"මැඩම් මට හරියට දෙයක් කීවෙ නෑ.මේ සතියට පොඩ්ඩක් උඹ ගැන බලන්න කියලා විතරයි කීවෙ"
"මොකටද මං ගැන බලන්නෙ? මට පුළුවන් තනියම ඉන්න.ඇයි උඹ හිතුවද මම පොඩි එකෙක් කියලා?"
නිම්නයා හිටියෙ හොඳටම ඩෝං ගිහින්.පොර ඔච්චර පුප්පන්නෙ සාමාන්යයෙන් වලියකට සෙට් වුනාට පස්සෙ.පේන විදියට පොර ගෙදර උන් එක්ක වලියක් දාන් ද කොහෙද.කොහොමහරි ඕකත් අන්තිමට නතර වෙන්නෙ මගෙන්.අත්දුටුවයි ප්රත්යක්ෂයි.
"බොරුවට කෑගහන්න එපා! මං ආවෙ තමුසෙට උදව් කරන්න"
"මට කාගෙවත් උදව් ඕන්නෑ! පුළුවන් නම් අම්මටයි තාත්තටයි කියහන් මාව මරාගෙන කන්න කියලා!"
හරිනෙ ආසාව.මේ පාරනම් පොරට තදටම රිදිලා වගේ.නැත්තම් කවදාවත් මූ කොච්චර තරහ ගියත් කාගෙවත් ඉස්සරහ අඬන්නෙ නෑ.ඇත්තටම මෙතන මොකක් හරි ලොකු දෙයක් තියෙනවා.
"නිල්නෙතු.... උඹට තරහ ගිහින් නෙවෙයි.උඹගෙ හිත පෑරිලා.එහෙම නේද?"
"තාත්තට මාව රොබෝ කෙනෙක් වගේ පේන්නෙ අයියෙ! එයාට මට වඩා එයාගෙ නම්බුව ලොකුයි!! මට හිතාගන්න බැරි මං ඒ වෙලාවෙ අරූට දෙකක් ඇන්නෙ නැත්තම් මට මොනවා වෙයිද කියලා!තාත්තට ඒවගෙන් වැඩක් නෑ.එහෙම තාත්තලගෙන් ඇති වැඩේ මොකද්ද අයියෙ!?"
නිමේක්ෂ අයියා ආයෙත් නිම්නයව හග් කරගත්තා.එහෙම කරලා විතරයි නිම්නයගෙ කටේ සැර පොඩ්ඩක් හරි බස්සගන්න පුළුවන් එහෙමත් කෙනෙක්ට.
"තාත්තලා එහෙම තමයි මල්ලි.. උඹලගෙ තාත්තා වුනත් ඒ දේවල්වට ප්රින්සිපල්ට උත්තර බඳින්න එපැයි අන්තිමට.ඉතින්.. තමන්ගෙම පුතා ගැන එහෙම කියද්දි තාත්තගෙ හිත පොඩ්ඩක් හරි රිදෙනවනෙ නේද? ඕක ටික දවසකින් හරි යයි.උඹ කලබල නොවී හිටහන්කො"
"ඒ වුනාට! ඇයි කවුරුත් හරි වැරැද්ද ගැන බලන්නැත්තෙ? හිතපන්කො අරූගෙ අතින් ඕෂධයා මැරිලා ගියා කියලා.එතකොට? මට රණ්ඩු වෙන්න හරි තාත්තෙක් ඉන්නවා.ඒත් උට එහෙම නෑනෙ? මට ගොඩක් දුකයි අයියෙ අද වෙච්ච දේවල් ගැන.එහෙම එකේ තාත්තා මට මෙහෙම කරන එක වැරදියි!"
"ෂ්.. උඹ ඕවා වැඩිය හිතන්න එපා.අපි ඉන්නවනෙ?සේනාධීර සර්ලා එක්ක උඹ ගියෙ නැති එක ගැන උඹලගෙ අම්මා අප්සට් එකෙන් ඉන්නෙ නිම්න"
YOU ARE READING
මණ්දාකිණි | BL | Horror | Onhold
Non-Fiction"සමහර හිත් මුණ ගැහෙන්න ආත්ම ගානක් පෙරුම් පිරුවත් මදි" "ආත්ම ගානක් වුනත් මොකෝ මුණ ගැහෙනවනම්?" "දවල් හීන මවන්න එපා බං!" -24.10.30