06

19 2 0
                                    

අරියදේව ගේ ප්‍රස්නයට දෙන්න උත්තර අමරටත් නැති ය. උහු ඒ හන්දාම කොරේ වෙද ගුරුන්නාන්සෙ බෙහෙත් තෙල් ගානා දිහාව නිස්සද්දව බලා ඉඳීමක්.

අමර මුකුත් නොකීවාට වෙච්චි සන්තෑසි, වෙන සන්තෑසි ඔක්කොම අරියදේව හොඳ හැටිම දනී. ඒක හන්දාමයි අමර ගෙං පිළිතුරු වචනයක් අරියදේව බලාපොරොත්තු නූනේ ත්. නන්දා ත් ගෙයි උලුවස්ස පිට බලාගෙන ඉන්නවා.

"දැං ඉස්කෝලෙ වැඩ හොඳ හැටියෙං කරාන යනවද අමර?!"

නිහඬව ඉන්නත් හොඳ නෑ නෙවැ. ඒකයි අවසානෙට නන්දා එහෙම ඇහැව්වෙ.... අමර ගෙ මූණෙ ඒකට නං ළා හිනාවක් ඇඳුණා ලු ඕං!

"කරාන යනවා ඉතිං!"

ඒ වෙලාවෙ අමරගේ මූණ හරී..... මෝඩ පාටයි... ඒ හිනාව ඒ පෙනුම තව වැඩි කරනවා! අරියදේව නං ඒ වචන එක්කලා ඇස් හීං කරානයි අමර ගේ මූණ දිහා බැලුවේ.

"මොකක්දෑ බං ඒ හරුපෙ තේරුම?!

වෙනවුං ඔයි පුරස්නෙට උත්තර කියන්නෙ හොඳට කොරනව හරි සාමාන්‍යයෙං කොරනව හරි කියල නෙ!
එහෙමත් නැත්තං ආ....පෝ අමාරුයි ගාණවා!

උඹැහෙ මොකක් ද මේ කරාන යනව කියන්නෙ?!"

අරියදේව ඒ කියෙව්වෙ අමර ගෙ අතට කරපු තෙල් සාත්තුව අහවර කරලා... අමර ත් ගුරුන්නාන්සෙ ගෙ වචන අහවර වෙද්දී හොඳ... හුස්මක් ගත්තා!

"අපි ඉතිං මයුර මල්ලි ලා දේදුණු නංගි ලා වාගේ පොතේ පතේ කාරණා වලට උපං හපං උං නෙවෙං නෙ ගුරුන්නාන්සෙ සීයේ!

අපිට ඔයි ගණං හදන රචනා ලියන කෙරුවාවල් හරී.....ම අමාරුයි ඉතිං!

එහෙව් කොට කරාන යනව කියල නොකියා වෙන මක්කා කියන්නදෑ මං?!"

අමර තාමත් අර මෝඩ පාටටම මූණ තියාගෙන තමා උත්තර දුන්නේ. අරියදේව ඒකට හිනා වුණා. ඒත් ඒක නිකං හිනා නොවී බැරි කමට හිනා වුණා වගෙ එකක්! නන්දා ට නං ඒක පෙනුණේ එහෙමයි.

අරියදේව හොඳ හුස්මක් අරං මීනම්මා කනප්පුව උඩ තියාන ගියපු තේ කහට කෝප්පෙ අතට ගත්තා. ඒකෙං උගුරක් බීලා තොල කට තෙමාගෙනයි ආයෙම උහු කතා කරේත්.

"අමාරු වුණා ට කමක් නෑ.......

උඹ හොඳට ඉගෙන ගන්න ඕන අමර!

You've reached the end of published parts.

⏰ Last updated: a day ago ⏰

Add this story to your Library to get notified about new parts!

කාල මේඝාම්බරWhere stories live. Discover now