මං හීනෙන් වුනත් ඒ දැක්ක දේවල් එක්ක මගෙ හිත බොහොම ඉක්මනට කලබල වෙන්න පටන් ගත්තා.මං හේතුවක් දන්නෙ නෑ ඇයි මට මිනුල්ගෙයි සයාශ් අයියගෙයි දේවල් මැවි මැවී පේන්නෙ කියලා.සාමාන්‍යයෙන් හීනවල තියෙන්නෙ අපේ යටි හිතේ තියෙන දේවල් කියලා කතාවකුත් තියෙනවනෙ.ඒත් මෙහෙම දේවල් කොහෙන්ද මගෙ යටි හිතට ආවෙ කියන්න මංවත් දන්නෙ නෑ තාම.
"අක්කෙ? උවා ඇයි මට තනියම ඉක්කෝලෙවත් යන්න දෙන්නෙ නැත්තෙ?"
"තනියම යන්න? පිස්සුද මැණික.. අක්කා කොහොමද මේ පණ්ඩිත ඕෂි බබාව එහෙම තනියම යවන්නෙ? ඔයා තාම එකවසරෙනෙ ඉන්නෙ පැටියෝ.."
"ඉතින්? එක කියන්නෙ උකු පන්තියක්නෙ"
"ලොකුයි තමා.."
"අක්කෙ? උවා බය වෙන්න එපා.මං ආයෙ අම්මයි අප්පච්චියි මතක් කරලා අඬන්නෙ නෑ.මට උවා ඉන්නවනෙ"
"අනේ රත්තරන්..."
මේක නිකන් මං ආත්ම දෙකක ජීවත් වෙනවා වැඩක්.මිනුල්ගෙ දේවල් පෙනුන හැම වෙලාවකදිම ඒ කොහෙහරි තැනක අන්තිමට මගේ මතකයකුත් තියෙනවමයි.
"අනේ.. බලපන්කො ඕෂධයා දිහා.. කූචි කූචි සොෆ්ට්!"
"අවුස්සන්න එපා බං! ඕකා ඔහොම හිටියට උඹ දන්නෑනෙ උගෙ හැටි"
"එහෙනම් උඹම ඇහැරවගනින් බොක්කව!"
පහන්දියි නිම්නයයි නටලා නටලා දාඩියත් පිහ දදා මෙතනට ඇවිත් මොන මගුලක් කරනවද මංදා ඒ පාර.
උන් කරපු මගුල මට තේරුනේ මොකක් හරි සීතල දෙයක් මගෙ යටි පතුල්වල ඇතිල්ලීගෙන යද්දි.මං උඩ ගැස්සිලා ඇහැරුනා යකෝ.තව පොඩ්ඩෙන් ඇඳ පල්ලෙ.
"ආශ්හ්හ්!"
"අහ්ම්.. ගුඩ් මෝනින්ග් ඕෂධ!"
මං බලාපොරොත්තු වුනේ වෙන කෙනෙක්ව.හැබැයි ඉතින් මුං දෙන්නව දැක්කම බලාපොරොත්තු මල්ඵල ගැන්වුනා.
"උඹලා නටලා ඉවරද..?"
ඇස් දෙකත් මිරික මිරික ඇඳේ ඉඳගෙන මං එහෙම ඇහුවෙ ඒ වෙද්දි කිසිම සද්ද බද්දයක් තිබුනෙ නැති හින්දා.
"නටලා ඉවර වෙලා කොයි වෙලාද හලෝ?අපි ගෙදර අස් කරලත් ඉවරයි! කොහෙද උඹ ඉතින් වැඩ කරන්න වෙයි කියල කලින්ම දොයිය බබා වෙලානෙ"
YOU ARE READING
මණ්දාකිණි | BL | Horror | Onhold
Non-Fiction"සමහර හිත් මුණ ගැහෙන්න ආත්ම ගානක් පෙරුම් පිරුවත් මදි" "ආත්ම ගානක් වුනත් මොකෝ මුණ ගැහෙනවනම්?" "දවල් හීන මවන්න එපා බං!" -24.10.30