"දෙවියනේ.."
මුලු කාමරේම බලන්න බැරි තරම් තද ආලෝකයකින් පිරිලා.. කාමරේ තිබුන කෙටි කොරිඩෝව දිගේ හෙමිට හතර දෙනා කාමරේ ඇතුලට ගියා..
"ටේහ්යොන්ග්.."
හොබි කතා කලේ ඇද පේන නොපෙනෙන ගානට ඉදලා.. එයාගේ සද්දයක් නැති නිසා හොබි ඇද දිහා බැලුවා..
ඒත් ටේහ්යොන්ග් ඇද උඩ වෙනුවට හිටියේ ඇදට වඩා ටිකක් උඩ අවකාශේ.. එයාගේ ඇගෙන් විහිදුන ආලෝකයෙන් එයාව නොපෙනෙන තරම්..
"මොකද මේ වෙන්නේ?"
ජිමින් හොබිගේ පිටිපස්සේ ඉදන් ඉස්සරහට ආවේ ටේහ්යොන්ග්ව බලන්න.. ඒත් එයාගේ අතට කෙලින්ම ටේහ්යොන්ග්ගෙන් පිට වෙන ආලෝක කිරණයක් වැදුනා..
"ආහ්.."
ඒක ජිමින්ගේ ස්වේටර් එකත් පුච්චගෙන එයාගේ අතත් ලාවට පිච්චුනා..
"පස්සට වෙන්න ඒවා නිකන් ඒවා නෙමෙයි විකිරණ"
"හ්යොන්ග් ඒක රිදෙනවා.."
කුකි අත තද කරලා අල්ලගෙන කියනකොට ජින් ඒකට හෙමින් පිම්බේ වේදනාව අඩුවෙන්න..
"ජින් හ්යොන්ග්.. මගේ කාමරේ මේසේ උඩ ඇති ජෙල් එකක්.. ඒක ගාන්න මේ දෙන්නගේ.. ඉක්මනට.."
ජින් ඒකට හා කියලා දෙන්නවම එක්කන් හොබිගේ කාමරේට ගියා.. ඒ අතරේහොබි ටේහ්යොන්ග්ට මොකද උනේ කියලා කල්පනා කරා.. පැය බාගයක් විතර එහෙම හිටිය ටේ ආයෙත් හෙමිහිට පහලට ඇවිත් මොකුත් නොවුන ගානට තවමත් තද නින්දේ..
"හලෝ.."
"හ්යොන්ග් ලොකු දෙයක් දැන් උනා.."
"මොකක්ද? ඔයාලා හොදින් නේද?"
"ඔව්.. ඔයාලාට ඉක්මනට එන්න පුලුවන්ද?"
"හරි.. අපි ලග ඉන්නේ.."
යුන්ගි කෝල් එක තියලා driverට ඉක්මන් කරන්න කිවා.. ඒ වෙනකොටත් ජුන් වාහනේ ජනේලෙන් එලියේ අහස දිහා බලාගෙන බර කල්පනාවක..
"හ්යොන්ග්.. අර.."
එයාලා හිටියේ dorm එක පේන දුරින්.. පුංචි කදුගැට්ටක් උඩ තියන තෙමහල් විශාල නිවස රාත්රි අහස පසුබිම්කරගෙන විදුලි ආලෝකයෙන් දිලුනා.. ඒත් වෙනදා නොදකින දසුනක් නිසා ජුන් කලබල උනා..
"මොනවද ඒ එලි.??"
පුංචි දම් පැහැ ආලෝක බෝල දෙකක් නිවසේ සිට අහස දෙසට සෙමින් ඇදි යනවා ජුන් යුන්ගි බලන් හිටියේ ඇසුත් ලොකු කරගෙන.. වාහනේ Driver ඒක දැකලා වාහනය තවත් වේගවත් කරා..
"හොබි.."
ජුන් දොර ඇරගෙන යනගමන් කෑගහනකොට ඉස්සරහ ඉදගෙන තුවාලේට බෙහෙත් දාන කුකියි ජිනුයි ගැස්සුනා..
"ජන්ග්කුක්ආ.. ග්වෙන්චන්නා?"
"නේ.. දැන් ටිකක් හොදයි.."
කුකි හෙමින් සනිප වෙන තුවාලය දිහා බලාගෙන කිවා.. ජින්තවමත් මාරැවෙන් මාරැවට කුකිගෙයි ජිමින්ගෙයි තුවාලවලට පිබිනවා..
හොබි හෙමින් එතනට ආවේ මොකක්දෝ අමුතු විදුරැ බෝලයක් අතේ තියාගෙන.. එයා ඒක කොෆි ටේබල් එක උඩින් තියලා ඉදගත්තේ නලල තදින් අල්ලන ගමන්..
"මං හරි මෝඩයි.. මේ තරම් දෙයක් මට කලින් හිතුනෙම නෑ.."
"යා යා තේරෙන්න කියන්න.."
හොබි ඉස්සරහට වෙලා ඉදගෙන විදුරැ බෝලේ උඩින් අත යැව්වා.. ඒ එක්කම බෝලේ ඇතුලේ කාගේ හරි රෑපයක් මැවෙන්න පටන්ගත්තා..
"ඒ ටේහ්යොන්ග්ගේ තාත්තා නේද?"
"ඔව් ඒ මගේ මාමා.. Utopiaවල රජතුමා.."
විදුරැ බෝලය තුලින් මතුවුන රැව කතා කරන්න පටන්ගන්නකොට හැමෝම ලං උනා..
