35.

69 10 17
                                    

"ඔයා දන්නවනෙ අපේ අම්මා ආකර්ෂි ආංටිගෙ හොඳම යාලුවා කියලා? ආකර්ෂි ආංටිට මිනුල්ව හම්බෙන්න ඉද්දි අපේ අම්මටත් ඔයාව හම්බවෙන්නයි හිටියෙ.ඩිලිවරි එකට මාසෙකට කලින් ආකර්ෂි ආංටි UK ගියා එයාගෙ හස්බන්ඩ්ගෙ ගෙදරට.ඒ වුනත් එයා හැමදාම අපේ අම්මට කෝල් කරනවා.ඒ දෙන්නටම ඩිලිවරි එකට හම්බවෙලා තිබුනෙත් එකම දවස් ඕෂි.ඒ දෙන්නා ගොඩක් සතුටින් හිටියෙ ඒ ගැන.හැබැයි ඒ ඩේට් එකට දවසක් කලින් අපේ අම්මට ටිකක් අමාරු වුණා.අප්පච්චි කලබල වෙලා අම්මව හොස්පිට්ල් එක්කන් ගියා.ඔයා දන්නවද? එදා අම්මගෙ බඩේ ඔයා විතරක් නෙවෙයි හිටියෙ.ඔයාට ට්වින් කෙනෙක් හිටියා ඕෂි"

දන්නෙම නැතුව ලොලිපොප් එකත් ඉවර වුණා.ඒත් මේ කතාව අහන් හිටිය හින්දා මං ඒකවත් දන්නෙ නෑ.ඇත්තටම අක්කා කියන විදියට මං වගේ තව එක්කෙනෙක් හිටියද? ඒත් කෝ..

"ඕෂධ මන්සිතු සුවහස්,මිනුල් සිතුම්ස සුවහස්.ඒ නම් දෙකම හැදුවෙ මම,මගේ මල්ලිලා දෙන්නට දාන්න.ඒත් ඕෂි.. මොකද්දෝ පවකට එදා මට ඉතුරු වුනේ ඔයා විතරයි.එයා මේ ලෝකෙ දකින්නත් කලින් අපිව දාලා යන්න ගිහින්.ඊට දවසකට පස්සෙ තමයි ආකර්ෂි ආංටිටත් එයාගෙ බබාව හම්බවුනේ.එයා එවලෙම අම්මට කෝල් කළා.ඒ වෙද්දි මෙහෙ වෙන දේවල් ගැන එයත් දැනගෙනයි හිටියෙ.ඔයා දන්නවද ඕෂි? ආකර්ෂි ආංටිට හම්බුන බබා.. එයා හරියට ඔයා වගේමයි.එයා UKවල ඉපදුන හින්දා කෙවින් අංකල් එයාට ඉන්ග්ලිශ් නමක් තමයි දාලා තිබ්බෙ.ඒත් ආකර්ෂි ආංටි එයාට දාපු සිංහල නම තමයි අපේ නැති වුන මල්ලිගෙ නම,මිනුල් සිතුම්ස සුවහස්.ඕක තමයි ඇත්ත"

අපි හිටියෙ බස් එකේ වුනාට මට මේවා ඇහෙද්දි මොකද්ද මංදා අමුතු වේදනාවක් දැනෙනවා.දැන් කොහොමහරි ඔක්කොටම ඉතුරු වෙලා ඉන්නෙ මම විතරයිනෙ.මගේ ට්විනුත් නෑ.අනික් මිනුලුත් නෑ.මං දන්නවා දැන් මගේ ඇස්වල කඳුළු ඇති.මට ඕනි වුනේ නෑ ඒවා මතක් කරලා අක්කට රිද්දන්න.ඒත් මට දැනගන්න ඕනි වුනා මං කවුද කියන එක.

"අනේ ඕෂි.. අඬන්න එපා මැණික.."

ඒ මගේ අක්කා.එයාට බෑ මගේ ඇස්වලින් කඳුළු වැටෙනවා දකින්න.ඒක හින්දා එයා මගෙ කඳුළු පිහදලා දැම්මා.අපිව දකින උන් හිතන් ඇති බ්‍රේකප් වුන කපල් එකක් කියලා.ඒක දකින කෙනාගෙ හිත අනුව වෙනස් වෙනවනෙ.මොනා උනත් ඇත්ත දන්නෙ අපි විතරයි.ඉතුරු ටිකත් අහන්න ඕනි හින්දා ඒ වෙලාවෙ මම කටේ ගහන් හිටිය ලොලිපොප් බටේ ජනෙලෙන් එලියට විසිකරලා දාලා අක්කගෙ කරෙන් ඔලුව තියාගත්තා.

මණ්දාකිණි | BL | Horror | OnholdWhere stories live. Discover now