chapter 5

694 124 66
                                    

♥️♥️♥️♥️♥️♥️♥️
(Jimin pov )

අපේ comeback එකත් ඉවරවුනාට පස්සේ අපිට ⁣ටික කාලයකට නිවාඩුවක් හම්බුනා.... ගොඩ කාලෙකින් නිවාඩුවක් හම්බුන හින්දා අපි හැමෝම නිදහසේ කාලේ ගෙව්වා... ඒත් මමනම් හිටියේ කොයිවෙලේ එලියට පනින්නද කියල හිත හිත...

"Jin hyung මං එලියට යන්නද?"

"දැන් යන්න එපා"... එලියට යන්න ඇහුවත් මට හැමදාම හම්බුනේ ඔය උත්තරේ විතරයි ...

ඒක අස්සෙන් මගෙ හිතට වදදෙන්න තවත් කෙනෙක්,... ඒ girl ..... එයාගේ දුක්බර ඇස්.... වගේම පොඩි ළමයෙක් වගේ මගේ ඉස්සරහ අඩපු විදිහ.... මේ මාස ගානටම එයාව මට අමතක කරන්න බැරි වුනා.... ⁣එදා දවසේ ඉදල අද වෙනකම් එයාව හීනෙන් නොදැක්ක දවසක් නැති තරම්.....

"ජිමිනා... මොනාද කල්පනා කරන්නේ?අර girl ගැනද?"
මොකක් මේකා මගේ හිතවත් කියෙව්වද?

"හ්ම්"...

"ඒ කියන්නේ ඔයා එයා ගැනද කල්පනා කර කර හිටියේ"...

"ඔව් ටේ , ඔයා දන්නවනේ එයාව මට හීනෙනුත් පේනවා කියල"

"ඔය වගේ හීනවලට කියන නම ඔයා දන්නවද?"...

"නෑනේ මොකක්ද ?"

"ඕවට සුද්ධ කොරියන්වලින් කියන්නේ love dreams කියල"

"හෑ...love dreams??? පලයන් යන්න මෙතනින් මගෙන් මුකුත් ⁣අහගන්නැතුව" කියල මම ටේට කොට්ටෙකිනුත් දමල ගැහුවා....

"ඇත්ත කියනකොට තරහ යනව තමයි..."
ටේ මට කින්ඩියට හිනාවෙන ගමන් කිව්වා...

"මං කිව්වා ටේ , එහෙම එකක්
නෑ..."

"එහෙනම් කොහොම එකක්ද? මට කියල දෙන්නකෝ "..කියන ගමන් ටේ ආය හිනා වෙනවා... කුකියා තව හොදයි මුට වඩානම්....

"ඒයි ටේ..., jin hyungගෙන් එලියට යන්න අවසර අරන් දෙනවකෝ"....මං කතාව වෙන පැත්තකට හරවන්න ටේගෙන් එහෙම ඇහුවා ...

"හපෝ බෑ ...උබට jin hyung ගෙන් අවසර අරන් දුන්නොත් උබ මාව දාල තනියම යයි, ඒ හින්දා බෑ"

"මං උබව දාලා යන්නේ නෑ , කොහොමත් jin hyung මට තනියෙන් යන්න දෙන්නේ නෑනේ... කොහොමත් උබ මගේ යාලුවානේ උබව දාල මං කොහේ යන්නද?.."

❤Dream Lovers❤ || BTS [Completed]Where stories live. Discover now