පලමු දිගහැරැම

20 1 0
                                    


[ඩර්ඩන්ස් රෝහල - කොළඹ]

" මිස්ට සේනානායක අපි පොඩ්ඩක් කතා කරමුද? මිස්ට සේනානායක...." දැඩිසත්කාර ඒකකයේ ඉඳලා ඩොක්ට කෙලින්ම ආවෙ ඩලස් ලඟට.ඔහු ඩලස්ට කිහිප වතාවක්ම කතා කලත් ඩලස්ගේ අවධානය වෛද්‍යවරයා වෙත යොමු වුනේ නෑ.

" ඩොක්ට..මට කියන්න..ඇතුලේ ඉන්නෙ මගෙ මල්ලි..." ආනන්දි වෙව්ලන දෙතොලින් වචන ගලප ගන්න වෙරදැරුවා.

" එන්න....ඉඳගන්න..මේක බොන්න.." තරැණ වෛද්‍යවරයා ඉතා කාරැණික ලෙස ආනන්දිට තමාට බීමට ගෙනත් තිබෙන වතුර කෝප්පය පිලිගැන්නුවා.දිය පිපාසයෙන් කාන්තාරයක සිටි අයෙක් ලෙස ඇය එක හුස්මට එය බී අවසන් කර දිගු සුසුමක් හෙලුවා.

" මිස්ගෙ නම.."

" මං ආනන්දි..චලන්ගෙ අක්කා මමයි ඩොක්ට.."ඇය නැවතත් හඬා වැලපෙන්නට වුනා.

" මිස් ආනන්දි....මේක ටිකක් සීරියස් කේස් එකක්..ඔයාට පුළුවන් කියලා විශ්වාසද මං කියන්න යන දේ කලබල නොවී තේරැම් ගන්න.."

" ඕන දෙයක් කියන්න ඩොක්ට..ඒ මගෙ එකම මල්ලි..මං ඕන දෙයක් කරන්නම්..."

" මිස් ආනන්දි චලන්ව අපිට මැෂින්ස් වලට දාන්න වුනා..."

" කමක් නෑ ඩොක්ට..මගෙ මල්ලි ආපහු හිටපු තත්වෙට ගන්න පුළුවන් නම් කරන්න පුළුවන් දෙයක් කරන්න..කමක් නැ...."

" මං මේ කියන දේ ඔයා කලබල නොවී තේරැම්ගන්න....චලන්ගෙ ඔලුවට 99.99%ක් ඩැමේජ් වෙලා.ස්නායු අංශුවක්වත් බේරිලා නෑ....එයාගෙ හාට් එක වැඩ කලාට බ්‍රේන් එක ඩෙඩ්..."

" ඉතිං ඩොක්ට...එකනෙ ඔයාලා ඉන්නෙ...මගෙ මල්ලිට හොද වෙන්න බෙහෙත් කරන්න...."

" අමන්දී...අපි දෙවියො නෙවෙයි...ඩොක්ටස්ලයි..අපිට කරන්න පුළුවන් උපරිමය අපි ලෙඩා වෙනුවෙන් කරනවා..ෆයිනලි....චලන් වෙනුවෙන් අපිට කරන්න ඉතුරැ වෙලා තියෙන්නෙ මෙච්චරයි..." ඔහු ලිපි ගොනුවක් තුලින් ලියවිල්ලක් ගෙන අානන්දිට ලබා දුන්නා.

" මේ මොකද්ද? "ඇය ලිපිය කියවමින් විමසුවා.

" චලන් වෙනුවෙන් මේ වගේ දෙයක් කරන එක එයා ලබන මතු ආත්මයකට පිනක්..." වෛද්‍යවරයා හිමීට කිව්වා.

කඳුළුWhere stories live. Discover now