51

420 49 43
                                    

" දැන් එතකොට නඩුව කවද්ද තියෙන්නේ ?"

" ඊලග මාසෙ අන්තිම වගෙ ලොකු මාමෙ"

" ඒ උනාට පුතා මම කියන්නේ ඔය නඩුව ෆයිල් කරා කියලා වැඩක් වෙන්නෙ නෑ. හරිහමන් ඔප්පුවක්වත් නැතුව ඉඩමක අයිතිය ගන්නෙ කොහොමද පුතේ? රාජ්‍ය සන්තක උන ඉඩම්වල කොහෙන්ද පුතා අයිතියක් ගන්නෙ ආයෙ?"

"අපිට නැති උන ඔප්පුව හම්බුනා ලොකු මාමෙ"

"මොකක්? ඒ කොහොමද ?"

කෑම මේසෙම එකපාරටම නිශ්ශබ්ද උනේ ලොකුමාමගෙ කතාවෙන්.. එයාටත් පුදුම ඇති ගිනිගත්ත දේපලක ඔප්පු තිරප්පු අවුරුදු 10කට පස්සේ හම්බෙනවා කියනෙක...

" අපිට හරිම අයිතිකාරි ගෙනත් දුන්නා ලොකු මාමෙ.. පොඩි නැන්දෙ.. ඔයාට මතකද ඒ කාලෙ අපෙ ගෙදර වැඩට ආවා ටැමිල් ගෑනු කෙනෙක් අදිති කියලා අර ලමයෙක් එක්ක ආවෙ?"

"අර ගෑනි..මට අමතක කොහොමද පුතා.. ඔය ගෑනි නේන්නම් අපෙ පොඩි එකාගෙ ඇගේ එල්ලෙන්න හැදුවෙ. අනේ මගෙ මල්ලි.. ඕකි නිසයි මට මගෙ  මුලු පවුලම නැති උනේ .. අනේ මගෙ මල්ලි.."

ලොකු මාමා කියපු කෙනාට එහා පැත්තෙන් වාඩි වෙලා හිටිය ගෑනු කෙනා ඇඩුවෙ එයාගෙ අම්මගෙ උරහිසට අත තියලා පොඩි දුව සනසද්දි...පරන මතක ඇදෙනකොට ගොඩක් තැන්වල කදුලු ඉස්සර උනා..

" දැන් අඩලා වැඩක් නෑ මාලතී.. උන දේවල් උනා. ඔයාගෙ මල්ලිටයි අක්කටයි උන දේවල් ගැන ආයෙ මතක් කරලා වෙන්නෙ හිත රිදෙනවා විතරයි.. දේවන්‍ය පුතා.. කියන්නකො ඔය විස්තරේ හරියට වහෙන් ඔරෝ නැතුව "

ගෝනිගොඩ හාමුගෙ කතාවත් එක්කම කෑම මේසෙ වාඩිවෙලා හිටිය දේවාන් තමන්ගෙ එහා පැත්තෙ හිටිය මිශාක්‍ය දිහා බැලුවෙ කතාව කොහෙන් පටන් ගන්නද කියලා.. ගෝනිගොඩ වලව්වේ හාමු නෝනා මාලතී ගෝනිගොඩ කියන්නේ සරලවම සමරනායක පවුලෙ දැන් ඉතුරු වෙලා ඉන්න එකම වැඩිහිටි පුරුක.. පාරම්පරික දැව ව්‍යාපාරයක් ගෙන ගිය සමරනායක පවුලෙ පිරිමි ලමයි තුන්දෙනයි ගෑනු ලමයෙකුයි ජීවත් උනා. ඒ අතරින් අද වෙනකොට ජීවත්ව ඉන්නෙ මාලතී සමරනායක හෙවත් ගෝනිගොඩ වලව්වෙ නෝනාහාමු විතරයි . ගෝනිගොඩ වලව්වෙන් කරකාර බැන්ද සමරනායක පවුලෙ පොඩි දුව අවුරුදු 10කට කලින් උන සිදුවීමේදි හිටියේ එයාගෙ මහත්තයාගෙ ගෙදර නිසා එදා අනතුරින් එයා බේරුනා.

නෙත් මානේ | GLWhere stories live. Discover now