නිදහසේ ඉන්න ගෙදර ආවා මදෑ.සීයා මාවත් අල්ලන් වත්ත සුද්ද කරගත්තා ඇති වෙනකල්.අන්තිමට ඉතින් අත්තම්මගෙන් බත් කටක් එහෙම කාලා නාගන්න කියලා ආපහු ගෙදර ගියා අක්කයි මායි.ලේඩිස් ෆ'ස්ට් වුනාට කම්මැලිකම හින්දා අපෙ අක්කා මට මුලින් නාගන්න ඉඩ දීලා එයා අර.. හොරෙන් හොරෙන් කියවන පොතක් කියවන්න පටන් ගත්තා.
මං පැය දෙකක් විතර බාතෲම් එක අස්සෙ ඉඳන් සුදේ සුදු වෙන්න නාලා එලියට එද්දි මේකි මාව දැකලා සුටුස් ගාලා පොත පැත්තකට දාගත්තා.කොහොමහරි ඉතින් අක්කා මගෙන් ලිස්සලා ගියා එවලෙ.මං හොයාගන්නම්කො මැඩම් මොකාටද සැරසෙන්නෙ කියලා.
අක්කා නාගන්න ගිය වෙලේ මම ෆෝන් එකත් අරන් සාලෙට ඇවිත් සාලෙ තිබ්බ පුටු සෙටියෙ දිගා වෙලා ලාවට සින්දුවක් මුමුණ මුමුණ හිටියෙ මොකක් හරි වැදගත් දෙයක් මට අමතකයි කියලා යටි හිත කියද්දි.ඒත් මට ඒ ගැන තාම ඔලුවට ආවෙ නෑ.
*+2 Unread massages from Ayya
ෆෝන් එක අතට ගත්ත වෙලේ තමයි දැක්කෙ වට්සැප් එකෙන් ඇවිත් තිබ්බ නොටිෆිකේෂන්ස්.බැලින්නම් ඒ නෙතෘ අයියා.අපි ගියා කියලා දැනගෙනද දන්නෑ.සමා වෙයන් අයියෙ නොකියා ආවට.හැබැයි මට ආයෙ එහෙ පස් පාගන්න වෙයිද කියන එක නම් තාම ප්රශ්නාර්ථයක්.
'Gedr giyda?'
Reply : Giyaaa
'Hm'
Reply : Ub gedr awad?
'Awa'
Reply : Man heta enw
'Ok'
මූත් එක්ක චැට් කරනවට වඩා හොඳයි පාඩුවේ පොතක් කියවගත්තනම්.ඇයි යකූ හැම එකකටම එක වචනෙන් උත්තර දෙන්නෙ.ටයිප් කරන්න කම්මැලිනම් වොයිස් එකක් දාපන්කො.නැත්තම් ඕෆ්ලයින් පලයන්.මූ වට්සැප් එකත් එපා කරවනවනෙ.මුට බම්බු ගහගන්න කියලා මම ඩේටා ඕෆ් කරලා දාලා ෆෝන් එක පැත්තකින් තියලා ටීවි එක දාගත්තා.අම්මේ යකූ සෑහෙන කාලෙකින් ගාෆිල්ඩ් බලන්න හම්බවුනේ.දැන් අහන්න එපා උඹ කාටුනුත් බලනවද කියලා.ඇයි යකූ මොන සික්ඛයද කියපන්කො ගාෆිල්ඩ් බලලා නැත්තෙ.
"අහ්.. සුදූ ගෙදරද?"
ඕං බලපන්කො ඉතින්.මේ රෑට රෑ වෙද්දි ආයෙ මොකාද සුදුවෙක් හොයන් ආවෙ මෙහෙ.නිකමට හැරිලා බැලින්නම් ඒ හිටියෙ අපේ බාප්පා.ඒ මිනිහා ඔහොම්මයි.ගෙදරකට එද්දි දොරට තට්ටු කරන්නයි.නැත්තම් බෙල් එක ගහන්න ඕනි.මේකා හිතුවද දන්නෑ මේක උගෙ අම්මා අප්පගෙ ගෙයක් කියලා.බාප්පා තමයි.හැබැයි මට පේන්න බෑ මේ මිනිහව.
YOU ARE READING
මණ්දාකිණි | BL | Horror | Onhold
Non-Fiction"සමහර හිත් මුණ ගැහෙන්න ආත්ම ගානක් පෙරුම් පිරුවත් මදි" "ආත්ම ගානක් වුනත් මොකෝ මුණ ගැහෙනවනම්?" "දවල් හීන මවන්න එපා බං!" -24.10.30