🔥 Short Story 🔥

68 8 3
                                    

🔥 දෙව්දි
දෙව්දාරා  🔥

මනු ලොව සරා අධිපුර දරා නම්
දෙව් රජ පෙම් යක් රජ සුපෙම්
මා තුන් ලොව සංග්‍රාම කරම්

🔥

" ඩිං ඩොන් ඩං "

පාසල් අවසන් වෙන එලාම් එක හරිම අලස විදිහට වැදුනේ දෙව්දාරාට ලොකු ඈනුමකුත් යද්දි. කෙල්ලගෙ ඈනුමේ සද්දෙට ගුරුවරියත් කන්නාඩි දෙක පහලට කරලා බැලුවේ නොකැමැත්තෙන්. කම්මුලට අතත් ගහගෙන පෑන ඔහේ කරකවන දෙව්දාර ගැන ගුරුවරියට කේන්තියක් ආවත් මුකුත් නැ. බෙල් එක ගැහුවත් හ්ම්ම් සද්දයක් නැති පන්තියේ ලමයිගේ අවදානය තිබ්බෙත් දෙව්දාරාට. දෙව්දාරා ලගම හිටපු පබලු බිම බලාගෙන හිටියේ එලියට පනින හිනාව උපරිම ඉවසාගෙන ඒ ඉස්සරහා ඉදන් හිටපු ගෙලාන් නාදියා දෙන්නා හිටියේ ගුරුවරිය පිට වෙනකම්.

ඕකේ ලමයි... පාඩම දැනට ඉවරයි... හෙට එනකොට හෝම්වර්ක් කරගෙන එන්න... මතක ඇතුව කලින් නිදා ගන්න පුරුදු වෙන්න... එතකොට පාඩමට හොදට කන් දෙන්න පුලුවන්... ඕකේ... ස්ටෑන්ඩ් අප්... බායි ලමයි...

තරුන ගුරුවරිය දෙව්දාරා දිහා ආයෙත් බලලා යන්න ගියේ පන්ති කාමරයෙ දොර වහගෙන. දොර වැහෙන එක තත්පරයයි. මුලු පන්තියම හිනාවෙන් ගිගුම් දුන්නෙ දෙව්දාරා උඩ ගිහින් නිදි මත යද්දි. ඇත්තටම ඒක හිනා වෙන්න තරම් සිදුවීමක් නොව්නත් හිනා වෙන්න ඊට වඩා හේතුවක් තිබ්බා.

හම්මො අපේ දෙව්... අඩුම ප්‍රින්සිපල්ටවත් මුකුත් කියා ගන්න බැ...

අපි ලකී අපේ දෙව් හින්දා...

දෙව් දෙවියෙක්මයි... නැත්නම් අපි වගේ කුප්ප වැඩ කරන පන්තියක් කොලෙජ් එකටම නැ...

හනේ හම්මො... මට බැ හිනාවෙලාම... අපේ දෙයියා නම්...

දෙව්... දැන්වත් නැගිටිනවා... පන්ති ඉවරයි... හෙට තියා ගන්න ඔය නින්ද...

අපේ දේවතාවි... කොලෙජ් එකේ ලස්සනම කෙල්ල... දක්ශම කෙල්ල... වෙන මොන කතාද අපේ දෙයියා...

ලමයිගෙ සුපුරුදු හිනා කතා අස්සෙ දෙව්දාරා පබලුට බර දිලා හොදට හිරි ඇරලා නැගිටලා ඒ ලස්සන දිගු ඇහි පිහාටු තියෙන බෝල ඇස් ඇරලා ඒ කලු පාට ඇස් වලින් පන්තිය පුරාම බැලුවා. දෙව්දාරාගේ රොස තොල් සුදුම සුදු කම්මුල් පිරිච්ච හුරුබුහුටි මුහුන ගානටත් වඩා හැඩකාර ඇග. දෙව්දාරා අති සම්පූර්ණ ඇත්තටම දෙවියන්ගෙ ආශිර්වාදය ලත් දෙවියන්ගෙම නිර්මාණයක් වගේ.

You've reached the end of published parts.

⏰ Last updated: Jul 29, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

දෙවිදි දෙව්දාරාWhere stories live. Discover now