chapter 1

2.2K 162 37
                                    

මුලු ලෝකෙම හිස් වෙලා කියලයි මට හිතුනේ... මුළු ලෝකෙම ඉන්නේ මම විතරක් විදිහටයි මට දැනුනේ ...අහසින් වැටුණු වැහි බිංදු ,මගෙන් වැටුණු කදුලු බිංදු පොලොව සිප ගන්න කලින්ම සේදුවේ හරියට මගෙ පව්කාර කදුලු වලින් පොලොව අපිරිසිදු කරන්න එපා කියනවා වගේ...වටේට තිබ්බ මුසල අදුරත් ඒකට සාක්ෂි දුන්නා.

❤️_____________________________❤️

ඇයි මට මෙහෙම වුනේ,මම මොකක්ද කරපු වරද ..මට කියල හිටපු එකම පවුලම මේ විදියට මගෙන් උදුර ගන්න තරම්...

පාර දිගේ යන ගමන් මට එක එක විකාර හිතට ආවා.මට ඕන වුනේ මගේ හිත හදා ගන්න..

ඒ වුනාට ඒක ලේසි නැ..

අතට ගත්ත සෝජු බෝතලයත් එක්ක මම ආයෙත් ගෙදර යන්න හැරුනා.

❤️______________________❤️

Flashback

මම අමාරුවෙන් හරි ඇස් ඇරියේ මගේ අම්මාව දකින්න..ඒත් එතන හිටියේ නර්ස් කෙනෙක් විතරයි ...

"කෝ මගේ අම්මා?"

මම අමාරුවෙන් වුනත් වචන ගලපගෙන නර්ස්ට කතා කලා...

"ooh..ඔයාට සිහිය ඇවිල්ලා.මම ඩොක්ටර්ට කියලා එන්නම්"

කියලා නර්ස් එතනින් යන්න ගියා..

"ඒත්.."

මම කියන්න කට අරිනකොටත් එයා එතනින් ගිහින් ඉවරයි.

හරි කමක් නැ කියලා හිතලා මම වටපිට බැලුවා.machine ගොඩක් මගෙ ඇගට හයි කරලා තිබ්බා.

මට මොකක්ද වුනේ ?මට හිතා ගන්න බැරි වුනා.මට එදා වුනු දේ යන්තමට වගේ මතක් වුනා... කවුද මනුස්සයෙක් එයාගේ කාර් එක අපේ කාර් එකේ හප්පනවා විතරයි මට මතක ..ඒත් එක්කම ඩොක්ටර් ආවා ...ඇවිත් මාව check කරලා බලලා මම normal කිව්වා...

"තව report වගයක් එන්න තියෙනවා ..ඒවත් normal නම් ඔයාට ඉක්මනට ගෙදර යන්න පුළුවන් වෙයි"..

ඩොක්ටර් එහෙම කිව්වේ මගේ ඔළුවත් අත ගාන ගමන්..

"ඩොක්ටර් ...මගෙ ගෙදර අය?..."

❤Dream Lovers❤ || BTS [Completed]Where stories live. Discover now