Prat 05

5 0 0
                                    

"ආගියා මුට කියපන් මගෙ දේවල් වලට ඇගිලි ගහන්නෙපා කියල"

"උන දෙ කියහන්කො"

"මෙන්න මුගෙන්ම අහගනින්"

"සනූශ්,මල්ලි මොකද උනෙ"

"මුකුත් නෑ අයියෙ උන දේ උනා ඒත් ආය එහෙම වෙන්නෙ නෑ මට සමාවෙයන් අයියෙ බලෙන් උබෙ හිතෙ ඉඩක් ඉල්ලුවට"

"හරි උන දෙයක් කියහන්කො ආරුවා උබවත් කියහන්"

"නෑ බන් මේ..මල්ලිට ඊයේ ටාශි හම්බෙලා තියනවා ඒකි අහල නිරත් එක්ක මොකක්ද තියන සම්බන්දෙ කියල මල්ලි කියල ඒ මගෙ බෝයිෆ්‍රෙන්ඩ් කියල ඕක ගිහින් මේකි උන්ගෙ තාත්තට කියල උන්ගෙ තාත්තා අන්කල්ට කියල අන්කල් මුට හොදටම බැනල"

"අන්කල් බැනල විතරක් නතර උනාද නිරා"

...

"නිරා මන් උබෙන් දෙයක් ඇහුවා උබ මට කොලේ වහන්න එපා මන් දන්නවා අන්කල් බැනල නවතින්නෙ නෑ කියල මේ බලපන් උබෙ මූනෙ තාම ඇගිලි පාරවල්"

"ගැහුවා ගැහුවා තමා යකෝ!!! මෙන්න මුගෙ මොලෙ නැති වැඩ නිසා මට ඉන්න හිටින්නවත් තැනක් නැති වෙන්නයි යන්නෙ ආගියා"

"හරි මචන් අහපන්කො මල්ලි හිතල කරපු දෙයක් නෙවෙනෙ මන් හවස ඒ පැත්තෙ ඇවිත් අන්කල්ට තේරුම් කරන්නම්"
"අව්‍යාක්ශ"

"ම්ම්"

"මල්ලි එක්ක මියුසික් රූම් එකට යන්න අපි එන්නම් චුලක්ශ මියුසික් රූම් එකෙ ඇති"

"හරි"

අපි මියුසික් රූම් එකට ඇවිත් ප්‍රැක්ටිස් කරා අයියල එනකන් සනූශයා නම් හිටියෙ මේ ලෝකෙ නෙවේ ඌට අව්ල් ගන්නෙපා කියන්නත් බෑ මෙහෙම අව්ලෙන් ඉන්නවා බලන් ඉන්නත් බෑ ටිකක් වෙලා ඉන්නකොට ටොපියයි සුකුමාලියිත් ආවා ටොපියා ආවයින් පස්සෙ නම් සනූශයාගෙ මූඩ් එක ටිකක් හරි ගිහා මොනා නැතත් උන් දෙන්නාට ඕනම මනුස්සයෙක් සතුටින් තියන්න පුලුවන් හැකියාවක් තිබ්බා කොයි දෙ උනත් අතාරින්නෙ නැතුව අල්ලන් ඉන්න යාලුවො ලැබෙන්නත් පින් කරන්න ඕන නිවර්ජන අයියලා උනත් දැන් ගොඩක් ක්ලෝස් දකින අයට ලොකුකම වගෙ පෙනුනට ආශ්‍රය කරනකොට තේරෙනව උන් එහෙම නෑ කියල ඇත්තටම මෙහෙම යාලුවො ටිකක් ලැබෙන්න මන් පින් කරල තියනවා අර කියමනකුත් තියෙන්නෙ A sweet friendships refreshes the soul කියල මුන් ලග ඉන්නකොට මට ඒක දැනෙනවා මියුසික් ප්‍රැක්ටිසුත් ඉවර වෙලා ඉස්කොලෙත් ඉවර වෙලා මායි සනූශයයි අපේ ගෙදර ආවා ඌටත් හිතට අව්ල් නිසා මම එන්න කීවා ටික වෙලාවකට හරි සැනසීමක් දැනෙයිනෙ

SunsetWhere stories live. Discover now