"සුදූ..."
"ම්...කියන්න.."
"ආදරෙයිද?.."
"අපෝ නෑ..."
"ඇත්තටම නැද්ද?.."
"ඔව් ඔව්...ආදරේ නැති හින්දනේ මං ඔයාව marry කලේ.."
"ඒ කියන්නේ...ආදරෙයි"
එයා ආයෙම එහෙම ඇහුවම මං හෝද හෝද හිටපු එළවළු ටික පැත්තකින් තියලා එයාගේ පැත්ත හැරුණා."දැන් මොකක්ද තියෙන ප්රශ්නේ?.."
"නෑ නෑ සුදූ...මං මේ ඔයා මට ආදරෙයිද බැලුවා.."
"දැන් උත්තරේ හම්බුණා ද ඉතිං?.."
"ඔව් හම්බුණා.."
"මොකක්ද උත්තරේ?.."
"ඔයා මට ආදරෙයි.."
"පිස්සෙක් ඇත්තමයි...බබා...ඔයාට මහන්සි නැද්ද ඊයේ flight එකේ පැය ගානක් ඇවිල්ලා...ම්...ගිහිං නිදා ගන්න බබා...මහන්සිනේ ඔයාට"
මං එයා ළඟට ගිහිං එයාගේ ඔලුව මගේ බඩට හේත්තු කරං අත ගාන ගමන් කිව්වා."මහන්සි නම් තමයි...ඒත් ඔයා ළඟ නෑනේ.."
මං ඒකට සද්ද නැතුව හිටියා.කෝලම් වැඩියි දැන්...Marry කරලත් මාස 5 ක් වෙනවා එව් මාස 5 ම මං නැත්නම් ඉන්න බෑ...නාකි හුරතලේ...අපි ඊයේ තමයි Australia ආවේ.සුදූට buisness degree එකක් කරන්න ඕනි කිව්වා.ඒ හින්දා තමයි අපි මේ ගමන ආවේ.අවුරුදු 5 ක් 6 ක් වත් යාවි ඉතිං degree එක complete කරගන්න.මෙහේ තියෙන Monash University එකට තමයි එයා join උනේ.Job එකත් මෙහෙට settle කරං තියෙන හින්දා ප්රශ්නයක් නෑ.සෙයාන්ෂ් university යනවා කියද්දි මට මතක් වෙන්නෙම ඒ කාලේ...ඒ කියන්නේ එයයි මමයි campus එකේදී meet උන කාලේ...අපි දෙන්නම ගියේ ඌව වෙල්ලස්ස university එකට.ඒ තැන තමයි අපි දෙන්නව මුණ ගස්සපු ලස්සනම තැන...මං university එකට select වෙද්දි සෙයාන්ෂ් junior batch එකේ engineering student කෙනෙක්.Campus යන මුල්ම දවසේ ඉතිං හෙන දේශනයක් දෙනවනේ.මං campus එක ඇතුළට යනවත් එක්කම gate එක ඇතුළේ ගහක් යට හිටපු හරි ලස්සන අහිංසක ඇස් දෙකක් මං දැක්කා.එයත් මාව දැක්කා.මං ඇවිදින එකත් නතර කරලා එයාගේ ඇස් දිහා බලං ඉද්දි එයත් මගෙව් ඇස් ඇතුළෙව් ගිලිලා හිටියා.මගේ අතින් මිනුදි ඇදගෙන එක පැත්තකට යද්දි එයාගේ යාලුවෙක් එයාව ඇදං අනිත් පැත්තට ගියා.හොදම වැඩේ කියන්නේ මේ මනුස්සයා එවෙලේ හිටියේ පෑනක් කටේ ගහං.එයාට මාව දැකලා පෑනත් ගන්න අමතක උනා.මොකක් හරි ලියන්න පෑන අරං clip එක ගලවගන්න තමයි පෑන කටට ගහගත්තේ අන්තිමේ ඒකත් ඔහේ තියං ඇදිලා ගියා.අපි දේශනේ අහං ඉද්දිත් මං සැරින් සැරේ දැක්කා ඒ අහිංසක ඇස් දෙක මාව හියං ඇවිත් හොරෙන් හොරෙන් මගේ දිහා බලං ඉන්නවා.කවුද ඉතිං හිතුවේ ඒ ඇස් සදහටම මගේ වෙලා නවතීවි කියලා...
Campus කාලේ තමයි මං හිතන්නේ මනුස්සයෙක්ගේ ජිවිතේ ලස්සනම කාලේ...ඒක මාරම සුන්දර කාලයක්...Rag season එක මාස 6 ක් පුරාවට හරීම කුරීරු ලෙස වින්දා...බොරු කියන්නොන්නෑනේ...ඒ කාලේ ඉතිං චීත්ත ගවුම්නේ අදින්න ඕනි.මිනුදියි මායි හතරවටේම චීත්ත ගවුම් හොයලා ඊට පස්සේ රෙදි දීලා මස්සවගත්තා.මිනුදි කියන්නේ මගෙත් එක්ක 6 වසරේ ඉදං හිටපු මගේ හොදම යාලුවා.ඒකිගේ කට තමයි කට.මගේ පස්සෙන් ඒ කාලේ කොල්ලෙක් එහෙම ආවොත් ඒකිගෙන් ඒ කොල්ලා අහගන්නවා කෙල්ලො කියන ජාතියම එපා වෙන විදියට...මං හිතන්නේ අපේ ගෙදර අයට වඩා මාව මිනුදි පරිස්සම් කලා.ඒ වගේම ඒකි මට මාරම ආදරෙයි...අපි දෙන්නම O/L එකම subjects කලේ...ඒ වගේම A/L නුත් එකම දේ කරලා campus ඇවිල්ලත් අපි කලේ එකම degree එක.Fashion Designing ඒ කාලේ අපි දෙන්නටම පිස්සුවක් වෙලා තිබ්බේ...කොහොම හරි මාව මුලින්ම Rag කලේ සෙයාන්ෂ්...
YOU ARE READING
සම්මත අසම්මත (ONHOLD)
Fanfictionආදරයෙන් පිරුණු එක් අන්තයක් අත හැර වෙනතක ගිය අසම්මත පෙමක්... "දෙයියන්ගේ නාමෙන් මං ඔයාට කියන්නේ මාව එච්චර අසරණ කරන්න එපා කියලයි...තේරුම්ගන්න දෙයියෝ...ඇයි මගේ ආදරේ ඔච්චර බාල්දු කරන්නේ?..මං ඔයාට කරපු වරද මොකක්ද මට කියන්න රත්තරං..." "ගෑනියෙක් බාල්දු වෙන...