"හෝසොක්.. මං ප්රාර්ථනා කරනවා ඔයා මේක හරි කාලේදි දකිවි කියලා... අපේ ලෝකයේ හරය එන්න එන්නම අස්ථාවර වෙනවා.. තව වසර පහලොවකින් utopiaව පුපුරා යනවා.. ඔබ මගේම පුතා වගේ.. ඒ නිසයි අපේ ඔටුන්න හිමි කුමාරයාගේ වගකිම ඔබට දෙන්නේ.. ඔහුයි අප රාජ්යයේ අනාගතය.. utopiaහි විද්යාඥවරැන් නව සමාන්තර ග්රහලොවක් සොයාගත්තා ඔබලා පිටවෙලා වසර කිපයකින්.. නමුත් මංඅපේ මාන අතර ගමන් කරන දොරටුවේ යතුර....."
එතනින් එහාට පණිවිඩයට හානිවෙලා.. ඇහුනේ කඩින් කඩ..
"ටේහ්යොන්ග්....*%@@%$# අපිට උදව්...%$$%#@$& බීප් බීප්..."
කට්ටියම හොබි දිහා බැලුවේ කියපු මොකුත් නොතේරැන නිසා..
"අපිට Utopiaවේ හැමෝමවම බේරගන්න තිබුනා.. ඒත් මට මේක ලැබුනේ අද.."
හොබි සෝෆා එකට හේත්තුවෙලා හිස් සිවිලිම දිහා බලාගෙන හිටියේ කරන්න දෙයක් හිතාගන්න බැරිව..
"අපිට කාලයේ ආපස්සට යන්න පුලුවන් නම්.."
හොබිගේ එක ඇහැකින් කදුලු බිදුවක් කම්මුල දිගේ ගලාගෙන ගියේ එයාගේ ගෙදර උන utopiaව බේරගන්න බැරි උන එක ගැන හිතලා..
"ජන්ග්කුක්ආ... ඔදි...??"
ටේ ඇස් පිහ පිහ එලියට එනවා ඇහිලා හොබි කලබලෙන් විදුරැ බෝලේ හැංගුවා...
"වේයෝ? මොනවහරි උනාද?"
"අනි.. "
"එහෙනම් ඇයි ඔයාලා බය වෙලා වගේ?"
ටේ නිදිමතේ අහලා එහෙමම kitchen එක පැත්තට ගියා... ටිකකින් ආයේ වතුර එකක් බිබි කාමරේට ගියා..
"ජින්හ්යොන්ග්..."
ටිකකින් ටේ කැගහනවා ඇහිලා ජින් නැගිටලා කාමරේ පැත්තට දිව්වා..
"වේ වේ??"
ජින් දොරත් ඇරගෙන යනකොට කලින් පිච්චිලා අපිලිවෙලට තිබුන කාමරේ කලින් තිබුනා වගේමයි..
"කවුද මගේ tata ගත්තේ??"
ඇද උඩ හිටිය ටාටා එතන නෑ.. කලින් උන දේ නිසා Tata පිච්චුන නිසා හොබි ඒක අයින් කලා..
"මං ගත්තේ නෑ.."
"එහෙනම් කොහොමද එතන RJ ඉන්නේ?? "
"යාාා... කවුද මගේ RJ ව මෙහෙට ගෙනාවේ?"
ඒ සද්දේ ඇහුනා විතරයි කාමරේට එන්න ආව යුන්ගි හැරිලා එයාගේ කාමරේට ගියා..
"වේ??"
"කෝ මගේ ටාටා??"
"ආා ඌගේ කුනු මං සෝදන්න දැම්මා.."
හොබි ගානකට නොගෙන එලියට ගියා.. ජින්ත් ඒ එක්කම RJ අරන් එලියට ආවා..
"යාන්තම්.. අද උන දේ එයාට දැන්ම කියන්න එපා.."
හොබි කියලා එයාගේ කාමරේට ගිහින් දොර වහගත්තා.. ටේහ්යොන්ග්ගේ පිච්චුන ටාටා තවමත් හොබිගේ දොර ලග බිම.. එයා එකත් අරන් කාමරේ බැල්කනි එකට ගියා...
මුලු සෝල් නගරයම ආලෝකමත් වෙලා.. රාත්රි අහසේ එකම එක තරැවක් දිලිසෙනවා හොබි බැලුවේ අතේ හිටිය ටාටා දිහාත් බලන් ඉදලා..
"මට සමාවෙන්න.. මං පරක්කු උනා.."
දැනටමත් Utopiaවේ විනාශය ආරම්භ වෙලා.. එය දැන් ගිනිගෙන දැවෙන ග්රහයෙක්..
"ඔබට තවත් වෙලාව තියනවා.."
හුරැ පුරැදු ගැහැනු කටහඩ නිසා හොබි හිතාගන්න බැරිව පිටිපස්ස බැලුවා..
"ඔයා... මං මේ දකින්නේ හීනයක්ද?"
හොබි ලැබුන තප්පරෙන්ම ඇයව තදින් බදාගත්තා..
෴මතු සම්බන්ධයි෴
YOU ARE READING
Utopia
Hayran KurguThe Land of Perfection... Taehyung and Hoseok are siblings of the Utopian Royal Family. Taehyung is the Crowned Prince of Utopia. Suddenly the Core of Utopia Started to collapse. Therefore King decided to send Taehyung and Hoseok to Earth. Eventuall...