ඔහායෝ ප්‍රාන්තයේ වසන්ත සෘතුව මාවතට ගෙන ආවේ අමුතුම අලංකාරයකි.මාර්ගය දෙපස වූ වනාන්තරයේ ගස්වැල් තද කොළ පැහැයක් ගත් අතර ඒවා මාර්ගය අසලින් ම පිහිටා ඇති නිසා මාර්ගය මද අඳුරකින් යුක්ත විය. මේ ඔහායෝ ප්‍රාන්තයේ පීටර්ස්බර්ග් නගරයේ සිට දිවෙන ලේක් සයිඩ් මාවතයි.
ඉතා හොඳින් කාපට් අතුරා සකස් කර ඇති මාර්ගයේ ඉඳහිට වාහනයකට අසුව මියයන රැකුන් සත්වයෙකු ඇරෙන්නට වෙනත් කිසිඳු උපද්‍රවයක් නොවුණි. මෙය තරමක් පාළුවට ගිය ප්‍රදේශයක් වුවත් වසර අවසානයේ හිම පතනය නිසා මිදෙන මිචිගන් විලේ හිම ක්‍රීඩා කිරීමට දෙස් විදෙස් සංචාරකයින් වැලනොකැඩී පැමිණියහ .
එහෙත් මේ අප්‍රේල් වසන්ත සමයේ විල පාළු ස්වභාවයක් ගත් අතර විලේ ජල මට්ටම ද ඉහළ මට්ටමක පැවතුණි.
විල මැද කුඩා දිවයිනකි. බිම් ප්‍රමාණය හෙක්ටයාර භාගයක් පමණ වන්නට ඇත.දිවයින මධ්‍යයේ ඉදිකර තිබුණේ සුවිසල් ගෘහයකි.එහි තිබූ දැව භාණ්ඩ හා දැවමය ආරුක්කු ආදිය නිසා එය බාහිරට පෙනුනේ සම්පුර්ණයෙන් ම පාහේ දැවයෙන් නිමකළ ගෘහයක් මෙනි. ලේක්සයිඩ් මාවතේ යන වාහන වලට කුඩාවට පෙනුණ මේ නිවස ඇත්තෙන් ම විශාල දෙමහල් නිවසකි. විල ඉවුරේ සිට විල මැද වූ මේ දිවයිනට කිලෝමීටරයක පමණ දුරක් පැවතුණි.ඒ සඳහා යන සංචාරකයින් සඳහා පහසුකම් සපයන බෝට්ටු සේවාවක් ක්‍රියාත්මක ය.
මේ නිසාම නිවාඩුවකට පැමිණෙන්නේ නම් බොහෝ දිනකට ප්‍රථම මේ ගෘහය වෙන්කර ගත යුතුව ඇත.බෆලෝ වුඩ්න් ලොජ් වෙත බොහෝ දෙනා පැමිණියේ මෙහි වූ ස්වභා සෞන්දර්ය විඳ නිදහසේ ගත කිරීමටයි. මේ නිසාම ඒ සඳහා ඉහළ මිලක් ද නියම වී තිබූණි. දූපතේ භාරකාරීත්වය හා හිමිකම තිබූණේ ඔහායෝ ප්‍රාන්තයේ විශාල වෙළඳ සමාගමක් වූ රූබර් සමාගමටයි . සමාගමෙි හිමිකාරීත්වය දැරූ ස්මිත් රූබර් , උපතින් ම ධනවත් පවුලකින් පැවත ගෙන එන පුද්ගලයෙකි.තවමත් තිස් තුන් වෙනි වියෙහි පසුවන ඔහු මේ දූපත හා බෆලෝ වුඩ්න් ලොජ්හි හිමිකාරීත්වය ගෙන තෙමසකට වඩා වැඩි නොවීය....................................****......................................
ලේක්සයිඩ් මාවතේ වේගයෙන් ඇදුනේ අති නවීන බී එම් ඩබ්ලිව් මොටර් රථයකි.කළු පැහැ ගත් මෝටර් රථයේ වීදුරුද පිටතට නොපෙනෙන අයුරින් කළු පැහැයෙන් ආවරණය කරතිබූ අතර එහි ගමන් ගන්නා කවුරුන් වුවත් පිටතට පෙනුනේ නැත.
එහි තම අසුනට බරව සුවසේ නින්දක පසුවෙමින් ගමන්ගත්තේ සුරූපි නිරූපිකාවකි .ඇය හොලිවුඩ් හි නම් දැරූ ප්‍රසිද්ධ නිරූපිකාවක් වූ අතර චිත්‍රපට කීපයකම තම දක්ෂතා පෙන්වීය. ඒ සියල්ල ලොව පුරා විශාල ආදායම් වාර්තා ලබාගනිමින් තිරගත වූ බැවින් ඇය ජනප්‍රිය නිරූපිකාවක් බවට පත් වූවාය.
කුඩා කළ ඇයගේ මව අහිමි වීමත් තම කුඩම්මාගෙන් එල්ලවූ අනේක විද හිරිහැර හමුවේ ඇය කීපවරක්ම සියදිවි හානි කර ගැනීමට උත්සාහ කර ඇති බව ප්‍රසිද්ධ රහසකි. නමුත් ඇන්ඩ්‍රියාගේ ඇතුලාන්තය කීවේ .. තමාගේ දෛවය එසේ සැමදා දුක්විඳින්නට සිදු නොවන බවත් තම දෛවය වෙනස් කර ගැනීමේ හැකියාව ඇති බවත් ය.
YOU ARE READING
හැපි ඇනිවසරි
Horrorඅතිශය බිහිසුණු සිද්ධි දාමයකට මුහුණ දීමට සිඳුවන සුරූපී ඇන්ඩ්‍රියා......ඇයට තමා කළ පව් වලින් බේරිමට හැකිද?. කියවන්න..