CHAPTER 5

335 85 2
                                    


"තාත්තේ.."
හොබි තවමත් දැනෙන අපහසුතාව යටපත් කරගෙන අමාරුවෙන් කියන ගමන් ඉදගත්තා..

"හෝසොක්.. ඔබ මං හිතුවට වඩා ඉක්මනින් උස් මහත් වෙලා.."

"ඇයි මේ?"

හොබි පපුව අල්ලගෙන අහනගමන් ඉදගත්තා..

"මේ යානාවේ තියෙන්නේ utopiaවේ ගුරුත්වය.. ඔබ පෘථිවිය මත හිටිය කාලය වැඩි.. ඒකයි.."

හොබිට එතකොටම මතක් උනේ ටේහ්‍යොන්ග්ව..

"තාත්තේ ටේහ්‍යොන්ග්.."

"බය වෙන්න එපා ඔහු හොදින්.."

හොබී ටික ටික අපහසුතාව අඩු වෙනකොට තාත්තා දිහාත් කාමරය දිහාත් බැලුවා..

එය සිර මැදිරියක් නෙමෙයි .. හොදින් ඉඩකඩ තිබෙන නිදන කාමරයක්.. හොබි ඉන්නේ සැපපහසු සෝෆා එකක..

"හෝසොක්.. "

හොබිගේ තාත්තාගේ ඇදුම් දිහා හොබි බැලුවේ එතකොට.. ඒ ලකුන..

"තාත්තේ ඔබ කොහොමද utopiaවේ ජෙනරාල් කෙනෙක් උනේ?"

"ඒක දිග කතාවක්... මුලින්ම විවේක ගන්න.. අපිට දුර ගමනක් යන්න තියනවා.."

ඒ කියනකොටම ආවේ සෙබලෙක්..

"ජෙනරල් ලොකු ප්‍රශ්නයක්... කුමාරයා.. ඒ utopiaවේ කුමාරයා නෙමෙයි..."

ඒක ඇහෙනකොට හොබිට පුංචි සැනසිල්ලක් දැනුනා.. ඒ නිසාම හොබිට ලාවට හිනා ගියා..

"හෝසොක්.. මේ සියල්ල ඔබ දැනගෙන සිටියා නේද? කොහෙද කුමාරයා.."

"මං ඔයාගේම පුතා තාත්තේ.. ඔය කපටි මොලේ මටත් පරම්පරාවෙන් උරුමයි.."

හොබි නැගිටින ගමන් කියනකොට හොබිගේ තාත්තාට හොදටම තරහා ගියා..

"උඹ මහ මෝඩයි.. උඹේ අම්මා වගේම මෝඩයි.."

හොබිගේ තාත්තා හොබිගේ කොලර් එකෙන් ලගට ඇදලා කියලා ආයෙත් සෝෆා එකට තල්ලු කරලා එලියට ගියේ දොරත් lock කරගෙන..

~ මතු සම්බන්ධයි ~

UtopiaWhere stories live. Discover now