12 ❤️

127 11 0
                                    

ඒත් ඇතුළට යන්න කලින් ආදිශ් එයාව ළගට ඇදල ගත්තෙ සොදුරු ට හිතන්නවත් වෙලාවක් නොදී.

"මොකද මේ..."

සොදුරු යන්තමින් මුමුනද්දි ආදිශ් සොදුරුගෙ පිට තමන්ගෙ පපුවට තද කරගෙන සොදුරු ගෙ තොල් වලට බර උනා.

විනාඩි ගාණක හාදුවකට පස්සෙ ආදිශ් සොදුරු ට යන්න දුන්නා.

දෙන්නම ඇදුම් මාරු කරගෙන සාලෙට ඇවිත් ටීවී බලන්න හිතුවා. අන්තිමට ෆිල්ම් එකකුත් දාගෙන ස්නැක්ස් ටිකකුත් අරන් සොදුරු සෝෆාවෙ ඉදගත්තා.
ආදිශ් සොදුරු ගෙ කකුල් මැද්දෙන් බිම ඉදගෙන සොදුරු ගෙ ඔඩොක්කුවෙ ඔලුව තියා ගත්තෙ සොදුරු ගෙ හීනි ඇගිලි ආදිශ්ගෙ කොණ්ඩෙ අස්සෙන් යද්දි.

හවස 3ට විතර දෙන්නම කාමරේට ගියේ පොඩි නින්දක් දාන්න. සොදුරු ඇදේ බිත්තිය අයිනට ගුලි වෙද්දි ආදිශ් එහා පැත්තෙන් ඇල වෙලා සොදුරු ගෙ නළළට හාදුවක් තියලා එහාට වෙලා ඇස් පියාගත්තා.
සොදුරු ටික වෙලාවක් ඔහේ වට පිට බල බල හිටියෙ නිදි මතක් තියා නාමයක් වත් නැති වෙද්දි.

සොදුරු හිමින් හිමින් ආදිශ්ට ළං වෙලා ආදිශ් ගෙ අතක් තමන්ගෙ ඉණ වටේ ඔතාගෙන ඒ පපුවට තුරුළු උනා.
ආදිශ් ගෙ කිසිම ප්‍රතිචාරයක් නැති වෙද්දි එයා නිදි කියලා සොදුරු ට තේරුනා.
සොදුරු ආදිශ්ගෙ කම්මුලකට තොල් තද කළා. ටික වෙලාවකින් ආදිශ් ගෙ මූණ පුරා ම හාදු වැස්සක් තියලා සොදුරු තව ටිකක් තදට තුරුල් වෙලා ම ඇස් පියා ගත්තා.

Adhish's P.O.V.

මම නිදි කියලා හිතන් මූණ පුරා ම ඉබලා එයා දැන් හා පැටියෙක් වගේ නිදියගෙන ඉන්නවා. මමත් එයාව ටිකක් උඩට අරන් ඇහැරෙන්නෙ නැති වෙන්න චූටි පෙක් එකක් ඒ රෝස තොල් වලට තිබ්බා.

එයා තප්පරෙන් ඇස් ඇරලා මං දිහා බැලුවා.

මට මේකව හපන්න ඕනෙ අප්පා...

"ආදි.. නිදාගත්ත ඇති නෙ..."

"නිදාත්ගත්තද??

"ම්හුක්.. මං නිදාගෙන ඉදියෙ . ඔයා තමා ඇහැරුවෙ"

"ම්ම්.. ඔන්න මං පිළිගත්තා"

එයා හිනාවෙලා මගෙ බෙල්ල අස්සෙ මූණ හංගගත්තා.

"ආව්ව්.... එපා යකෝ.. මං ගෙදර යන්න ඕනෙ"

එයා මගෙ බෙල්ල තදට දත් පාර හිටින්නම හපද්දි මං කෑ ගැහුවා. වැඩක් නෑ. ඒකා පාර හිටිනකන් ඉදල තමා අත ඇරියේ.

දැන් ඉතින් මදුරුවෙක් ව තුරුල් කරගන්න ගිහින් කෑව කියල වත් ගෙදරට කියනවා.

__________________________

_සංසාර_   [ONGOING] [BL] Where stories live. Discover now