26.

1.9K 103 34
                                    

දැනිලා තියෙනවද තමන් ගොඩක්ම ආදරේ කරන අය තමන්ගේ ඇස් දෙක ඉස්සරහම ලේ විලක් මැද හුස්ම අල්ලදී ඒ දැනෙන වේදනාව !!..

ඒක දන්නේ එක වතාවක් හරි එහෙම දේකට මුහුණ දීලා තියෙන අය විතරයි !

ඉතින් නුදේන් කියන්නේ දෙවෙනි වතාවටත් ඒ දේට මූණ දෙන ගමන් ඉන්න කොල්ලෙක්. මීට අවුරුදු කීපයකට කලින් තමන්ගේ අම්මා තමන්ගේ අත් දෙක උඩදිම අවසන් හුස්ම හෙලද්දී 'මං ආදරෙයි සුදු පුතා' කියලා අන්තිමට ඒ කියපු වචන වල බරපතල කම එදා අවුරුදු පහක පුංචි නුදේන් ට නොතේරුනාට, ඒ වචන ටිකම 'මං ආදරෙයි අයියෙ' කියලා තමන් ආදරය කරන කෙනාගේ කටින් පිටවෙද්දි නුදේන් ට දැනුනේ මේ මුළු ලෝකයම කඩන් වැටුනා වගේ. තමන් ආපු වාහනෙන් මේ වෙනකොට කිසිම ප්‍රයෝජනයක් ගන්න බැරුව තියෙද්දි කාත් කවුරුත් නැති ඒ පාළු පාර මැද තමන්ගේ මුළු ලෝකෙම අත් දෙක අස්සෙ හිර කරගෙන හඬා වැටෙන නුදේන් ගෙ තනියට හිටියේ වැස්ස වලාහක දෙවියො විතරයි. කවුද කියන්නේ දරදඬු පිරිමි හිත් අස්සේ මනුස්සයෙක් නෑ කියලා... හැඟීම් දැනීම් නෑ කියලා...

ඒත් එක්කම එතනට ආවේ තවත් වාහනයක් !!

වාහනය නවත්තලා වැස්සෙම ඒකෙන් බැහපු ආගන්තුකයො දෙන්නා එතනම ගල් ගැහුනේ තමන්ගෙ ඉස්සරහ තියෙන දර්ශනය අදහා ගන්න බැරුව...

ඒත් ඒ ක්ෂණයෙන්ම,

"ආරද්‍ය නැගිටපන් යකෝ... ඔය කොල්ලව හොස්පිට්ල් අරන් යන්න.."

ඔව් ඒ ඇවිත් හිටියේ වෙන කවුරුවත් නෙවෙයි. නුදේන් ගෙ හොඳම යාළුවො දෙන්නා. අදීශයි සයාශුයි... ඒත් ඉතින් අදීශ කතා කරපු එක නුදේන් ට නෙමෙයි ඇහුනේ. නුදේන් තවත් නිලස් ව තුරුළු කරගත්තේ කවුරු හරි ඇවිත් උදුරන් යයි වගේ.

"සයාශ් ! මුව ගනින් එහාට... ඉක්මනට.."

ඒ කියපු සැණින් සයාශ් පැනලා නුදේන් ව එහාට ඇදලා ගත්තේ නුදේන් ගේ තුරුලේ හිටපු නිලස් ව  අදීශ අරගද්දි. හතර දෙනාවම තමන් ආපු වාහනේ දාගෙන අදීශ, වාහනේ හැටට හැටේ වේගයෙන් අරන් ගියේ පාර එයාගේ තාත්තගෙ දේපලක් වගේ. පැය බාගයෙන් එන්න තිබ්බ හොස්පිට්ල් එකට විනාඩි පහළවෙන් ගියපු අදීශ ඉක්මනින්ම රෝහල් සේවකයෙකුගේ ද සහය ඇතිව නිලස්ව හදිසි ප්‍රතිකාර අංශයට ඇතුලත් කරත් නිලස් ව පරික්ෂා කරපු වෛද්‍යවරයා ඔහුව එවෙලෙම දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කරන්න කිව්වේ තත්ත්වය ටිකක් බරපතළ නිසා. සයාශ් එක්ක දැඩි සත්කාර ඒකකය ළඟට ආපු නුදේන් එතනම තිබුන පුටුවට පරඬැලක් වගේ කඩාගෙන වැටුනෙ අදීශ ආරද් ට කතා කරලා හොස්පිට්ල් එකට එන්න කියද්දි.

නිලැස්Where stories live. Discover now