CHAPTER 1

1.4K 140 3
                                    


නම්සන් කුලුන පාමුල ඉදන් චෙරි මල් පිස ගෙන හුලග විදගෙනම ටේහ්යො‌න්ග් අතේ තිබ්බ කෝ‌පි එකෙන් ටිකක් බීවා... ඔහු බලන් හිටියේ සෝ‌ල් අහසේ දිදුලන එක තරැවක් දිහා... එය දම් පාටයි.. සැබෑවටම එය ග්‍රහලෝ‌කයක්..

ඇ‌න්ඩ්‍රො‌මීඩා ක්ෂීරපථයේ, පෘථිවියට සමාන්තර මානයක තියන ග්‍රහ ලො‌වක්.. එහි ආ‌යු කාලය ටික ටික නැති උනා.. දැන් එය පුපුරා යාමට නියමිත දැවෙන ග්‍රහයෙක්..

"අම්මේ, තාත්තේ... මට ඔයාලාව මතක් වෙනවා..."

ටේහ්යො‌න්ග් කිවේ කාලයක් තමන්ගේ නිවස උන මිය යන ග්‍රහලෝ‌කය දිහා බලාගෙන..

වසර 10කට පෙර ඔහුගේ පියා බලෙන්ම ඔහුව පෘථිවි ගවේෂණ කණ්ඩායමට ඇ‌තුල් කලේ ගවේෂණ කණ්ඩායම පිට වි වසරක් ගත වන විට තම ග්‍රහලො‌ව විනාශ වන බව කල්තියාම දැන සිටි නිසා.. ගවේෂණ කණ්ඩායමට එවක ග්‍රහලො‌ව මත සිටි එක් එක් දෙයට දක්ෂ තරැණයන් 10 දෙනෙක් තෝ‌රාගත්තා.. ඒ‌ අතර ටේහ්යො‌න්ග් විශේෂ උනේ ඔහු සතුවු පුදුමාකාර ශක්තින් නිසයි.. මිනිස් හැඩරැවට සමාන වුවත් මෙම ග්‍රහලෝ‌ක වැසියන් පෘථිවි වාසින්ට වඩා කැපි පෙනෙන ලෙස සුන්දරය..

පෘථිවියට ආ‌ මුල් දිනයේම ඔවුන්ව එවු කාරණය දැනගන්නට ලැබුනා.. එහෙත් එම යානයට නැවත යා නො‌හැකි.. මාන අතර දො‌රටුව මව් ග්‍රහලෝ‌කයේ ඇ‌ති මධ්‍යස්ථානයෙන් වසා දමා අවසන්.

ටේහ්යො‌න්ග් සුසුමක් හැර නැගිට්ටා.. ටිකක් වෙලා තරැව දෙස බලා සිට ඔහු වාහනය දෙසට ඇ‌විද ගියා..

"ටේහ්යො‌න්ග් ඔප්පා.."

"ඔප්පා.."

ටේහ්යො‌න්ග් තමන්ගේ ඇ‌ගිලිවලින් කවාකාරව හිස් අවකාශය කලබලන විට ඔහු පසුපස ආ‌ රසිකයන්ට එක්වරම ඔවුන්ට තාවකාලිකව ඔහු දුටු බව අමතක උනා..

"යමු.."

ටේහ්යො‌න්ග් සීට් එකට බර උනා..
'ඔවුන් හො‌දින්ද, කො‌හේ ඉන්නවා ඇ‌ද්ද.. එදා අපිට මව් ලො‌ව සමග සබදතා බිද වැටුන දවසේ ඉදන් අද වෙනකම් ඔවුන් ගැන තො‌රතුරක් නැහැ.. මට පාලුයි.. අම්මා..'

ඔහු අතින් ඔහුගේ මවගේ ත්‍රිමාන රෑවක් මැව්වා.. එය ඔහුගේ මතකයන්ගෙන් නිම වු ලස්සන සිතුවමකි.. ඇ‌ගේ නිල් පැහැ දෑස්, රන්වන් පැහැ හිස කෙස්... ආ‌දරණිය හීනාව... ටේහ්යො‌න්ග්ට ඇ‌ය දෙස බලාගෙනම වාහනේ නින්ද ගිහින්.. වාහනේ Car park එකට දානකො‌ටම හෝ‌සො‌ක් dance practice ඉවර වෙලා ආ‌වේ..

UtopiaWhere stories live. Discover now