"හරි ඩොක්ටර් .. ඕකේ මම ඒ ගැන අහලා ඩොක්ටර්ට කියන්නම් .. ඕකේ .. තෑන්ක්ස් ඩොක්ටර්..
මම ඩොක්ටර්ගෙ කැබින් එකෙන් එලියට ඇවිත් බලද්දි සනුක මල්ලි ඉන්නවා පුටුවට හේත්තු වෙලා ෆෝන් එක ඔබ ඔබ .. ශූවර් ඕකා ඇත්තෙ fb
" සනුක ..
"අනේ බොසා .. කොල්ලා ඉන්නවා ..
සනුකයා ඉද්ද ගැහුවා වගේ නැගිටිද්දි මම හිනා වෙලා ඌ ගාවට ගියා .."චැනල් කරපු එකටයි , රූම් එකට යි දෙකටම ගෙවලා එන්න මම කා එකට යනවා මගෙ ඔලුව රිදෙනවා සනුක ..
මම කියද්දි සනුක මගෙ අතින් බැංකු කාඩ් එක අරන් මගෙ දිහා බැලුවා..
"කා එකේ සයිඩ් කැබි හෝල් එකේ පෙන්ඩෝල් ඇති දෙකක් බොන්න අයියෙ මම ඉක්මනට එන්නම් ..
සනුකයා කියද්දි මම හිනා වෙලා එන්න ආවා .. කා එකට ඇවිත් මම පුංචි අම්මට කෝල් එකක් දාලා හෙට අප්පච්චිව මෙහෙ අරන් එන්න කියලා ඔලුව ශීට් එකට හේත්තු කර ගත්තා .. මොන හුත්තක්ද මේ ..ඔලුව පැලෙන්න තරම් රිදෙනවා ..
"සර් කාඩ් එක ..
සනුකයා මට කාඩ් එක දික් කරද්දි මම ඒක කා එක ඉස්සරහින් තියන්න කියලා ඔලුව තියා ගත්තා..."අයියෙ .. අයියා දැන් අපාර්ට්මන්ට් එකට යන්න ..මම ඔෆිස් එකේ වැඩ ටික කරලා එවන්නම් .. එකදිගට ගියා ආව නිසා වෙන්න ඇති .. මතක් කරලා බෙහෙත් බොන්න ..
සනුක කියද්දි මම ඔලුව විතරක් හොලවලා ඇස් පියා ගත්තා...
මට හරි අමාරුයි..උදේම නැගිටින්නෙ මොකද ස්කොලෙ යන්න ඈ.. මම තව ටිකක් නිදා ගත්තා.. ගමේ ආවත් හරි මට ඊයේ බෑග් එක බලද්දි මතක් වුනේ මම බ්‍රශ් ඒකයි ශෑම්පො එකයි බොඩි වොශ් එකයි දාලා ඇවිත් කියලා .. සැප කනේ .. දැන් උදේ ඒවා අරන් එන්නත් යන්න එපෑ .. මම ඒක කල්පනා කරලම නිදා ගත්තා නිසාද මන්දා පහට ඇහැරුනා .. කරන්න දේකුත් නෑ.. දැම්ම පල්ලට යන්නත් කම්මැලි .. මම ෆෑන් එක ටිකක් වැඩි කරලා කාමරේ ජනේලෙ ඇරියා.. එලි වෙන්න පටන් අරන් ලා කහ ගැහිලා නැතත් ලාවට මෝදු වෙනවා ඉර අහසින් .. අදුර කපාන පන්සලේ පිරිත් සද්දෙ ඇහෙද්දි ඈතින් ලස්සන පරණ සින්දුවක් ඇහෙනවා ගම්බද බිසෝ .. මීදුම යාන්තමට යන නිසා මට පීනසේ වැඩි වෙයිද මන්දා . මම ජනේලෙ පැත්තට වෙලා ශීට් එක පොරෝ ගත්තා .... ෆෝන් එක අතට අරන් ධනූර්ට අර ගන්නත් හදලා ආයෙමත් තිබ්බා .. ඌට මොකටද කතා කරන්නෙ ..ඊයේ බැන්නෙ හුත්තා .. දෙයියනේ උදේ පාන්දර මූ මතක් වෙද්දි කුණුහරුප මතක් වෙනවා ..
මම එහෙමම ශිට් එක ඔලුවෙ ඉදන් පොරව ගන්න ගියත් කෝල් එකක් ආවා ..මම ඉක්මනට ෆෝන් එක ආන්සර් කරා ..
ESTÁS LEYENDO
මතක මන්දිර
No Ficción"ආදරේ අතෑරෙන්නෙ අල්ල ගත්ත හිත් බිදුනහම බං එහෙම බලද්දි උබ වැරදි නෑ... උබ ආදරේ කරා .. මාත් ආදරේ කරා .. ඒත් උබට මං ඕන තැන මම මාව අතෑරියා .. ඉතින් මතක කොච්චර ලස්සන වුනත් උබත් එක්ක මටත් නැති මාත් එක්ක මම තනි වුනා ..." ඉතින් අත්හැරුණු හිත්වල ආදරේ අවුන්ස...