" ඒ වගේම ඉස්කෝලෙ තීන ඉහලම ශ්‍රේණියක ඉන්න ලමයි වශයෙන් ඕගොල්ලො මේ ඉස්කෝලෙ අනිත් මල්ලිලට ආදර්ශවත් ආකාරයෙන් හැසිරෙයි කියලා මං බලාපොරොත්තු වෙනවා.. අලුතින් ආපු ළමයින්ට පොඩ්ඩක් ඉස්කෝලෙ වටේ ඇවිදලා බලලා ගුරුවරු අඳුනගෙන යාලුවො අඳුනගෙන අනිත් බාහිර කටයුතු ගැනත් දැනුවත් වෙන්න අද අවස්ථාව හම්බෙනවා.. "
" ඒ වගේම විශේෂෙන් කියන්න ඕනි ඔය අලුතෙන් ආපු ඒ වගේම මේකෙ කලින් ඉඳන්ම ඉන්න වලිකාපර්ලා ටික අලුත් වසර පටන් ගන්න දවසෙම මගෙ වේවැලෙන් ගුටි සංග්‍රහයක් බුක්ති විඳින්නනම් ලෑස්ති වෙන්න එපා.. තේරුණාද.. "
" ශෙවාන්?? "
" ඔව් සර්.. "
දොලහ බී වන් පෝලිමේ අන්තිමයටම හිටගෙන නිදිකිරා වැටෙමින් පිනාගෙ දේශනාව අහන් හිටපු කොල්ලා පිනා තමන්ගෙ නම කියලා වෙනම උගෙන් තේරුණාද ඇහුවත් පුදුම නොවුන කටහඬකින් ඔව් සර් ගාලා කෑ ගැහුවෙ ඌට පිනාගෙ ඔය හින්ට් වැදිලි එච්චරටම පුරුදු නිසා..
" හරි එහෙනම් ළමයි, මං හිතනවා අද ඉඳලා මේ පටන් ගන්න දොලහ වසරෙ වැඩ කටයුතු ඔගොල්ලො හොඳට කරගෙන යයි කියලා.. එහෙනම් දැන් පන්තිවලට යන්න පුලුවන්.. "
පිනාගෙ කතාව ඉවර වෙනවත් එක්කම ගම් හතක් පාලුවෙන සයිස් එකේ පත ඈනුමක් යවපු ශෙවාන් අත් දෙකත් උස්සලා තඩි හිරියකුත් ඇරියෙ හොඳට නිදාගෙන ඉද්දි කව්රුහරි බලෙන් නැගිට්ටවපු කම්මැලි පූස් පගයෙක් වගේ..
බොක්කෙ ෆිට් එකත් නැතුව කම්මැලිකමේම පන්තියට ගාටපු ශෙවාන් පන්තියෙ ඉන්නත් කම්මැලි නිසා බෑග් එකත් ඩෙස් එක උඩට අතෑරලා මැත්ස් එක පැත්තට ගාටන්න ගත්තෙ බොක්කෙ ෆිට් එකව හම්බෙන්න යන්න.. උගෙ බොක්ක මැත්ස් කරද්දි තමන් බයෝ තෝරගත්තෙ ඇයි කියන එක උටම ප්‍රශ්නයක්.. ඒත් ඌට මැත්ස් නම් කොහොමත් බෑ කියලා ඌ දන්නවා.. කොමස්වල හර බැර ඌට ඇලජික්.. ආට්ස්වලත් කරන්න පුලුවන් එකක් උට නෑ.. ඉතින් බයෝ කරන එක කෝකටත් හොඳයි කියලා ඌම හිතුවා..
මොන නාඩගම නැටුවත් අන්තිම මොහොතෙ තමන්ගෙ වැඩේ හරියටම කරන ජාතියෙ එකෙක් තමා ශෙවාන්.. අනික ශෙවාන් කියන්නෙ වැඩ බැරි එකෙකුත් නෙවෙයි.. ඌට තීන්නෙ පාඩම් කරන්න වෙලාවක් නැති ප්‍රශ්නෙ.. ගේම් ගහන්නයි, ස්පෝට්ස් කරන්නයි, වලි දාගන්නයි, තුවාලවලට බේත් දාගන්නයි, බයික් පදින්නයි ගියාම ඇත්තටම ඌට පාඩම් කරන්න වෙලාවක් නෑ.. ඒත් බයෝ කරද්දි පාඩම් කරන්න තීන නිසා ඌ ටිකක් හැදෙන්න හිතුවා.. ඒකත් දැන්ම නෙවේ.. මුල් මාස හයෙන් පස්සෙ.. අම්මා තාත්තා කිව්වා කියලා ඌ හැදෙන්නෙ නෑ.. හැදෙනවානම් මෙලහටත් හැදෙන්න එපැයි.. මොනා වුණත් කොල්ලා උගෙ අක්කට නම් පණ බයයි.. ඒ තරමටම ආදරෙයි.. හැමෝගෙම උපදෙස් අරන් අන්තිමේදි ශෙවාන් කරන්නෙ උට හොඳයි කියලා හිතෙන දේ විතරයි.. ඒලෙවල් ඕලෙවල් සබ්ජෙක්ට්ස් තෝර ගනිද්දිත් ඌ කලේ ඒකම තමයි..
YOU ARE READING
නුඹ හා...
Non-Fiction" කාලෙකට කලින් වෙච්ච දෙයක් නිසා මට නිදහස කියන එක මගෙන් ඈත් කරන්න වුණා.. ඒත් එදා මට නැති වෙච්ච ' මගෙ නිදහස ' අද මං ඔයා නිසා නිදහසේ විඳිනවා... " - සදෙව් දිශාක්ය - " මං ඔයත් එක්ක ඉද්දි ඔය...