CHAPTER 9

336 86 8
                                    

"හමුවීම සතුටක් දරුවනේ.."

ඔහු හිනාවෙලා කියලා අම්මා දිහාට හැරුනා..

"ඔහුට කොහොමද?? අමාරුවක් නෑනේ.."

"ඔව්.. ඔහු නිදි.. බයවෙන්න දෙයක් නෑ.. ලේසර් පහරට ටිකක් උරහිසත් පිටත් පිලිස්සිලා විතරයි.. මං බෙහෙත් දුන්නා.."

ඔහු ඒක අහලා හෙමින් ඉදගත්තේ සැනසුම් සුසුමක් පිට කරන ගමන්..

"කොහොමද ඔහුට ලේසර් ප්‍රහාරයක් වැදුනේ?? කවදා ඉදලද ඔහු ඒ තරම් නොසැලකිලිමත් උනේ??"

කට්ටියම හුස්ම ගන්නේවත් නැතුව හිටගෙන ජෙනාල්වරයා දිහා බලාගෙන හිටියේ බය වෙලා වගේම වෙන්නේ මොනවද කියලා හිතාගන්න බැරිව..

" ඔහුගේ අණ දෙන නිලධාරීයාට අනුව නම් ඔහුගේ මිතුරෙක්ගේ ආයුධක කාර්මික දෝෂයක් නිසා උන අනතුරක් මේක.."

"හ්ම්ම්ම්.. ආහ්හ් මොකද මේ ලමයි හිටගෙන?? ඉදගන්න.. හෝසොක් නිසා ඔයාලාටත් කරදරේ නේද? සමාවෙන්න.."

කවුරුත් කියන්න දෙයක් හිතාගන්න බැරිව ඉන්නකොට ටේ ඉක්මනට කතා කරලා..

"ඒකට කමක් නෑ ජෙනරාල්තුමනි.. ඔහු කොහොමත් අපේ මිතුරෙක්නේ.. ඔහුව බලාගන්න එක අපේ වගකීමක්.. අනික මං මගේ අනාගත සේනාධිපතිතුමාව මං දැන් ඉදන් ලගින් තියාගන්න ඕනීනේ.."

ජෙනරාල් මෙච්චරවෙලා එතන ටේ ඉන්නවා දැක්කේ නෑ.. ටේ දැක්කා විතරයි ඔහු නැගිට්ටා...

"සමාවෙන්න කුමරුනී.. මං ඔබව දැක්කේ නැහෑ.. මං හෝසොක් ගැන හිතමින් ආවේ.."

"ඒකට කමක් නෑ.. ජෙනරාල්.. ඉදගන්න.. ඔබ හෝසොක් නිසා කලබල වෙලා වගේ.. ඔයාලාත් ඉදගන්න.."

ටේ කියනකොට කට්ටියම එකට සෝෆා එකක් වැනි දිග පුටුවේ හිරවෙලා ඉදගත්තා.. ටෙ ඔවුන් පසෙක තිබු තනි පුටුවේ ඉදගත්තා..

අනිත් පස් දෙනාට නම් වෙන දේ තේරුම් ගන්න බෑ.. ඒ නිසා ගොඩක්ම හිටියේ කටවහගෙන ටේ කියන ඒවට ඔලුව වන වන හිනාවෙවි..

"වෙනදා english interviewsවලදි ඔයාලාට දැනෙන්නේ මෙහෙමද?"

නම්ජුන් කුකීට කනට කරලා අහනකොට කුකි ඔව් කියන්න වගේ ඔලුව වැනුවා.. ඒ එක්කම හොබිගේ අම්මා ආවේ දම් පාට blueberry වගේ බීමක් අරගෙන.. ඉක්මනට දෙකක් අරගෙන යුන්ගි නැගිට්ටේ තවත් එතන ඉන්න බැරි නිසා..

UtopiaWhere stories live. Discover now