දහය විතර වෙනකල්ම පහන්දි එක්ක නිම්නයයි මායි ඔහේ කියව කියව රූෆ්ටොප් එකට වෙලා වටේ පිටේ සිරි නරඹ නරඹ ඉද්දි මුලදි නිම්නයට හැදිලා තිබ්බ මූලවාතෙත් ටික ටික අඩු වෙලා ගියා.ඕකට හම්බවුන එකම බෙහෙත තමයි පහන්දිගෙ හැටහතර මායම්වලින් වැදගත්ම එක.අපෙ එකා කොහොමත් කෙල්ලොන්ට සෙකන්ඩ් වෙන්න කැමති නෑනෙ.අන්නේක හින්දා කොහොමහරි පහන්දි එක්ක විසාල වලියක් දාගෙන තමයි අන්තිමට උන් දෙන්නත් අපි වගේ පිට් වුනේ.
දැන් ඉතින් පිට්ම තමයි.
"එහ් කන්න යමුකෝ..! උඹලට බඩවල් නැද්ද ඕයි?"
කෙල්ලෙක් විදියට මදෑ මේකි මෙච්චර වෙලා හරි බඩගිනියි කියන්නැතුව හිටියා.දැන් ඉතින් මේකිට කන්න දුන්නෙ නැත්තම් අන්තිමට මේකි අපිව කන්න වුනත් බැරි නෑ.
"ගිහින් කාපන් ඉතින් මේක උඹලගෙ ගෙදරනෙ?"
"කනවා තමා නිම්න! ආගන්තුක සත්කාර දීලා ඉන්න එපැයි ගෙදර මිනිස්සු කන්න?"
"අනේ බං පහන්දි.. උඹ මෙහෙට ආගන්තුක වුනාට අපිට නම් එහෙම නෑ නේ මචං? පැය විසි හතරෙන් වැඩි ගානක් අපි ඉන්නෙ අයියලා එක්කනෙ"
"අන්නේකයි සහෝදරවරුනි! මේ ගෙදර මේ වෙලාවෙ ඉන්න එකම කෙල්ල විදියට කෝ දැන් ඔය එක අයියෙක්වත් ඇහුවද නංගි කෑවද බීවද කියලවත්? වෙන උන් එපා අඩුම අපෙ එකාවත්?"
"අනේ පලයන් නිකන් රඟපාන්නැතුව! බඩගිනි නම් ගිහින් කාපන්කො මෙතන අයියා ඇවිත් කව්වනකන්ද බලන් ඉන්නෙ?"
නිම්නයගෙ වැඩේම පහන්දි එක්ක කෙහෙවලු පටලගන්න එකමයි.මාත් ඉතින් ඔය එහෙන් මෙහෙන් ඇවිලෙන ගින්නට බොල් වී ටිකක් එහෙම සපයලා පාඩුවේ ගින්දර තැප තැප ලේ ටිකක් පිරිසිදු කරගෙන හිටියා.
"යං !"
පනහ්දි පත ඈනුමකුත් ඇරන් එතනින් නැගිට්ටම තමයි අපිත් ලේඩිස් ෆ'ස්ට් කියලා නැගිටලා කෙල්ලගෙ අඩිපාර දිගේ ආපහු ගේ ඇතුළට ආවෙ.කෑම කන්න පහළටම යන්න වුආ සගෝ.ඊට කලින් දෙවනි තට්ටුව පහු කරලා ඉන්න එපෑ.
අපි එන ටිකට අරුන්ගෙන් සමහරක් වැටිච්ච වැටිච්ච තැන්වලට වෙලා ෆෝන් ඔබනවා.සමහරු පුටු සෙටිවල දිගාවෙලා එකෙක්ගෙ උඩ එකෙක් කකුල් ඔලු අතපය පටලන් ගොරව ගොරව නිදි.ඒ අවුඅස්සෙ තව කට්ටියක් භාවනානුයෝගීව පැත්තකට වෙලා පාඩුවේ සුහද කතාවක් දාන් ඉන්නවා.මේ සේරම මැද්දෙ පහළ තට්ටුවේ තිබ්බ සෙටප් එකෙන් මුලු පළාතටම ඇහෙන්න කන් දෙදරන සින්දු දාලයි තිබුනෙ.ඒකෙ රිදම් එකට එලියෙ යාඩ් එකේ නිමේක්ෂ අයියගෙ තාත්තයි එයාගෙ යාලුවෝ ටිකයි සුමිහිරි පානේ පදමට වද්දගෙන ලල් එකේ වැනි වැනී නටනවා.එහෙම බැලුවොතින් මෙහෙ මේ වෙලාවෙ එක එක විදියෙ මූඩ්වල ඉන්න උන් හිටියා.ඒ අතරෙන් අපි සැට් එක තමයි තාම ළමා මාන්සිකත්වෙ හිටියෙ.
YOU ARE READING
මණ්දාකිණි | BL | Horror | Onhold
Non-Fiction"සමහර හිත් මුණ ගැහෙන්න ආත්ම ගානක් පෙරුම් පිරුවත් මදි" "ආත්ම ගානක් වුනත් මොකෝ මුණ ගැහෙනවනම්?" "දවල් හීන මවන්න එපා බං!" -24.10.30