"I'm Begging... God.. "
එයා මට දාපු තහනම් නීති අයින් කරලා එයාට තුරුල් වෙන්න දෙද්දි, මම හරි ලෝභ කමින් ඒ පිරිමි පපුවට තුරුල් උනා.
"මගේ තරූ..."
එයා හෙමිහිට මුමුනද්දි මම කරන්ට් එක වැදුනා වගේ එයාගෙන් ඈත් උනා.
"තරූ??? මගෙ නමේ එහෙම කෑල්ලක් නෑ..."
මම එයාගෙ ඇස් දිහා කෙලින් බලන් කිව්වෙ එයා මගෙ දිහා තේරැම් ගන්න බැරි විදිහට බලන් ඉද්දි.
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
"දොර වහගෙන පරිස්සමට ඉන්න."
"ම්ම්"
තරූ ගැන එයා මට මුකුත් නොකිව්වා වෙද්දි මමත් එයාගෙන් අහන්න ගියෙ නෑ.
මගෙ පපුව රිදෙනවා.
මට ඇඩෙන්න එනවා.
ඒත්..
මට එයා ගැන සැකයක් කේන්තියක් නොදැනෙද්දි මම දොර වහලා ඇවිත් ඇදට වැටුනා.Adish's POV •••
ෆක්..
මොන මගුලක් ද මන් ඒ කිව්වෙ..මම පාරට ආපු ගමන් කෝල් එකක් ගත්තෙ එයාගෙ යාලුවට
"හෙලෝ... මහිත්. උබ වැඩක් ද බං?"
"නෑ බං කියහන්.."
"මේ පොඩ්ඩක් සොදුරු ගෙ ගෙදරට යන්න බැරිද බං.. අපි අතරෙ පොඩි ප්රශ්නයක් උනා.
කොල්ලට දුක ඇති බං...""මොකද්ද බං උනේ කියහන්කො..."
"මට දැන්ම කියන්න බෑ බං. පොඩි කාලයක් දීහන් මට.."
"හරි හරි හරි.. මං සොදුරුව බලන්නම් උබ පරිස්සමට ගෙදර පලයන්කො.ම්ම්ම්...."
"හරි බං තෑන්ක්ස්..."
Mahith's POV••••
මම සදරැස්ට කෝල් එකක් අරන් ආදිශ්ව බලන්න කියලා සොදුරු ගෙ ගෙදරට ගියෙ දස්සවයි ජනියවයිත් එක්කගෙන.
අපි යද්දි සොදුරු නිදාගෙන ඉදියා කිව්වට කොල්ල අඩලද කොහෙද ඇසුත් රතු වෙලා කොණ්ඩෙ අවුල් කරගෙන.
"ඇයි මේ හදිස්සියෙ?"
උගෙ කටහඩත් අමුතු වෙලා.
"ඇයි දැන් අපි ආවත් වැරදිද.. ගිහින් මොනා හරි හදන් වරෙන් මගුලක් අහනනැතුව.."
දස්සා එහෙම කියන ගමන් මගෙ දිහාත් බැලුවේ මටත් සොදුරු එක්ක යන්න කියන්න.
මම උගෙ කහට අතක් දාගෙන කුස්සියට ගිහින් ෆ්රිජ් එකෙන් කූල් වතුර බෝතලවක් එළියට ගත්තා.
Sandaras's POV
මහී කෝල් කරලා කිව්ව ගමන් මම ආදිලගෙ ගෙදරට ගියෙ පසියයි තරියයි එක්ක. උං දෙන්නා පහල තට්ටුවේ ඉදන් ආදිගෙ අම්මව කයියට අල්ල ගනිද්දී මම ආදිව හොයන් උඩට ගියා.
ඌ ඇදේ පෙරලිලා ඔහේ සිවිලිම දිහා බලන් ඉන්නවා.
ඇස් වලින් කදුලු බේරෙනවා.
මම ඌ ගාවින් ඉදගෙන ඇස් දෙක පිහදාද්දි ඌ මං දිහා බලපු විදිහටම මට වෙලා තියෙන දේ තේරුම් ගන්න පුළුවන් උනා.මම මුට කිව්ව කොල්ලට හරියට කියනකම් කට වහන් පාඩුවෙ ඉන්න කියලා.
__________________________
මේ කතාවෙ peak එක.
තව චැට්පර්ස් කීපයයි තියෙන්නෙ.__________________________
Thanks For Reading..
Mwahhhhh ❤️

YOU ARE READING
_සංසාර_ [ONGOING] [BL]
Romanceආත්ම ගාණක් පතන් ආපු ආදරයක්.... ඒත්.... ඒ ඇස් වල අයිතිකාරි... මේ ආත්මෙ කොල්ලෙක්නම්.... ❤️