"Good morning babe...""Good morning love..."
"වෙලාව දහයයි මැණික..."
පහුවදා සෙනසුරාදා දවසක් වගේම කලින් දවසේ ආදරණීය හෝරා වල ප්රතිඵලයක් විදිහට මහන්සියට සිහිනට ටිකක් නින්ද ගියා... අදයි හෙටයි නිවාඩු නිසා ලබන සිකුරාදට යෙදෙන දුවගේ අවුරුද්දෙ උපන්දිනේට ඕන කරන දේවල් අදයි හෙටයි ලෑස්ති කරගන්නයි එයාලා ඉන්නේ...
"එච්චර දවල් වෙලාද තාත්ති...අනේ ඔයා කෝපි එකක්වත් බිව්වද...? ඔයාට දැන් බඩගිනිත් ඇති... එතකොට දොණි..."
"Relax babe...තාම නිදිමතේද ම්න්... දෝණි අටට නැගිට්ටා... එයාට කුක්කු හදලා පොවලා ඊට පස්සෙ එයා එක්ක උදේ කෑමත් හදලා කවලා දැන් මේ වොෂ් කලා විතරයි... අපිටත් කෑම ගෙන්න ගත්තා... තාම අමාරුයිද බබා..."
"නෑ ශේනු...දැන් හරි... අපි කාලා දූගේ ඇඳුම බලන්න යමු නේද..."
"දොළහට වගේ යමු...එතකොට එළියෙන් ලන්ච් අරගෙන එන්න පුලුවන්නෙ... ඔයා වොෂ් එකක් දාගෙන එන්න බබා... මම කෝපි එකක් හදන්නම්..."
මේ තමයි සිහිනයි ශේනුකයි හීන මවපු ජීවිතේ... සදාකාලිකද තාවකාලිකද දන්නෙ නැති උනත් හැබෑ කරගත්ත ජීවිතේ... එයාලා දැන් එක පවුලක් වගේ... ශේනුක සිහින ආල්යා තුන්දෙනාම ඉන්නෙ හරිම සතුටින් සැනසීමෙන්... ඒත් එයාලගේ සතුට කොයි වෙලේ නැති වෙයිද කියලා එයාලා දැනන් හිටියේ නෑ... මිනිස්සු සතුටින් ඉන්නකොට ඒ සතුට නැති වෙන දෙයක් වෙන එක දරාගන්න පුලුවන්ද... එයාලා එහෙම වෙයි කියලා හිතුවෙ නැති නිසා එහෙම දේකට සූදානමක් වත් තිබුනේ නෑ... ශේනුක සිහිනගෙ නලලට ආදරණීය හාදුවක් තියලා කුස්සියට ගියේ ආල්යා කොට් එකේ සෙල්ලම් කරන නිසා...
"කෝ එන්න දෝණි තාත්තා බබාට ෂෝයි සූට් එකක් අන්දන්න... කාවද හොයන්නේ..."
"තා...තා...."
"නෑ නෑ තාත්තිට කරදර කරන්නෙ නෑ...දැන් ඔයාට තාත්තා එපා නේද... තාත්තිවමයි හොයන්නෙ නෝටි කෙල්ල... තාත්ති පව්නෙ දෝණි... අපි ලෑස්ති වෙලා තාත්ති ගාවට යමුකෝ... හලිද..."
ශේනුක කුස්සියට වෙලා කෝපි හදලා කෑම ටික පිඟන් දෙකට දාන ගමන් හිටියේ... සිහින වොෂ් දාලා ඇවිත් ආල්යවත් ලෑස්ති කලේ එතකොට එයාටයි ශේනුකටයි ලෑස්ති වෙන්න ලේසි නිසා... කාමරේ ඉදලා දොණි එක්ක කියවන සිහිනට ගේට්ටුව අරින සද්දෙ ඇහුනෙ නෑ... තල්ලු කරලා අරින්න පුලුවන් නිසා ඒක දන්න ඕන කෙනෙක්ට වත්තට එන්න ලේසියි... ශේනුක සිංදුවක් මුමුණන ගමන් හිටියේ... ඉතින් එයාටත් ඒ සද්දෙ ඇහුනෙ නෑ... උදේ ඕඩර් කරපු කෑම ටික ගන්න එළියට ගිය නිසා ඉස්සරහා දොරත් ඇරලා තිබුනේ... ඉතින් ඕනම කෙනෙක්ට ඇතුලට එන්න පුලුවන්...