වර්ෂය :- 2018
:- press conference
මාධ්‍ය වේදීන් :- ඔබලා දිගින් දිගටම අසාර්ථක වෙමින් පවතිනවා. මොකද්ද ඒකට හේතුව?
Bts Rm :- නැහැ, ඒක අසාර්ථකත්වයට පත්වීමක් නෙවෙයි. අපිට යමයම් ප්‍රශ්න ආවා මම ඒක
දන්නවා. මීට කලින්....
මාධ්‍ය වේදීන් :- කණ්ඩායමේ නායකයා වන ඔබ කොහොමද කියන්නේ මේ සිංදුව අසාර්ථක නැහැ කියලා.
ඔබලාගේ පෞද්ගලික ප්‍රශ්න සිංදුව පිටින් යවන එක නිවැරදිද?
Rm :- (කෝපයට පත්වී ) ඔයා හිතන්නේ අපි කවුරු කියලද? ආ...... අපිත් සාමාන්‍ය මිනිස්සු
නැතුව මැෂින් නෙවෙයි. මේ mr. ඔයා ඔයාගේ සීමාවේ ඉදන් ප්‍රශ්න අහන්න හරිද?
Jin :- දැන් ඇති rm ඔයා ඉදගන්න. කලබල වෙන්න එපා. එහෙම වුනොත් ඒක අපේ Army fans ට
හරි නැහැනේ. ඔයා ඔහොම ඉන්න මං ප්‍රශ්න වලට උත්තර දෙන්නම්.
Rm :- එත් Hyung..
:- මං දැන් කිව්වනේ බැල්මක් කිවවනේ බැල්මක් jin ගේ මුහුණේ මතුවෙද්දී Rm කටවහගත්ත.
Jin :- " ඔබ අහපු ප්‍රශ්නෙට මං උත්තර දෙන්නම් " jin සන්සුන්ව උත්තර දෙන්න පටන් ගත්තා.
" ඇත්තටම මේ අවුරුද්ද ටිකක් අසාර්ථක වෙච්ච අවුරුද්දක් බවට මං පිලිගන්නවා. ගිය අවුරුද්දේ අප්‍රේල් seoul olympic stadium වල තිබ්බ අපේ concert එකේදී ජිමින්ට සිදුවෙච්ච අනතුර
නිසා අපි ගොඩක් මානසිකව ඇදගෙන වැටුනා. ඇත්තටම ඒ අනතුර ගැන තාමත් අපිට හීනයක් වගේ.
Concert එකේදී stage එකෙන් ලිස්සල ගිහිල්ල සිදුවෙච්ච අනතුර නිසා මාස 09 කට වැඩි කාලයක්
රෝහල් ගතවෙලා ඉන්න සිද්ද වුණා. අපිටත් වෙන කරන්න දෙයක් තිබ්බේ නැහැ. ආයතනය අපිට කිව්වා ජිමින් නැතුව ඉතිරි concert ටික කරන්න කියලා. අපි කොහොමද අපේ main dancer නැතුව concert ඒක කරන්නේ අපි හැමදාම hospital ගියා. ජිමින් ඉස්සරහ අපි 6 දෙනා හිනා මුහුණක් පෙන්නුවා. ඔහුත් එක්ක සාමාන්‍ය විදිහට කතා කලා. ඔහුව දිරිගන්නුවා. එත් අපි ගෙදර ආපු වෙලා ඉදන් කලේ වැටිච්ච තැන් වල ඉදගෙන අඩපු ඒක, මේක ගොඩක් දරාගන්න බැරි වුනේ jk tai , v tai. එයාල නොකා නොබී ඒක දිගට පැය ගණන් ඇඩුව. ඇත්තටම ඒ වෙලාවේ අපේ හයියට හිටියේ Big Hit Family එකේ අයයි, අපේ හදවත බදු Army Army Fans. එතනදිත් අපි දැනගත්තා ඇත්ත Army කවුද සහ බොරු Army ලා කවුද කියලා. ඒ කොහොම උනත් දිගටම අපිත් එක්ක රැදී හිටපු සැබෑ Army ලාටත් අපිට මඩ ගහපු, බැනපු අයටත් ස්තුතියි. අපිට ඒ කවුරු ගැනවත් තරහක් නෑ. අපි හැමදාමත් අපේ ආදරය ලෝකෙට දෙන්න ඉපදිලා ඉන්න අය. අපි ඒක මැරෙන තුරාවටම කරනවා. "
Jin ගේ මේ දීර්ග කතාවෙන් පස්සේ පිරිස අතර ඇති වුනේ නිහඩතාවයක්. මං හිතන්නේ ලෝකේ ඉන්න හැම කෙනෙක්ම තමන්ගේ tv එක ඉස්සරහ ඉදගෙන මේ සංවේදී කතාව අහන්න ඇති සමහරු අඩන්න ඇති, බනින්න ඇති, තවත් අය මේ මොන මගුලක්ද කියලා tv එක off කරන්න ඇති.
🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆
This is my first fan fiction. I think i'm just ok this story.
Please vote and comment.
Always shine, dream smile