chapter 3

840 136 102
                                    

(Unknown person pov )

මට ඒ ගෑණු ළමයා පව් කියලා හිතුනු හින්දා මම එයාට කන්න කෑම order කරන්න phone එකෙන් කතාකර කර ඉන්න කොට,මෙන්න එයා පඩිපෙළ බහින්නෙත් නැතුව මන් දිහා අමුතු විදිහට බලා ගෙන ඉන්නවා.... මාත් ඉතින් ඒක ගනන් ⁣ගන්නේ නැතුව එයාට පොඩි හිනාවක් දැම්මා ...මම මාස්ක් එක දාගෙන ඉන්න හින්දා එයාට මං හිනා වෙනවද නැද්ද කියලා පේන්නේ නෑනේ...අයියෝ ජිමින් ඔයාට පිස්සුවත් හැදීගෙන එනවද...ඒවගෙන් කමක් නෑ ඉතින්......"......මම ඔයාට කෑම order කළා........" "ආ......." කියලා එයා මං දිහා පුදුම වෙලා බැලුවා ...ඔව් ඉතින් මං වගේ handsome boy කෙනෙක් එයා වෙනුවෙන් කෑම order කලා කියලා දැනගත්තම කවුද පුදුම නොවෙන්නේ නේද ...එයාට මං handsome ද නැත්ද කියලා පේන්නේ නෑනේ.....මට නම් ඇත්තටම පිස්සු ද කොහෙද....මෙන්න එයා හිනා වෙනවා..."ඇයි ඔයා හිනාවෙන්නේ" මාත් දැනගන්න වගේ ඇහුවා..."නිකන්"...ආපෝ මගේ වටින වචන භාවිතා ක⁣⁣ෙළ් මේ වගේ උත්තරයකටද?...එයා මට ආචාර කරලා, ස්තූති කරා...මමත් එයාට ආචාර කරලා ස්තූතිය පිලිගත්තා... මම එයාට ඉදගන්න සෝෆා එකක් පෙන්නුවා.එයත් හරි බරි ගැහිලා ඉදගත්තා...ටිකකින් order එක ආපු නිසා මම ඒකට pay කරලා එයාට කෑම plate එක දුන්නා.එයා මම දිහා බලාගෙන "ඔයාට...." කියල ඇහුවේ මම කාලා නැතුව ඇති කියලා හිතල වෙන්න ඇති... "මම කෑවා"...Jin hyung ඉතින් අපි කාටවත් නොකා එළියටනම් යන්න දෙන්නේ නෑනේ... එහෙම හිත හිත මම උත්තර දුන්නා...පොඩි කරුණාවන්තකමකුත් තියෙනවද කොහෙද ...මට හිතුනේ ආඩම්බරකාරියක් වෙන්න ඇති කියල කියලා....

❤❤❤❤❤❤❤

මං එයාගේ මූණ දිහා බලාගෙන ඉද්දි මට තේරුණා එයා ඉන්නේ ලොකු ප්රශ්න ගොඩක කියලා... එයා කෑම නම් කනකොට හරිම cute....එයා ඉදල තියෙන්නේ ගොඩක් බඩගින්නේ... එයා කාලා ඉවර වෙලා මං දිහා බැලුවේ හරියට දැන් මොනාද කරන්නේ ⁣කියල අහනව වගේ ....මාත් ඉතින් සුපුරුදු පරිදි හිනාවක් දාලා කතාවට බැස්සා..."ඔයා මෙහෙ කෙනෙක් නෙමේ නේද?,ඔයා මොන රටේ කෙනෙක්ද?"මම එහෙම ඇහුවේ එයා korean girl කෙනෙක් වගේ නෙමේ හින්දා ..."මම මෙහේ කෙනෙක් නෙමේ, මම Sri Lanka වේ කෙනෙක්" ............"ආ....."අර ඉන්දියාවට යටින් තියෙන චූටි රට නේද?...සුරි ලංකා කියන්නේ".....මම දන්න විදිහට සුරි ලංකාවේ විස්තර කිව්වා...."හ්ම්...." එයා ඒක හරි කියල තහවුරු කළා....."එතකොට ඔයා ඇයි දිවිනසා ගන්න ගියේ"....මම ඒක ඇහුවා විතරයි එයාගේ මූණ වෙනස් වෙච්ච හැටි මං හොදට දැක්කා...එයාගේ ඇස්වලින් කදුළු ආපු විදිහට මට තේරුණා ඒකට ලොකු හේතුවක් තියෙනවා කියලා ...."එයා එයාගේ කදුළු හංගන්න හැදුවත් එයාට ඒක කරන්න බෑ... මගේ ඉස්සරහ ⁣පොඩි එකෙක් වගේ අඩන එයාව දැක්කම මගේ heart එකත් මෙව්වා වෙලා ගියා ....එයා ටිකකින් අඩන එක නවත්තලා එයාට සිද්ධ වුණු හැමදේම කිව්වා...මම ඒක ඇහුවට පස්සේ මගේ හදවත නිකන් නතර වුනා වගේ වුණා....එයාට ඉතින් දිවිනසා ගන්න හිතෙන එක සාධාරණයි...ඒ වුනාට දිවි නසා ගන්න එක වැරැද්දක් නේ...

❤Dream Lovers❤ || BTS [Completed]Où les histoires vivent. Découvrez maintenant