සාරන්‍ය කාමරයට එන කොටත් රන්වීර් දෙන්නටම නිදාගන්න අදින්න ඇදුම් තෝරන ගමන් හිටියෙ.
හැමදාම රන්වීර් ගෙ හැඩ විදින සාරන්‍යට අද තවත් ලස්සනට පෙනුනා. ඒ මොකද සුදු පාට අත්කොට කොලර් ටී ෂර්ට් එක රන්වීර්ගෙ ඇගට ඇලෙන්නම වගේ තියෙන කොට රන්වීර් ගෙ පුදුම ලස්සනක් පෙනුනේ. ටි ෂර්ට් එකට යටින් අත් නැති වෙස්ට් එක ඇදලා නිසා වෙනදට වඩා ඒ ඇග හැඩ වෙලා තිබ්බා. සාරන්‍ය ඇදෙන් වාඩි වෙලා රන්වීර් දිහා බලන් හිටියෙ හරිම හුරතලෙන්.
" රන්වීර් ..."
" හ්ම්ම්.."
" ඔයා අද හරිම ලස්සනයි"
" ඒමද...."
රන්වීර් සාරන්‍ය දිහා බලන් පෙම් හිනාවක් පෑවා.
" මට අද ඔයාව ඉබගෙන ඉබගෙන යන්න හිතෙනවා"
" හිතනවා විතරනේ. කරන්නෙ නෑනේ"
" අහ් ඒමද . ඒනම් බලමුකෝ"
සාරන්‍ය එහෙම කියාගෙන නැගිටලා රන්වීර් ව තමන් ලගට ඇදලා ගත්තා. ගෙල වටේට සිපුම් තියමින් සාරන්‍ය වින්දේ තමන් කැමතිම සුවද.
සුවද විදින ගමන් රන්වීර් ගෙ ටීෂර්ට් එක අතරින් , වෙස්ට් එක උඩින් අත යවමින් පිරිමැද්දේ සිනිදුවට. ඒ ටීෂර්ට් එක ගලවලා දාපු රන්වීර් දැන් ඉන්නේ නිල් ඩෙනිමට යට කරපු වෙස්ට් එක පිටින්. එහෙන්ම සාරන්‍ය ව ඇදට තල්ලු කරලා සාරන්‍ය මතට වැටුන රන්වීර් සාරන්‍යගෙ තොල් මතට බර උනේ ඉවසීමක් නැතුව.
" සාරන්‍ය ... නොහිතපු විදිහට මන් ඔයාට ඇබ්බැහි වෙලා සාරන්‍ය "
ඒ වචන වලට ඇවිස්සුන සාරන්‍ය දෑතින් බදාගෙන සුදු බැනියමෙන් වැහුන රන්වීර් ගෙ පපු තුරුල සිප ගනිමින් මුහුන හොවාගත්තේ පිය රැකවරණයක රැදෙන පුංචි දරුවෙක් වගෙ. රන්වීරුත් සාරන්‍ය ගෙ හිස ගිලිහෙන්න නොදී තුරුල් කරගත්තේ හරිම ආදරනීය විදිහට...
" රන්වීර් මම ඔයා නැති හැම මොහොතම ගෙවාගන්නේ හරිම අමාරුවෙන්. මට ඔයාව මතක් වෙන එක පාලනය කරගන්න බෑ රන්වීර්. මම ඔයාට ඇබ්බැහි වෙලා තියෙන විදිහ ගැන කියන්න මට වචන නෑ. ඒක ඒතරම්ම ඇබ්බැහියක්."
YOU ARE READING
අසම්මත පෙම ( BL Story ) Unrequited love
Lãng mạn"අන්සතු ඔබ වෙත මගෙ හිත බැඳිලා ඔබ ගැන සෙනෙහස හිත තුල පිරිලා සම්මතයෙන් පිට ප්රෙමෙක වෙලිලා මග හැර යන්නට බැරිලෙස බැඳිලා" මේ කතාව ඔහු අන්සතු වීමට පෙර සිටම පෙම් කළ අයෙකු ගැනයි. ඉතින් අවසරයි මට දිගහැරුමට මෙම කතාව. ( මෙහි ගෙන එන සියලුම නම් ගම් මනඃකල්පිත...