ජීවත් වෙන්න,
කෙනෙක්ට ජීවත් වෙන්න හේතුවක් උවමනා ද ?
ජීවත් වෙන්න හේතුවක් නොතිබුනත්, ඔබ ජීවත් වෙන්නේ හැම උදේකම ඇස් ඇරෙන නිසාමද?
නැත්නම් තවමත් හුස්ම ගන්න නිසාද?ඇයි අපි ජීවත් වෙන්නේ?
පණ රැකගන්න මේ තරම් මහන්සි වෙන්නේ?
ඇයි මේ තරම් ලතැවෙන්නේ?සමහරක් කාල වලදි අපි හැසිරෙන්නේ අතරමං වුණ පොඩි දරුවෝ වගෙයි.
හරි පාර හොයාගන්න එක ගොඩක් අමාරුයි, වෙහෙසකරයි.
ඒ නිසා එක තැනක නතර වෙලා අපි බලාගෙන ඉන්නවා.
අත පය හොලවන්නවත් උත්සාහ කරන්නේ නැහැ.
එක පියවරක් වත් ඉස්සරහට තියන්න කලින් ම, ඊලඟ මොහොතේ මොනවා වෙයිද කියලා හිතෙනවා.
අනිත් අය තමන්ගේ උත්සාහයෙන් ලබාගන්න දේවල් දැක්කම හිතට මොකක්දෝ දෙයක් දැන්නෙවා.
ඒත් මම අනිත් අයට වඩා වෙනස් කියලා අපිම නිදහසට කාරණා කියනවා.
එවෙලෙත් හිත අහන එකම ප්‍රශ්නය
ඇයි මම ජීවත් වෙන්නේ?
දවසක් එනවා ඇත්තටම ජීවත් වෙන්න හේතුව මොකක්ද කියලා ඔයාටම තේරුම් යන.
මම ජීවත් වෙන්නේ මට වුවමනා නිසා!
මම ජීවත් වුනත් නොවුනත් කිසිම දෙයක් නතර වෙන්නේ නැහැ.
අද හොඳින් හිටියා කියලා හෙට දවස නරක වෙන්නේ නැහැ.
අද නරක දවසක් වුනත් හෙට ජීවිතේම වුනත් වෙනස් වෙන්න පුළුවන්.
හොඳ දේවල් නරක දේවල්, මේ හැමදේම ඈතින් ඈතට යනවා අපිව පහු කරගෙන!
ජීවත් වෙද්දී සමහර අවසානයන් වේදනාකාරියි. නවතින සමහර තැන් පුදුමාකාරයි.
සතුට, බය, දුක මේ හැමදේටම මුහුණ දෙන ගමන් ජීවිතේ ඉස්සරහට නොගියොතින් ඊලඟ ගමනාන්තයේ මොනාවා තියෙයිද , මොනවා වෙයිද කියලා දැන ගන්න ලැබෙන්නේ නැහැ.
මොකද හැම අවසානයකම ඔයාටම හිමි වෙච්ච කතාවක් තියෙනවා.
සමහර වෙලාවට අපි යන පාර වෙන කෙනෙක්ගේ වෙන්න පුළුවන්.
ඔයාට ඒ පාරේ යන්න කොයිතරම් ඕන වුනත්, ඒ පාර ඔයාට අයිති නැහැයි කියලා හිතුනොතින්
ආපහු හැරෙන්න.
මොකද තව කෙනෙක්ගේ කතාවක් අපේ කරගත්තම හිතට සතුටක් දැනෙන්නෙ නැහැ.
දුක සතුට බෙදා ගත්ත ඔබේ කතාව කොයිතරම් වේදනාකරී උනත් ඔබ ඔබේ කතාවට ආදරය කරන්න.
මොකද ඔයාගේ ජීවිතේ කියන්නේ
ඔයාටම විතරක් අයිති කතාවට.
අපි හැමෝම ජීවත් වෙන්නේ ඒ කතාව ගොඩනගන්න.
ඇයි ඔබ අතීතය මකන්න උත්සාහ කරන්නේ?
ඔයා ඔයාවම හොයාගත්තේ ඒ නැවතුණු තැන් වලදී.
ඉතින් අතීතය අමතක කරන්න අමාරුනම්,
අමතක කරන්න යන්න එපා.
හිතේ කොනක හංග ගන්න.
මොකද ඒ ඔයාගේ කතාවේ තව එක කොටසක් විතරයි.
මේ ජීවිතය සිය දහස් වාරයක් එකට එතුණු පටලැවිල්ලක් වුනත් ඒකට කමක් නැහැ.
මොන දේ සිද්ධ වුනත්, ඔයා කවුරු වුනත්
මේ ජීවිතේ ඔයාගේ,
වෙන කවුරුවත් දන්නේ නැහැ,
ඔබේ කතාව දැනගන්න නම් ඒ කතාව ඔයාටම ගළපන්න වෙනවා.
යන පාර ඔයාටම තෝරගන්න වෙනවා.
මුකුත්ම නොකර පසුතැවෙනවාට වඩා වැරදීම්, පරාජයන්ගෙන් එන වේදනාවත් එක්ක ඔයාට දැනෙයි
ඇත්තටම ඔයා ජීවත් වෙනවා කියලා.
ජීවිතේ වතාවක් දෙවතාවක් වැටිලා වුණ පොඩි හීරීම් ගැන හිතලා ලතැවෙන්න එපා.
ජීවිතේ දිගයි කියලා දැනෙන්න නම් ඔබ ජීවත් වෙන්න ඕන.
අඩුලුහුඬුකම් ගැන හිතමින් තැවෙන්න වුවමනා නැහැ.
ඒ අඩුපාඩුකම් වලට බැහැ අවසානය වෙනස් කරන්න.
හිත හයිය කරන් හෙටට මුහුණ දෙන්න නම් අන්තිම දවස වෙනකම් ජීවිතය හොයන් යන්න ඔයා තීරණය කරන්න ඕන.
හැමදේම කරන්න පුළුවන් ඔයාටම විතරයි.
මොකද ඔබ ජීවත් වෙන්නේ ඔබට වුවමනා නිසයි!