සතියක් පුරාවට ඉස්කෝලේ ගිහින්ම අමාරුයි අද නම් මොකා ආවත් නැකිටින්නේ නෑ ඇත්තමයි.. එක්කෝ කම්මැලි කන් කරන්න ඕනෙ නෑ ඔන්න ඔහේ නැකිටලා කා එක්ක හරි රණ්ඩුවක් දාගන්න ඕනෙ..ඔහොම හිත හිත මන් ඇදෙන් බැහැලා බාත්රූම් එක පැත්තට පියබලා වගේ ආවා..
මලයගේ රූම් එකේ ලයිට් එහෙම දාලා දොරත් බාගෙට ඇරලා තිබුණ.. ඌ කොහොමත් උදේම නැකිටින එකා නේ.. අම්මලත් උදේම ගිහින් වගේ කරන්න වැඩකුත් නෑ..
" මොන මගුලක්ද මේක.. කොයි වෙලෙත් එල්ලෙන්නමයි බලන් ඉන්නේ.. "
" ඉතින් ඇත්ත නේ මොකටද උබ එක එක ගෑණු මට ජෝඩු කරන්නේ.. "
" ඕන මගුලක් කරගනින්.. තියපන් ෆෝන් එක.. "මේ මොකද මේ උදේ පාන්දරම ප්‍රේමවන්තයා කුපිත වෙලා.. මුළු ගෙදරම දෙදරන්න සද්දෙ.. මූ මන් බුදි කියලා හිතාගෙන ප්‍රේමවන්තියට පෙම් බස් දොඩනවා ඇති.. ඒක නම් මාර පෙම් බස් දෙඩවිල්ලක් මාවත් ගැස්සුනා.. මන් හිතන් හිටියේ මූයි මුගේ කෑල්ලයි පට්ට ලව් එකේ ඉන්නවා කියලා බලාගෙන යනකොට එහෙම නෑ ආදරේ කියන්නෙම රණ්ඩු වෙන එකද කොහෙද..
මන් සද්ද නොකර මුණත් හෝදගෙන ආයේ රූම් එකට ඇවිත් දොර වහගත්තා.. මට ඇහුණා කියලා ප්‍රේමවන්තයා දන්නව නම් වහ කනවා.. උන්ගේ රණ්ඩු උන්ට හොදයි මන් අද දවස ගෙවන විදියවත් හිතන්න ඕනෙ..
බීප් බීප්... බීප් බීප්...
ෆෝන් එක රින්ග් වෙනවා විතරයි ඇහෙන්නේ දාපු දිහාවක් නෑ.. හරි ලස්සනයි ඇද යට..
" හෙලෝ.. ඕ කියපන්.. "
" මොකද බන් කෝල් එක උස්සන්න උබට ඔච්චර වෙලා යනවද.. බුදියන්ද හිටියේ.. "
" පිස්සුද බන්.. ෆෝන් එක හොයාගන්න බැරි උනා ඇද යට තිබිලා ලොකු මෙහෙයුමක් දියත් කරලා දැන් මේ අතට ගත්තා විතරයි.. "
" අනේ උබේ මෙහෙයුම්.. "
" මොකෝ උබ අද කරන්නේ ගෙදරද.. "
" මාත් කෝල් කලේ ඒක අහන්න තමා.. "
" මරු මරු එහෙනම් වරෙන් මෙහෙ.. මරු භාණ්ඩයක් ගත්තා.. "
" මොකක්ද ඒ.. "
" වරෙන්කෝ පෙන්නන්න.. ආරෝන් කාරයා නැද්ද.. "

YOU ARE READING
SANDA RAAKA | ONGOING ✫
Romanceසඳ එලිය දිගේ ආදරේ අරගෙන එන රහස් අමුත්තාගේ කතාව... _සඳ රෑක_