ලොකු tsunamiයකට පස්සෙ ආයෙත් ඉර පෑයුවා වගේ යකෝව්.ෂිලෝන් ඩොකා අයියා කීව විදියට දවස් තුනක බෙඩ් රෙස්ට් එකක් ගත්ත හින්දා දැන් නම් මොන යකෙක්ටවත් බෑ මේ ඕසදේගෙ පිට් එක නැති කරන්න.ඒ දවස් තුනක් ගෙවුනෙ නිකන්... ගෑනු ළමයෙක්ට අහවල් එකක් වෙලා කාමරේ අස්සට දාලා හිටියා වගේ.සිරාවටම කීවොත් අර ලොකු බේබියා මාව බලාගත්තෙ නිකන් මං උගෙ බේබි ඌ මගෙ ස'වන්ට් වගේ.ඔහොම වෙලා මදි ඕකට.බලෙන් කරගහත්තු කරදරනෙ සගෝ මේවා.මුට පුදුම ආසවක්නෙ තිබ්බෙ අපෙ අක්කගෙ තැන ගන්න.දැන් පොරට හොඳටෝම තේරිලයි තියෙන්නෙ ඒ චරිතෙට බහිනවා කියන එකේ තියෙන ලුණු ඇඹුල්.
"මං ගිහින් එන්නම්,ඇඳ බදන් නිදාගන්නැතුව නැගිටලා පොතක් පතක් බලාගනින්! මං ආයෙ එද්දි අර පාස්ට් පේපර්ස් පහම ඉවර කරලා තියපන්!" හරි බොසා.ඇඳ බදන් නිදාගන්නැතුව මං තෝව බදන් නිදාගන්නද යකූ.උදේ පාන්දරම මේ යකා මොන මගුලකට මාව ඇහැරෙව්වද මංද මූ!
එදා බ්රහස්පතින්දා දවසක් හින්දා පොර සුදු කිට ගහන් ඉස්කෝලෙ පැත්තෙ මංගච්චන්න වගේ හදන්නෙ.මේ දවස්වල අපෙ සයන්ස් එකේ උන්ගෙ ඔලුගෙඩි උඩට බරපතල වගකීම් නැවක් පැටවිලානෙ අර මොකද්ද ඩේ එකක් හින්දා.ඒකට තමයි පොර ඔය ක්ලාසුත් කට් කරගෙන ගැන්සිය එක්ක ඉස්කෝලෙ මංගච්චන්නෙ.
මං ගැන අහන්න එපා සහෝදරවරුනි.මම ඉස්කෝලෙ යන්නෙ නෑ!කවුරුත් මට බල කරන්නෙත් නෑ.මං යන්නෙත් නෑ!
කොහොමහරි ඉතින් පොර සුවඳ බේරෙන සැර සෙන්ට් එක්කුත් ගහගෙන ඇඳ ළඟට ඇවිත් අර විදියෙ දෙයක් කියලා මගෙ කොන්ඩෙ ටිකක් ඇවිස්සුවම මගෙ නින්ද හොරු අරන් ගියා වගේ වුනා.මොකද කීවොත් ඉස්සර හොස්ටල් එකේ ඉද්දි උදේට ඇහැරින්න කලින් නිම්නයගෙන් කන කෑමවලට වඩා මුගෙ ආදර එලාම් එක මරු සගෝ.මං කොයිවෙලෙත් කියනවා වගේ මේක හෙන ආරක්ෂිත හැඟීමක්.මට ඕක ගැන හොඳටම මීටර් වුනේ මම ඇඳට සීමා වුන මේ දවස් තුනේදි.ඇත්තටම ඌ මට අයියා කෙනෙක් විතරක්මත් නෙවෙයිදෝ වගේ දෙයක් මගෙ යටි හිත මට විටින් විටේ කියනවා.වෙන්න එපෑ! උට බෑ කොහොමත් අපෙ අක්කා තරම් හොඳට බේබි සිටින්ග් කරන්න.ඉම්හි ඉම්හි.
බොසා මට කරන්න ඕනි වැඩ ටික පවරලා ඉස්කෝලෙ ගියා සගෝ.හැබැයි උගෙ අර දංවැල් එල්ලෙන බැජ් එක නෑනෙ දැන් ඉස්සර වගේ.ඒක නැතුව උගෙ ගැම්ම නෑ වගේ නිකන්.අවුලක් ඤැහ්! ඌ එනකල් උගෙ ගෝලබාල නාට්ටාමියෝ සෙට් එක දෝත දික් කරන් ගේට් එක ඉස්සරහ ඉන්නවා ගල් කණු ටිකක් වගේ.උන් ටිකව දැක්කම අර දුලංජයගෙ කෝටුකිතයියොන්ට වගේ නෙවෙයි පොඩි උන් පවා ඈතින් එද්දිම ෂර්ට් එහෙම හරියට යට කරන් කොන්ඩවල් හදාගෙන පෝළිමට එනෝ බලු කුක්කො ටික වගේ.උන් තාමත් මේකුන්ට බයයි කියන්නෙ ගැම්මක් තමා නාට්ටාමි අයියලා!
YOU ARE READING
මණ්දාකිණි | BL | Horror | Onhold
Non-Fiction"සමහර හිත් මුණ ගැහෙන්න ආත්ම ගානක් පෙරුම් පිරුවත් මදි" "ආත්ම ගානක් වුනත් මොකෝ මුණ ගැහෙනවනම්?" "දවල් හීන මවන්න එපා බං!" -24.10.30