ඔක්කොටම කලින් කියන්න ඕනි මේක කෙටි කතාවක්...ඒ කියන්නේ එක සිදුවීමක් මත පදනම් වෙච්ච කතාවක් නම් නෙමෙයි....නැත්තම් වන් ශොට් එකක් නම් නෙමෙයි......
මතක තියාගන්න මේක මගේ හිතින් මම නිර්මානය කරපු චරිත එක්ක ආව කතාවක්...ඒ කියන්නේ කිසිම දෙයක් ඇත්ත ජීවිතේට සම්බන්ද නැහැ...කම්මැලි වෙයිද දන්නේ නැහැ කියවන්න....ඒ තරම් දිග කෙටි කතාවක්......
ඉතින් එහෙනම් කියවලා බලන්නකෝ
මම මොනවා ලියලද කියලා මමවත් දන්නේ නැහැ....
මහන්සියෙන් ලියුව එකේ අමාරුවෙන් හරි කියවයි කියලා හිතනවා.... 😁
...........................................................මම ජීමින් ...පාක් ජීමින්....මගෙ වයස අවුරුදු 19යි....ඔව් මම තාමත් ස්කෝලේ යනවා....ස්කෝලෙ යන අතරේ පොඩි පාට් ටයිම් ජොබ් එකක් කරලා මම මටම සල්ලි හොයාගන්නවා...
ස්කෝලේ ගැන කියනවා නම් මම ස්කෝලේ ඉන්න නිකන්ම පොඩි කොල්ලෙක්....මගේ විශේෂත්වයක් නැහැ..මාව දන්නේ ටික දෙනෙක් විතරයි...ඒ මගෙ යාලුවෝ ටික...ඒ යාලුවෝ නැත්නම් මට කවුරුත් නැති තරම්...මේ අතර විශේෂ කෙනෙක් ඉන්නවා...ඒ තමයි ටේ හ්යුන්ග් ....මගේ පුන්චි කාලේ ඉදන්ම හොදම යාලුවා..මගේ ගෙදරින් මාව එලවපු දවසේ ඉදලා මාව බලාගත්ත කෙනා..මට උදවු කරපු කෙනා...අපි දෙන්නම ඉන්නේ දැන් එකම ගෙදරක..එයා මගේ සහෝදරයා වගේ....මාව ගෙදරින් එලවන්න එක් විශේෂ කෙනෙක් එක් විශේෂ දෙයක් හේතු උනා...ඒ මගේ පලවෙනි ආදරේ...
මගේ ගෙදරින් මාව අයින් කලේ ලොකු හේතුවකට...මම ටිකක් වෙනස් කෙනෙක්...ලෝකය බලාපොරොත්තු වෙනවට වඩා මම අසාමාන්ය කෙනෙක්..ඒ කියන්නේ මගේ විදිය වෙනස්...කොටින්ම කිවුවොත් මම ආකර්ශනය වෙන්නේ කොල්ලොන්ට...මගේම සම ජාතියේ අයට....ඉතින් අපේ පවුලෙන් මාව ඒ විදිය කෙනෙක් කියලා පිලිගන්න ලෑස්ති උනේ නැහැ.....එයාලා කිවුවේ මම පවුලට අවනම්බුවක් කියලා..මම නිසා අපේ පවුලේ ගෞරවය නැති වෙනවා කියලා....අන්තිමේදි මට ගෙදරින් යන්න සිද්ද උනා...යන්න කිවුවට යන්නම නෙමෙයි...මාව ගෙදරින් එලෙවුවා....මගේම තාත්තා මගේ ඇදුම් ටිකත් බෑග් එකක් දාලා මාව මහපාරට තල්ලු කලේ කිසිම සැලකිල්ලක් නැතුව....එදා පටන් මම ඉදියේ තනියම...එයාලා අඩුම තරමේ මම ජීවත් වෙනවද කියලාවත් හොයලා බැලුවේ නැහැ...ඒත් මම පුලුවන් හැම වෙලාවකම හොරෙන්ම මගේ අම්මා ගැන හොයලා බැලුවා...මගේ නන්ගි ගැන හොයලා බැලුවා...එතකොටයි මට තේරුනේ..මම නැති උනත් එයාලා තාම සතුටින් කියන එක....
YOU ARE READING
Without You..... (Yoonmin Short story)
Fanfiction......Without you I am Incomplete .....