙ phone එකත් චාජ් බැහැලා ඒකත් ඔන් වෙන්නෙ නැතුව ගියා ...

ඒ කලබලෙන් office room එකට එද්දි ජන්කුක් ගෙදරින් ගෙනාව files වලින් එකක් මිසින් වෙලා .. ජන්කුක් ට පිස්සු වගේ හැදුනා .. ඒක ගොඩක් වැදගත් documents වගයක් දාපු ෆයිල් එකක් ..
ජන්කුක් කලබලෙන් එයාගෙ මේසෙ පෙරලුවත් එයාට ඒ ෆයිල් එක තිබ්බ තැනක් හොයාගන්න බෑ ..

කොල්ලාට හොඳටම මතකෙ තිබ්බා එයා ගෙදරින් ෆයිල්ස් ඔක්කොම චෙක් කරලා වාහනේට දාගත්ත වග ... ගෙදර ඉඳන් office එන ටිකට එයා ඒවා ආයෙම එහෙ මෙහෙ කලෙත් නෑ නේ .. එයා කොහේ හරි වෙන ෆයිල්ස් ටිකක් එක්ක මගෑරගනද දන්නෙත් නැති නිසා සෙකට්‍රි ටත් කියලා ජන්කුක් ඒක හෙව්වා ..

එයා හිටියෙ ගොඩක් වැදගත් මීටින් එකක .. ජන්කුක් ගේ company එකට හොඳ sponsorship එකක් ලැබෙන්න යන වෙලාවෙ ඒ තොරතුරු තිබ්බ file එක මෙහෙම අතුරුදන් වෙන එක තරම් නරකක් තියෙනවා ද ? දාඩිය දාගන ජන්කුක් ඒ ෆයිල් එක හෙව්වා ..

හදිස්සියේ වත් ආයෙම වාහනේ වැටිලද බලන්නත් ජන්කුක් වාහනේ ගාවට දිව්වා .. ඒත් වාහනෙත් කිසිම සටහනක් තිබුනෙ නෑ ... විශේෂයෙන් හොයාගන්නෝන නිසා ජන්කුක් ඒකට පාවිච්චි කලේ කහ පාට හොඳට හොයාගන්න පුළුවන් ෆයිල් එකක් . ඉතින් මෙහෙම මගෑරෙන්න විදියක් නෑ නේ ..

Phone එකත් හදිස්සියෙම ඕෆ් උන එකට ජන්කුක් ට තව තරහා ගියා.. company එකේ තත්වෙ එච්චර හොඳත් නැති වෙලාවෙ හම්බෙන්න යන sponsorship එක නැති කරගන්න නන් ජන්කුක් ට කොහෙත්ම බැහැ .. ජන්කුක් සතියක් හිරේ හිටිය වග company එකට ප්‍රසිද්ධ කරලා තිබුනෙ නෑ .. එහෙ හැමෝම වගේ දැනන් හිටියේ ජන්කුක් සතියකට නිවාඩු ගිය වග .. ජන්කුක්ගේ සෙකට්‍රි එක්කලා company එකේ VC තමයි ඒ දවස් ටිකේ එහෙ වැඩ බැලුවෙ .. ඒත් ඒ නිසාමද මන්දා ජන්කුක් නැති සතියට company එකේ ratings සෑහෙන්න බැහැලා තිබුනා ..

ජන්කුක් ඒක ගොඩගන්නයි මේ තරම් මේ දඟලන්නේ .. phone එකත් නැතුව ගෙදරට කෝල් එකක් වත් දීගන්න විදියකුත් නෑ .. ගෙදර දාලා ආව වගක් නන් ජන්කුක් ට මතකෙකුත් නෑ .. එයා සෙකට්‍රි එක්ක ආයෙම ඒ documents හදන්න සෑහෙන්න ට්‍රයි කලා .. මීටින් එක පැයකට දෙකකට පස්සට දාලා එයා ගොඩ දෙනෙක්ව contact කරලා උත්සාහ කලේ නැති උන documents ඉක්මනට ආයෙම හදාගන්න පුළුවන් ද බලන්න ..

Has llegado al final de las partes publicadas.

⏰ Última actualización: a day ago ⏰

¡Añade esta historia a tu biblioteca para recibir notificaciones sobre nuevas partes!

𝙱𝚎𝚊𝚞𝚝𝚒𝚏𝚞𝚕  𝙻𝚒𝚊𝚛 💐 - JJK ( Ongoing )Donde viven las historias. Descúbrelo ahora